ලන්ඩනයේ බර්මින් හැම් බෞද්ධ විහාරයේ විසි වැනි සංවත්සරය විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු විය. ලන්ඩනයේ ප්‍රධාන සංඝ නායක හා ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද සෙසු ආගමික නායකයෝ ද ලන්ඩන් පුරපති ද, ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද, ආරාධිතයෝ වූහ. මහා රැජින නියෝජනය කරමින් ජග්ජිට් ටෝසක් සාමිවරයා ද ලන්ඩනයේ ඉන්දියා මහා කොමසාරිස් ද දේශන පැවැත් වූහ. ලන්ඩනයේ ආගමික හා ප්‍රජා සාමුහිකත්වය මේ උත්සවයේ කැපී පෙණිනි.










2025 දෙසැම්බර් මස 04
794
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බර්මිංහැම් පන්සල විසිවසර සපුරයි
සමන් Friday, 02 November 2012 11:05 AM
සම්පත්; සුරංග හරි. කවර රටකට ගියත් භික්ෂූන් විනය රැකිය යුතුයි. කේක් කපන වැඩේ ගිහියන්ට භාරදෙන්න තිබුනා.(ස)
කෞශල්‍යා Thursday, 01 November 2012 08:21 PM
තවත් චිරාත් කාලයක් මේ පන්සල බොදු භක්තිකයන්ට පින් බිමක් වී බැබළේවා! (නි)
වජිර Thursday, 01 November 2012 10:18 PM
බුදු දහමට අනුව කේක් කපලා උත්සව සැමරීම විරුද්ධයි මම හිතන්නේ. (නි)
චතූ Friday, 02 November 2012 01:20 PM
කියන දෙයක් අහන්නෙ නෑනෙ ඔයාලට නිවන් අවබෝධ වෙන්න තව කල්ප ගානක් යයි...හම්(ස)
චමිලා Friday, 02 November 2012 09:56 PM
සම්පත් හරි කියලා මමත් හිතනවා. (නි)
තාරක Friday, 02 November 2012 12:09 AM
සිවුරක් ඇදගත්තු පළියට කවුරුවත් භික්ෂුවක් වෙන්නේ නැහැ. (ස)
ජායි Friday, 02 November 2012 12:59 AM
බර්මින් හැම් පන්සලට ලන්ඩන් සිට හැතැප්ම 125ක් දුරින්..!(නු)
චන්දුසිරි Friday, 02 November 2012 01:14 AM
සාදු සාදු සාදු...!(නු)
සම්පත් Friday, 02 November 2012 01:18 AM
මේ හාමුදුරුවෝ කාන්තාවකගේ අතත් අල්ලගෙන් කේක් කපනවා නේද? මේක ද අපේ හාමුදුරුවනේ විසිවසරක ධර්මප්‍රචාරය? සර්වාගමික කට්ටිය නිසා යන්තම් පුටු ටික පිරුනා.(නු)
ඩබ්.එම්. සුගන්ද Friday, 02 November 2012 02:26 AM
සාදු සාදු සාදු පිං අනුමෝදං වේවා.! බුදු සරණයි..!(නු)
යාපා Saturday, 03 November 2012 08:43 PM
සන්තෝසයි
චතූ Friday, 02 November 2012 09:12 AM
මෙහෙමයි...... කේක් එකක් කැපුවේ ඒ රටේ සිරිතක් නිසා ඕකට උරණ වෙන්න එපා - සීතල රටවල් වල මිනිස්සු අතින් අල්ලන්නෙ උණුහුමක් දෙන්න නැතුව නරක අදහසකින් නෙවෙයි. අපේ අය හිත හදාගෙන දාන ශීල භාවනා ආදී ත‍්‍රිවිධ පුණ්‍ය ක‍්‍රියාවල යෙදෙන්න මෝක්‍ෂය ලැබෙන්නෙ එතකොටයි. අනුන්ගෙ වැරදි හොයන්න හොයන්න හිත කිළිටි වෙනවා..නිවන් යන්න තියන දුර වැඩිවෙනවා. සිත පහන් කරගන්න මෛත‍්‍රී කරන්න (ස)
සුරංග Friday, 02 November 2012 09:52 AM
රට රටවල සිරිත් හාමුදුවුවරු කරන්න ඕනේ නම්, බුදුදහමේ විනය පිටකය කුමකටද? සම්පත් හෙව්වේ අනුන්ගේ වැරදි නෙවෙයි, අපේම බුදුදහමේ විනය ට නොගැලපෙන කාරනාවක්. නිහතමානීව ඒවා හදාගැනීමයි අප කලයුත්තේ.(ස)