IMG-LOGO

බ්‍රෙසියා පන්සලේ වස් පිංකම

ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ 2012 වාර්ෂික කඨින මහා පිංකම විහාරාධිපති රාජකීය පණ්ඩිත වතෝගල ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ භාරකාර මණ්ඩලයේ පූර්ණ දායකත්වයෙන් පැවැත්විණි. මෙම පිංකමට වෙරෝනා, විචෙන්සා, පාදෝවා මිලානෝ යන අවට නගරවලින් විශාල පිරිසක් සහභාගී වූ අතර, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව හා ඉතාලිය යන රටවලින් මහා සංඝරත්නය වැඩම කළහ. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ප්‍රංශයේ ජේතවන විහාරාධිපති රාජකීය පණ්ඩිත මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිංකමට එක්සත් රාජධානියේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි අනුස්මරණ පදනමේ අධ්‍යක්ෂ බඹරබොටුවේ ආනන්ද මංගල හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමි, කැනඩාවේ මොන්ට්‍රියල් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති දොඩම්පහල විපුලසිරි හිමි, නාපෝලි බෞද්ධ විහාරාධිපති පනංගල වජිරඤාණ හිමි, මෝදනා මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමි, වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩවලවේ ඤාණානන්ද හිමි, වෙරෝනා වෙනෝතෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජාපිටියේ සංතුසිත හිමි, ත්‍රෙන්තෝ විශ්ව විද්‍යාලයේ දෑරංගල කුසලඤාණ යන හිමිවරු වැඩම කළහ.  



අදහස් (0)

බ්‍රෙසියා පන්සලේ වස් පිංකම

දුමින්ද Tuesday, 13 November 2012 06:02 PM

ආනන්ද හරියට හරි. ගාමිණිත් ඇත්ත කියන්නෙ. අපි නිවන් දැකලා ගොඩක් කල් යනවා හාමුදුරුවරුන්ට නිවන් දකින්න. (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 22 December 2016 06:50 PM

සාදු සාදු සාදු!!!

:       0       0

මානෙල් Tuesday, 13 November 2012 08:40 PM

හාමුදුරුවන්ට ගරහන අය සතර අපායේ යනවා. (නි)

:       0       0

ගාමිණි Tuesday, 13 November 2012 04:55 PM

රස්සාවල් කරන, කාන්තාවන් සමග කාර් රථ වල ගමන් බිමන් යන හාමුදුරුවරුනුත් ඉන්නවානේ අද කාලේ. (නි)

:       0       0

අසේල Tuesday, 13 November 2012 12:59 PM

නියම වැඩ..ලෝකෙට ආදර්ශයක් (ස)

:       0       0

පාලි Tuesday, 13 November 2012 12:45 PM

සියලු දෙනාටම තෙරුවන් සරණයි! (නි)

:       0       0

ආනන්ද Tuesday, 13 November 2012 01:03 PM

ප්‍රදර්ශන තමයි..බුදු දහම තියෙන්නේ ඊට ගොඩක් ඈතින් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 665 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site