
(එම්.සුසිල් පියන්ත)
බලපිටිය වඳදූව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන අද (8) පස්වරුවේ පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ බලපිටිය හීනටියේ පදිංචි මහේෂ් කුමාර නමැති දෙදරු පියෙකි.
ඔහු තීරෝද රථ රියදුරෙක් බවද පොලීසිය කියයි.
ඝාතනයට හේතුව අනාවරණය නොවූ බවත් ඝාතකයා පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
මේ ඝාතනය පිළිබඳව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd