
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර))
චෝදනා තියෙන බලශක්ති ඇමති ඉල්ලා අස්වන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එවැනි චෝදනාවක් තිබෙන අයෙක් ඉල්ලා අස්වීමට විපක්ෂය කියන තුරු සිටිය යුතු නැති බවද රාජපක්ෂ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවැසූයේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
"බාල ගල් අඟුරු ගෙනාවා කියලා ඇමැතිවරු අද පිළිගන්නවා.හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට.ආණ්ඩුවම කියනවා බඩුබාලයි කියලා. ඒ පාඩුව ජනතාවගෙන් අය කර ගැනීම සාධාරණද?
ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ලග චෝදනා තියෙන හොරකම් කරපු කවුරුත් නෑ කියලා.හැබැයි දැන් බලශක්ති ඇමතිට අධිචෝදනා ගොනු කරලා තියෙනවා. හරිනම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ ඉල්ලා අස් වෙන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇහුණේ නෑ මොකක්ද කිව්වේ...?
තමුසෙලාගේ කාලයේ කෙරුව හොරකම් වලට ඔය කියන විදිහටඉල්ලා අස්වුණා නම් එහෙම, ජනාධිපතිගේ ඉදලා මුළු ආණ්ඩුවම අපිට පිටරටකින් ආනයනය කරන්න වෙනවා !
කොහෙන්ද දන්නෙ නෑ කතා කරන්නේ. කෙහෙළිය ලා, ප්‍රසන්න රණතුංගලා, ඉල්ලා අස්වුන විදිහ අපිට මතකයි. ඒ කාලේ එහෙම ඉල්ලා අස්වුනා නම් පාර්ලිමේන්තුවේ ඉතුරුවෙන්නේ NPP තුන් දෙනා විතරයි.
දැන් ඔහෙට තියෙන චෝදනාවල ඔහේ සි දිවි හානි කරගන්න ඕනේ. අපි යෝජනා කරන්නද?
මේ මනුස්සයට අමතකවීමේ ලෙඩක්. ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න. පව් තරුණ ජීවිතයක්...
අනේ කවුරුවත් නැද්ද මේ මෝඩයාට කියලා දෙන්න. නීතිවේදී උපාධියක් ගත්තු පළියට මහාධිකරණ විනිසුරු කෙනෙක් වෙන්න බෑ කියන එක. හිතාගෙන ඉන්නේ එහෙම කෙනෙක්නේ...