මාස තුනහමාරක ළදරුවෙකුගේ ජනනේන්ද්‍රිය පිලිස්සී යැයි පොලොන්නරුවේ පදිංචි මෙහෙකාරියක් අත්අඩංගුවට ගැනීමට සොයන බව පිලියන්දල පොලිසිය කියයි.
පිලියන්දල මාම්පේ පදිංචි පෞද්ගලික ගණනාධිකාරීවරයෙකු හා විධායක නිළදාරීවරියක් මෙහෙකාරිය ගැන සැක සිතී පඩි නඩි බේරා ගෙදර යැවූ බව ඔවුන් පොලිසියට කියා ඇත.
මෙය පිලිස්සීමක් බව තහවුරු කරගෙන ඇත්තේ සිගිත්තා බොරැල්ලේ ළමා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැඩි දඬුවම් දෙන්නෙ ඕනේ (අ)
එයාටත් ඊට සමානම දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
මේ අම්මණ්ඩිව මට අහුවුණොත් හොද දඩුවමක් දෙනවා. (නි)
සොයා දඩුවම් දෙන්න මොකද දරුවන්ට කරදර කරනවාට මම විරුද්දයි (දී)
මේ අම්මත් අර රිසානට දරුවා බලාගන්න දීලා ඇවිදින්න ගිය අම්මාට දෙවෙනි නෑ (ස)
දඩුවම් දිය යුත්තේ උගත් දෙමවිපියන්ටයි. අඩු තරමේ අවුරුද්දක් යනකල්වත් තමන්ගේ දරුවන් තමන් බලා කියා නොගත්තට.(නදී)
නැත්නම් මෙයාට මතක හිටින්න අම්මා ඉදිරියේම දඬුවමක් දුන්නානම් හරි (ස)
වසර 2ක් යනකම් දරුවගේ රැකවරණය අම්මා සතු විය යුතුයි... (ස)
පවු කිරි සප්පයෝ... (නි)
මේ ගෑනිව තියන්න වටින්නේ නෑ (ස)
මෙයාට මට පෙනෙන හැටියට මානසික රෝගයක් තියෙනවා. (නි)
ඒ ගෑනිටත් ඒ දේම කරන්න ඕන. (ස)
මෙහෙකාරිය මුලින් සේවය කර තිබුනේ සවුදි වලද දන්නෙ නෑ. මොකද මෙවැනි සිදුවීම් අපිට අහන්න ලැබුනේ මැද පෙරදිග රටවලිනුයි...(ස)
දඩුවම් දෙන්න ඕනේ තමයි (දී)
ළමයින් කියන්නේ මල් වගේ (දී)
වහාම සොයන්න (දී)
මාස තුනහමාරක දරුවෙක් බලාගත යුත්තේ මෙහෙකාරියක්ද? (නි)
ආයා කෙනෙක් ගැනීමේදී ඇය තුළ දරුවාට කරුණාවක් දයාවක් දැක්වීමට තරම් උගත්කමක් තිබේදැයි බලන්න. (නි)
අනේ මන්දා මෙහෙමත් ගැහැණු! (නි)
මේ කාන්තාවට පිස්සුද (අ)
මේ ආත්මේදීම පලදේවි (අ)
මේ මෙහෙකාරියට අදාළ ඉන්ද්‍රිය සමග කුමක් හෝ පරණ තරහක්වත් තිබුණාද දන්නෙ නැහැ. (නි)
දන්නා ඕනේ හිරේ අල්ලලා (දී)