IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බීම බෝතලයට අද සිට රතු එළි

බීම බෝතල්වල අඩංගු සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේතයක් එහි ලේබලයේ දැක්විය යුතු බවට වන නීතිය අද (1) සිට ක‍්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අදාළ ගැසට් පත‍්‍රය අනුව බීම මිලිලීටර් 100ක සීනි ග‍්‍රෑම් 11කට වැඩි බීම වර්ගවල රතු, සීනි ග‍්‍රෑම් 2 - 11ත් අතර ප‍්‍රමාණයක් අඩංගු බීම බෝතල්වල කහ සහ ග‍්‍රෑම් 2ට වඩා අඩු නම් කොළ වර්ණයෙන් සංකේතයක් යෙදීම අනිවාර්ය කර තිබේ.

එසේ වර්ණ සංකේත නොමැති බීම වර්ග විකුණන වෙළඳසල් වැටලීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.



අදහස් (0)

බීම බෝතලයට අද සිට රතු එළි

දූෂර Monday, 01 August 2016 01:09 PM

හොඳ වැඩක්. විකුණන වෙළඳසැල් හා නිපදවන වෙළඳසැල්ද වැටලීය යුතුයි (නි)

:       0       0

ඉසුරන්දි Monday, 01 August 2016 01:28 PM

මේ පියවරනම් වඩාත් උචිතයි..(රේ)

:       0       0

ඇලෙක්ස් විජේසේකර Monday, 01 August 2016 10:48 PM

පරණ තොගය අලුත් ලේබලය සහිතව නැවතත් වෙළෙද පොලට මුදලාලිලා දාවිද නැත්නම් අපට තාම අලුත් බීම හමුවුනේ නැහැ කියාවිද (අ)

:       0       0

උපාලි Monday, 01 August 2016 02:26 PM

ඉතාමත් හොඳ ක්‍රියාවක් බලමු නිෂ්පාදකයෝ මේ නීතිය හරියට පිළිපදී ද කියලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 427 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 594 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site