ලන්ඩනයේ බර්මින් හැම් බෞද්ධ විහාරයේ විසි වැනි සංවත්සරය විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු විය. ලන්ඩනයේ ප්‍රධාන සංඝ නායක හා ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද සෙසු ආගමික නායකයෝ ද ලන්ඩන් පුරපති ද, ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද, ආරාධිතයෝ වූහ. මහා රැජින නියෝජනය කරමින් ජග්ජිට් ටෝසක් සාමිවරයා ද ලන්ඩනයේ ඉන්දියා මහා කොමසාරිස් ද දේශන පැවැත් වූහ. ලන්ඩනයේ ආගමික හා ප්‍රජා සාමුහිකත්වය මේ උත්සවයේ කැපී පෙණිනි.










1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් චිරාත් කාලයක් මේ පන්සල බොදු භක්තිකයන්ට පින් බිමක් වී බැබළේවා! (නි)
බුදු දහමට අනුව කේක් කපලා උත්සව සැමරීම විරුද්ධයි මම හිතන්නේ. (නි)
සිවුරක් ඇදගත්තු පළියට කවුරුවත් භික්ෂුවක් වෙන්නේ නැහැ. (ස)
බර්මින් හැම් පන්සලට ලන්ඩන් සිට හැතැප්ම 125ක් දුරින්..!(නු)
සාදු සාදු සාදු...!(නු)
මේ හාමුදුරුවෝ කාන්තාවකගේ අතත් අල්ලගෙන් කේක් කපනවා නේද? මේක ද අපේ හාමුදුරුවනේ විසිවසරක ධර්මප්‍රචාරය? සර්වාගමික කට්ටිය නිසා යන්තම් පුටු ටික පිරුනා.(නු)
සාදු සාදු සාදු පිං අනුමෝදං වේවා.! බුදු සරණයි..!(නු)
මෙහෙමයි...... කේක් එකක් කැපුවේ ඒ රටේ සිරිතක් නිසා ඕකට උරණ වෙන්න එපා - සීතල රටවල් වල මිනිස්සු අතින් අල්ලන්නෙ උණුහුමක් දෙන්න නැතුව නරක අදහසකින් නෙවෙයි. අපේ අය හිත හදාගෙන දාන ශීල භාවනා ආදී ත‍්‍රිවිධ පුණ්‍ය ක‍්‍රියාවල යෙදෙන්න මෝක්‍ෂය ලැබෙන්නෙ එතකොටයි. අනුන්ගෙ වැරදි හොයන්න හොයන්න හිත කිළිටි වෙනවා..නිවන් යන්න තියන දුර වැඩිවෙනවා. සිත පහන් කරගන්න මෛත‍්‍රී කරන්න (ස)
රට රටවල සිරිත් හාමුදුවුවරු කරන්න ඕනේ නම්, බුදුදහමේ විනය පිටකය කුමකටද? සම්පත් හෙව්වේ අනුන්ගේ වැරදි නෙවෙයි, අපේම බුදුදහමේ විනය ට නොගැලපෙන කාරනාවක්. නිහතමානීව ඒවා හදාගැනීමයි අප කලයුත්තේ.(ස)
සම්පත්; සුරංග හරි. කවර රටකට ගියත් භික්ෂූන් විනය රැකිය යුතුයි. කේක් කපන වැඩේ ගිහියන්ට භාරදෙන්න තිබුනා.(ස)
කියන දෙයක් අහන්නෙ නෑනෙ ඔයාලට නිවන් අවබෝධ වෙන්න තව කල්ප ගානක් යයි...හම්(ස)
සම්පත් හරි කියලා මමත් හිතනවා. (නි)
සන්තෝසයි