බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 39 වැනි බස්නාහිර පළාත් අන්තර් ක‍්‍රීඩා සමාජයීය කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කොටසේ පිරිමි ශූරතාව ඕවල් බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය දිනා ගත්තේය. අපොන්සු බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය ‘ඒ’ කොටසේ කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත්විය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී තරගාවලිය පැවැත්විණ.
ඒ, බී, සී සහ ඞී ලෙස කාණ්ඩ හතරකින් පිරිමි කණ්ඩායම් තරග පැවැති අතර ඒ, බී සහ සී යන කාණ්ඩ තුනකින් කාන්තා තරග ක‍්‍රියාත්මකවිය. මෙවර තරගාවලියට බස්නාහිර පළාතේ ආයතන සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 46 ක් සහභාගිවිය.
එෆ්. කේ. සී. අයි. ඒෂියා සමාගම තරගාවලියට ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන අතර ඇස්ට්‍රොන් සමාගම සම අනුග‍්‍රහය දක්වයි.
අවසන් තරග ප‍්‍රතිඵල:
‘ඒ’ කාණ්ඩය (පිරිමි)
ඕවල් බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය විසින් ගුවන් හමුදා ‘ඒ’ පිල පරාජය කරන ලදී. (3/1)
‘ඒ’ කාණ්ඩය (කාන්තා)
අපොන්සු බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය විසින් ගුවන් හමුදා පිල පරාජය කරන ලදී. (2/1)
‘බී’ කාණ්ඩය (පිරිමි)
බැන්ක් හිල් ක‍්‍රීඩා සමාජයීය ‘ඒ’ පිල විසින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (3/1)
‘බී’ කාණ්ඩය (කාන්තා)
බැන්ක් හිල් ක‍්‍රීඩා සමාජයීය ‘ඒ’ පිල විසින් මොරටුව විශ්ව විද්‍යාලය පරාජය කරන ලදී. (2/0)
‘සී’ කාණ්ඩය (පිරිමි)
ඕල්ඞ් තෝමියන් බැඞ්මින්ටන් සමාජය විසින් පානදුර ක‍්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (3/20
‘සී’ කාණ්ඩය (කාන්තා)
වික්ටෝරියා බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය විසින් පැපිලියාන බැඞ්මින්ටන් සමාජය පරාජය කරන ලදී. (2/0)
‘ඞී’ කාණ්ඩය (පිරිමි)
කළුතර දිස්ත‍්‍රික් බැඞ්මින්ටන් සංගම් පිල විසින් ජෝනියන්ස් බැඞ්මින්ටන් සමාජය පරාජය කරන ලදී. (3/0)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd