බීම බෝතල්වල අඩංගු සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේතයක් එහි ලේබලයේ දැක්විය යුතු බවට වන නීතිය අද (1) සිට ක‍්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අදාළ ගැසට් පත‍්‍රය අනුව බීම මිලිලීටර් 100ක සීනි ග‍්‍රෑම් 11කට වැඩි බීම වර්ගවල රතු, සීනි ග‍්‍රෑම් 2 - 11ත් අතර ප‍්‍රමාණයක් අඩංගු බීම බෝතල්වල කහ සහ ග‍්‍රෑම් 2ට වඩා අඩු නම් කොළ වර්ණයෙන් සංකේතයක් යෙදීම අනිවාර්ය කර තිබේ.
එසේ වර්ණ සංකේත නොමැති බීම වර්ග විකුණන වෙළඳසල් වැටලීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. විකුණන වෙළඳසැල් හා නිපදවන වෙළඳසැල්ද වැටලීය යුතුයි (නි)
මේ පියවරනම් වඩාත් උචිතයි..(රේ)
පරණ තොගය අලුත් ලේබලය සහිතව නැවතත් වෙළෙද පොලට මුදලාලිලා දාවිද නැත්නම් අපට තාම අලුත් බීම හමුවුනේ නැහැ කියාවිද (අ)
ඉතාමත් හොඳ ක්‍රියාවක් බලමු නිෂ්පාදකයෝ මේ නීතිය හරියට පිළිපදී ද කියලා (බ)