තංගල්ල මැඩිල්ල නිවාඩු නිකේතනයක නත්තල් සාදයකදී පිහිවලින් කපා කොටා වෙඩි තබා බි‍්‍රතාන්‍ය ජාතික ඉසෙඞ් ෂයිෆ් (32) ඝාතනය කිරිම සම්බන්ධයෙන් 28 වැනිදා පොලිසියට බාර වූ සැකකරුවන් තිදෙනකු ප‍්‍රකාශ සටහන් කර මුදා හළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි. මේ තිදෙනා ඝාතනයට සෘජුව සම්බන්ධ වී නැති බව පරීක්ෂණවලදී තහවුරු වී යැයි තංගල්ල පොලිස් අධිකාරි සී.ඊ. වෙදිසිංහ මහතා පවසයි. මෙම ඝාතනය සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදාන පතිරණ සහ ඔහුගේ පෞද්ගලික ලේකම් තලගම ප‍්‍රගීත් චතුරංග ඇතුළු පස්දෙනෙක් රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හොද ආදායමක් ලැබේවී !
අපේ සන්ධානේ ඇත්තෝ ඕවා කරන්නේ නැහැ. මමනම් හිතන්නේ ඔය විදේශිකයා මුලින්ම වෙඩි තියලා, ඊට පස්සේ තමන්ටම වෙඩි තියාගෙන, තමන්ම කපා කොටාගෙන මැරුණා කියලා. ඒකට අපේ සභාපති පලිද?
ඕක සුලු දෙයක්නෙ අර විභාගය වගේ
අනිවර්යෙන්ම ඔය සභාපති එළියට එයි. මොකද එයා අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක්ගේ හොදම යාලුවෙක්ලු
මේක නම් රටට හොද දෙයක් නෙමෙයි. මේවා කරන අයට උපරිම දඩුවම් දෙන්න ඕනා ලෝකෙට පෙන්නන්නත් එක්ක. ඒ වගේම අපේ මිනිස්සුත් පිටරටවලදී අනන්තවත් මරල දානවා. මේ වගේ ඒවා ගැනත් මීට වඩා හිතන්න ඕනා
අනේ ඕකත් යටගහල දාන්නකෝ අර අනෙක් ඒව වගේ
රට කන්න ඉපිදිච්ච අය. ආගන්තුකයින්ට සලකන්නවත් නොදන්න .......
ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද?
මේක ලංකාවනේ
මේක වැරදියි තමයි. හැබැයි හැම දේටම ආණ්ඩුවට බැනල වැඩක් නැහැ. මිනිස්සු කරන කියන හැමදෙයක්ම ආණ්ඩුවට පාලනය කරන්න බැහැ. ඔය වගේ කතා කියන්නේ මානසික ලෙඩ්ඩු බවට පත්වෙලා සිටින එජාප සහ ජ්විපෙ අය තමයි. මොළේ තියන අය තේරුම් ගන්නවා.
තංගල්ල වැල්ල හිස්
ඕක විදේශිකයකුට වුණ නිසා ටිකක් හරි හොයනවා.
මේක වග කියන්න ඕන දේශ පාලකයෝ
වැරැදි දේ වැරැදිමයි. බලය අයුතු ලෙස පරිහරණය කරන්න හොද නෑ. මේවගේ වැඩ වලින් රටේ නමටත් හොද නැහැ