බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල හා හපුතලේ අතර අද පෙරවරු 10.10ට පමණ පස් කන්දක් කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී වාහන ගමනාගමනය නතර විය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමල් , මම හිතන විදියට ඔය පාරවල් දෙකම අලුතින් හදපු පාරවල් (මහියංගන -නුවර , හපුතලේ -බෙරගල ). හදන්න කලින් ඔය වගේ අනතුරු උනේ නැහැ .හැදුවට පස්සේ අඩුපාඩු තියෙන්න පුළුවන් . ඉතින් අපොන්සු කියන එකත් පොඩ්ඩක් හිතල බලන්න. හැම දේකටම හරහට ඉන්නේ නැතුව. මේ වගේ වෙබ් එකකට ගිහින් පොඩ්ඩක් ඉගෙන ගන්න. http://www.fao.org/docrep/006/T0099E/T0099e06.htm. (ස)
අද අට වංගුව දිගහැරියේ පරිසරය ගැන නොසිතායි. අපි ඒ කාලේ ගස් කපනවට විරුද්ධ වුණත් කවුරුවත් ඇහුවේ නැහැ. (නි)
අපි සිවිල් ඉංජිනේරු ශිල්පය ඉගෙනගන්නා මුල් කාලෙදි නම් අපිට කියලා දුන්නේ මොන ශිල්පය ඉගෙනගත්තත් යමක් කරද්දී මුලින්ම භූගෝලීය, දේශගුණික සහ රටේ ආර්ථික තත්ත්වය ගැන බලන්න කියලයි. (නි)
ගමගේ මහත්තයෝ , ඔයා හරි. කිසිම වගකීමක් නැතුව තමා ඔය පාරවල් ඔක්කොම හැදුවේ . පාරවල් හදන්න කලින් නිකුත් කරන පරිසර වාර්තාව අනුව ඔය එක පාරක්වත් ලොකු කරේ නෑ . කොන්ත්‍රාත් සමාගම් සල්ලි ගන්න එයාලට ඕනි ඕනි විදියට වැඩ කරා (ස)
කල්පනාවෙන් ඉන්න (දී)
අපොන්සු කියපු දේ හරියටම හරි. (නි)
මට පෙනෙන්නේ ගමගේ මහත්තයා පහුගිය අවුරුදු 10 තුළ ලංකාවේ නෙමෙයි වගේ ඉඳලා තියෙන්නේ. (නි)
ඊයේ අපොන්සු කියල මහත්තයෙක් දහඅට වංගුවේ නායයාම් ගැන බොහොම විද්‍යානුකුලව අදහස් ඉදිරිපත් කරලා තිබ්බ. එයාට මේ වැස්ස පෙනිලා තියෙන්නේ සුළු වැස්සක් විදිහට. එය කියනවා අපි ජර්මනියේ විදිහට පාරවල් හදන්න ඕනෑලු. මේ වැස්සට සුළු වැස්ස කියන කෙනෙක්ගේ විද්‍යාත්මක දැනුම කෙසේ වෙතත් සාමාන්‍ය දැනුම ගැන හිතා ගන්න පුළුවන්. (නි)
රටේ හැමතැනකම මහජනතාවට හිරිහැර, කරදර ගෙනදුන් මේ වැස්ස දැන්වත් පායනවා නම්... (නි)