ලන්ඩනයේ පදිංචි වී සිටීම සඳහා බොරු විවාහයක් කැර ගන්නට සැරැසෙද්දී විවාහ ලේකම් කාර්යාලයට කඩා වැදුණු ලන්ඩනයේ දේශසීමා ඒජන්සිය විජේකෝන් මුදියන්සේලාගේ අචලා උදේශිකා බණ්ඩාර (24) නම් තරුණිය අත්අඩංගුවට ගත්තේය. ඇය රිමාන්ඞ් කළ විනිසුරු වීඩියෝ මගින් යලි උසාවියේ පෙනී සිටින ලෙස ඇයට නියෝග කලේය. ‘මනාලයා’ හා සාක්කිකරුවෝ දෙදෙනා ඇප මත මුදාහරිනු ලැබූහ. එංගලන්තයේ නතරවීම සඳහා මෙවැනි බොරු විවාහ කැරගනිතියි එරට දේශසීමා ඒජන්සිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිට මොකක් හරි අකරතැබ්බයක් වෙලා තියෙනවා නුවර පැත්තෙන් (ස)
මේ නම ඉවත්කරලා දාන්න පුළුවං නම් හොදයි.. මොනවා උනත් ගැහැණු කෙනෙක්නේ.. ඒක එයාට හොද නැහැ.. මේක ඒ තරම් අපහාස කරන්න ඕන දෙයක් නෙමෙයි..!(නු)
නම දාලා අපහාස කරන්න තරම් දෙයක් නෙමෙයි නේද මේක.. මේක සාමාන්‍ය දෙයක්..!(නු)
නම දැම්මේ නැත්නම් නලීන් වුනත් අහුවෙන්න පුළුවන් අයිත් සැරයක් බදිනකොට. (ත)
නම දාපු එකනම් හොඳ නෑ .(ස)
ඕවා අමුතු දේවල්ද ? නම ගම එක්ක දැම්මානම් කාගෙන් නමුත් පලිගැනීමක් .(ස)
ඇයි බුද්ධි ඔයා නුවැරපැත්තේ කාට හරි අහුවුණාද ?.(ස)
නුවර විතරමද එහෙම වැඩ කරන්නේ . මොකද්ද අකරතැබ්බයක් වෙලා වගේ බුද්ධිට (ස)
අයියෝ මෙහෙමත් මගුල් ගෙවල් (දී)
අපරාදෙ විවාහ වෙලා පහුවදානෙ අත්අඩංගුවට ගන්න තිබුණෙ..!(නු)
මේ වගේ වැඩ ඕස්ට්‍රේලියාවෙත් හරියට කරනවා.. ඒක ලංකාව අය අතර ප්‍රසිද්ධ රහසක්.. කොහොම උනත් බොරු විවාහ විතරක් නෙමෙයි බොරු කියලා විවාහ කරගන්නත් ප්‍රසිද්ධ නුවර පැත්තේ උදවිය තමයි..!(නු)
බොරු මගුල් ලියාපදිංචි කළා වගේ නෙමෙයි ඒ මනුස්සයා ඒක අවලංගු කරන්න බැහැ කිව්වොත් මොකද කරන්නෙ...?(නු)
බොරුවට බැන්දට ඇත්තට වැඩ වෙයි ද කවුද දන්නෙ..!(නු)
කොහොම නමුත්ඇගේ නම පත්තරේ දාපු එක නම් හොඳ නෑ. ටිකක් කල්පනා කලානම් හොඳයි නේද? ලංකාවේ නිළියෝ ගණිකා මඩම් පවත්වාගෙන ගිහින් අහුවුනාමවත් නම නැතිව ප්‍රසිද්ධ නිළියක් කියල දානවා. මේක හරියට පාසල් වලට ළමයි දාගන්න බොරු පදිංචිය දාල ලියවිලි හදනවා වගේ වැඩක් විතරයි. වරදක් තමයි. එත් නම දාල මේ තරම් අපහාසයක් කරන්න තරම් අපරාධයක් නොවෙයි. මේ විවාහ උනාට කවදාවත් ඔවුන් එකට ඉන්නේ නෑ. මුදල අරන් යන්න යනවා. එක නාකි සුද්දන්ගේ රස්සාවක් වෙලා. (ස)
රිමාන්ඩ් කරන්නම තමයි වටින්නේ (දී)
අනේ මන්දා මෙච්චර අපේ රටේ මිනිස්සුන්ට එපා වෙලාද? මට හිතෙන විදියට දේශපාලකයන්ට විතරයි එපා වෙලා නැත්තෙ..? (නු)
කොහොමත් හිරේනෙ..!(නු)