IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බස්නාහිර පළාත් බැඞ්මින්ටන් ශූරතාව ඕවල් ක‍්‍රීඩා සමාජයට

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 39 වැනි බස්නාහිර පළාත් අන්තර් ක‍්‍රීඩා සමාජයීය කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කොටසේ පිරිමි ශූරතාව  ඕවල් බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය දිනා ගත්තේය. අපොන්සු බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය ‘ඒ’ කොටසේ කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත්විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී තරගාවලිය පැවැත්විණ. ඒ, බී, සී සහ ඞී ලෙස කාණ්ඩ හතරකින් පිරිමි කණ්ඩායම් තරග පැවැති අතර ඒ, බී සහ සී යන කාණ්ඩ තුනකින් කාන්තා තරග ක‍්‍රියාත්මකවිය. මෙවර තරගාවලියට බස්නාහිර පළාතේ ආයතන සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 46 ක් සහභාගිවිය. එෆ්. කේ. සී. අයි. ඒෂියා සමාගම තරගාවලියට ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන අතර ඇස්ට්‍රොන් සමාගම සම අනුග‍්‍රහය දක්වයි. අවසන් තරග ප‍්‍රතිඵල: ‘ඒ’ කාණ්ඩය (පිරිමි) ඕවල් බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය විසින් ගුවන් හමුදා ‘ඒ’ පිල පරාජය කරන ලදී. (3/1) ‘ඒ’ කාණ්ඩය (කාන්තා) අපොන්සු බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය විසින් ගුවන් හමුදා පිල පරාජය කරන ලදී. (2/1) ‘බී’ කාණ්ඩය (පිරිමි) බැන්ක් හිල් ක‍්‍රීඩා සමාජයීය ‘ඒ’ පිල විසින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (3/1) ‘බී’ කාණ්ඩය (කාන්තා) බැන්ක් හිල් ක‍්‍රීඩා සමාජයීය ‘ඒ’ පිල විසින් මොරටුව විශ්ව විද්‍යාලය පරාජය කරන ලදී. (2/0) ‘සී’ කාණ්ඩය (පිරිමි) ඕල්ඞ් තෝමියන් බැඞ්මින්ටන් සමාජය විසින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (3/20 ‘සී’ කාණ්ඩය (කාන්තා) වික්ටෝරියා බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය විසින් පැපිලියාන බැඞ්මින්ටන් සමාජය පරාජය කරන ලදී. (2/0) ‘ඞී’ කාණ්ඩය (පිරිමි) කළුතර දිස්ත‍්‍රික් බැඞ්මින්ටන් සංගම් පිල විසින් ජෝනියන්ස් බැඞ්මින්ටන් සමාජය පරාජය කරන ලදී. (3/0)



අදහස් (0)

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් ශූරතාව ඕවල් ක‍්‍රීඩා සමාජයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site