ජර්මනියේ බර්ලින් විහාරයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි. ජර්මන් ධර්මදූත, සංගමයේ උප සභාපති තිස්ස වීරරත්න මහතා ඇතුලු ජර්මනියේ වෙසෙන කාම්බෝජ, ලාඕස්, තායිලන්ත සහ ශ්‍රි ලාංකා බෞද්ධයින් සංවිධානය කළ මෙම පින්කමට දොඩම්පහළ රාහුල, ගොඩඋඩ අරියධම්ම, පූජාපිටියේ නන්දසික, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය විජයරාජපුර සීලවංශ, හැම්බර්ග් ශ්‍රී වජිරඥාණ ධර්මායනාධිපති තලපාවිල කුසලඥාණ ඉතාලියේ මිලානෝ ශ්‍රී ලංකාරාමයේ බඩල්කුඹුරේ ධම්මසිරි ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා විහාරාධිපති ලේඬියාගල සුදස්සී හිමිවරු වැඩම කළහ.
ජර්මනියේ ශ්‍රි ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා ද මෙම අවස්ථාවට පැමිණියේය. කඨිනානිසංස ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත දොඩම්පහල රාහුල හිමියෝ සිංහල බසින්ද ඕස්ට්‍රියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය විජයරාජපුර සීලවංශ හිමියෝ ජර්මන් බසින් ද පැවැත්වූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේමොකද ඔය සිවුර පාට පාටවල්ලින් ඇදගෙන ඉන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේට තිබුනේ එකපාටයි නේද ? (ස)