IMG-LOGO

බොරු මඟුලේ මනාලිය රිමාන්ඩ්

ලන්ඩනයේ පදිංචි වී සිටීම සඳහා බොරු විවාහයක් කැර ගන්නට සැරැසෙද්දී විවාහ ලේකම් කාර්යාලයට කඩා වැදුණු ලන්ඩනයේ දේශසීමා ඒජන්සිය විජේකෝන් මුදියන්සේලාගේ අචලා උදේශිකා බණ්ඩාර (24) නම් තරුණිය අත්අඩංගුවට ගත්තේය. ඇය රිමාන්ඞ් කළ විනිසුරු වීඩියෝ මගින් යලි උසාවියේ පෙනී සිටින ලෙස ඇයට නියෝග කලේය. ‘මනාලයා’ හා සාක්කිකරුවෝ දෙදෙනා ඇප මත මුදාහරිනු ලැබූහ. එංගලන්තයේ නතරවීම සඳහා මෙවැනි බොරු විවාහ කැරගනිතියි එරට දේශසීමා ඒජන්සිය කියයි.



අදහස් (0)

බොරු මඟුලේ මනාලිය රිමාන්ඩ්

අමිල කටුනායක Tuesday, 27 November 2012 08:44 PM

බොරුවට බැන්දට ඇත්තට වැඩ වෙයි ද කවුද දන්නෙ..!(නු)

:       0       0

චතූ Wednesday, 28 November 2012 11:08 AM

ඇයි බුද්ධි ඔයා නුවැරපැත්තේ කාට හරි අහුවුණාද ?.(ස)

:       0       0

අජිත් Tuesday, 27 November 2012 09:58 PM

බොරු මගුල් ලියාපදිංචි කළා වගේ නෙමෙයි ඒ මනුස්සයා ඒක අවලංගු කරන්න බැහැ කිව්වොත් මොකද කරන්නෙ...?(නු)

:       0       0

පද්මි Wednesday, 28 November 2012 11:41 AM

ඕවා අමුතු දේවල්ද ? නම ගම එක්ක දැම්මානම් කාගෙන් නමුත් පලිගැනීමක් .(ස)

:       0       0

නලින් Wednesday, 28 November 2012 12:06 PM

නම දාපු එකනම් හොඳ නෑ .(ස)

:       0       0

බුද්ධි Wednesday, 28 November 2012 12:29 AM

මේ වගේ වැඩ ඕස්ට්‍රේලියාවෙත් හරියට කරනවා.. ඒක ලංකාව අය අතර ප්‍රසිද්ධ රහසක්.. කොහොම උනත් බොරු විවාහ විතරක් නෙමෙයි බොරු කියලා විවාහ කරගන්නත් ප්‍රසිද්ධ නුවර පැත්තේ උදවිය තමයි..!(නු)

:       0       0

සුනිල් Thursday, 29 November 2012 11:24 PM

නම දාලා අපහාස කරන්න තරම් දෙයක් නෙමෙයි නේද මේක.. මේක සාමාන්‍ය දෙයක්..!(නු)

:       0       0

සුමනා Thursday, 29 November 2012 11:20 PM

මේ නම ඉවත්කරලා දාන්න පුළුවං නම් හොදයි.. මොනවා උනත් ගැහැණු කෙනෙක්නේ.. ඒක එයාට හොද නැහැ.. මේක ඒ තරම් අපහාස කරන්න ඕන දෙයක් නෙමෙයි..!(නු)

:       0       0

දයා සෞදි Tuesday, 27 November 2012 06:11 PM

අපරාදෙ විවාහ වෙලා පහුවදානෙ අත්අඩංගුවට ගන්න තිබුණෙ..!(නු)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 07:47 AM

බුද්ධිට මොකක් හරි අකරතැබ්බයක් වෙලා තියෙනවා නුවර පැත්තෙන් (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 27 November 2012 06:37 PM

කොහොමත් හිරේනෙ..!(නු)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 02:34 PM

නම දැම්මේ නැත්නම් නලීන් වුනත් අහුවෙන්න පුළුවන් අයිත් සැරයක් බදිනකොට. (ත)

:       0       0

නිකුම් Wednesday, 28 November 2012 08:49 AM

අයියෝ මෙහෙමත් මගුල් ගෙවල් (දී)

:       0       0

ලලිත් කටාර් Tuesday, 27 November 2012 07:21 PM

අනේ මන්දා මෙච්චර අපේ රටේ මිනිස්සුන්ට එපා වෙලාද? මට හිතෙන විදියට දේශපාලකයන්ට විතරයි එපා වෙලා නැත්තෙ..? (නු)

:       0       0

විශ්ව Tuesday, 27 November 2012 07:40 PM

රිමාන්ඩ් කරන්නම තමයි වටින්නේ (දී)

:       0       0

තිලක් Tuesday, 27 November 2012 07:44 PM

කොහොම නමුත්ඇගේ නම පත්තරේ දාපු එක නම් හොඳ නෑ. ටිකක් කල්පනා කලානම් හොඳයි නේද? ලංකාවේ නිළියෝ ගණිකා මඩම් පවත්වාගෙන ගිහින් අහුවුනාමවත් නම නැතිව ප්‍රසිද්ධ නිළියක් කියල දානවා. මේක හරියට පාසල් වලට ළමයි දාගන්න බොරු පදිංචිය දාල ලියවිලි හදනවා වගේ වැඩක් විතරයි. වරදක් තමයි. එත් නම දාල මේ තරම් අපහාසයක් කරන්න තරම් අපරාධයක් නොවෙයි. මේ විවාහ උනාට කවදාවත් ඔවුන් එකට ඉන්නේ නෑ. මුදල අරන් යන්න යනවා. එක නාකි සුද්දන්ගේ රස්සාවක් වෙලා. (ස)

:       0       0

ශාන්ති Wednesday, 28 November 2012 10:12 AM

නුවර විතරමද එහෙම වැඩ කරන්නේ . මොකද්ද අකරතැබ්බයක් වෙලා වගේ බුද්ධිට (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 763 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site