පසුගිය වසර කිහිපයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තරුණ පිරිස් අතර බුදුදහම පිලිබඳ ඇති උනන්දුවෙහි නව වර්ධනයක් ඇතිවී තිබෙන බව වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක මහරගම ධම්මසිරි නාහිමියන් පවසති.
උන්වහන්සේ මෙසේ පවසන්නේ වොෂින්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන භාවනා පන්ති සඳහා සහභාගීවීමට තරුණ ඇමෙරිකානුවන් දක්වන උනන්දුව සලකා බලමිනි.
වොෂින්ටන් නගරයේ පාසල් වලත් විශ්ව විද්‍යාල වලත් ඉගෙනුම ලබන සිසුන් සහභාගීවන භාවනා පන්ති සහ බෞද්ධ අධ්‍යාපන වැඩ සටහන් කිහිපයක්ම විහාරස්තානයේදී පැවැත්වෙයි.
අග්ගමහා පණ්ඩිත මඩිහේ පඥාසීහ මහනා හිමියන් විසින් 1965දී ස්ථාපිත කරන ලද වොෂින්ටන් බෞද්ධ විහාරය ඇමෙරිකාවේ ආරම්භ කළ ප්‍රථම ථෙරවාද විහාරස්ථානයයි.
නිර්මල බුදුදහම පිළිබඳව දැන හැඳින ගැනීම මෙන්ම අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන්නන් හට අවශ්‍ය උදව් උපකාර සහ පහසුකම් සලසාදීම මෙන්ම බෞද්ධ සැදැහැවතුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කටයුතු කිරීමද මෙම විහාරස්ථානයෙන් ඉටුවන මහඟු සේවාවකි.
වොෂින්ටන් නගරයේ පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම වෙනත් ජාතීකයෝද විහාරස්ථානයේ පැවැත්වෙන බන භාවනාදී වැඩ සටහන් සඳහා සහභාගී වෙති.
සතියේ හැම දිනකම භාවනා පන්ති පැවැත්වෙයි. මෙවර භාවනා පන්ති සඳහා සහභාගීවුයේ වොෂින්ටන් නුවර නැෂනල් කැතීඩ්‍රල්
පාසැලේ සිසු සිසුවියන්ය. අනුශාසනාව පවත්වන ලද්දේ මහරගම ධම්මසිරි නාහිමියන් විසිනි. භාවනා වැඩසටහන මෙහෙයවුයේ මණ්ඩාවල පඥාවංශ හිමියන් විසිනි. මන්ත්‍රීතැන්නේ සද්ධාලෝක හිමියන් භාවනා වැඩසටහන මෙහෙයවීම සඳහා සහාය විය.
වොෂින්ටන් වැනි තුන් තිස් පැයෙහිම ක්‍රියාත්මක සුවිසල් කාර්යබහුල අවිවේකී නගරයක ජීවත්වන්නන්හට බෞද්ධ භාවනා තුලින් අනුපමේය චිත්ත සමාදානයක් ලබාගත හැකිවන බව තමන්හට වැටහී ඇති නිසා මෙම භාවනා පන්ති සඳහා සහභාගීවන බව වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සිසුවියක කීවාය.
(පුස්තකාල ඡායාරූප)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙස්ලි, ඔයාගේ කියැවීමේ හැකියාව ගැන ගොඩක් සතුටු වෙනවා මම. කොහෙද ඉස්කෝල ගියේ? (නි)
පෙරඹරින් පායා නැගී පෙරදිග සසුන් කිස නොනිමිවුව අවරදිග ඉසුරු කතරෙහි අතරමංවූ මග නොමග නොදැන සරන අසරණ දනට කුළුණින් කෙම්බිමට මග කියන සසුන් අඹරෙහි කසුන් තරුවකි දම්සිරි මාහිමි සඳ (නි)
ප්‍රංශයේ මෙහෙම් නොවෙන එකයි කණගාටුව. (නි)
සෝම හාමුදුරුවෝ කියපු කතාව ඇත්ත. අපේ මිනුස්සුන්ගේ අදහස් දැක්කම කලකිරෙනවා.(ස)
අමිලගේ කතාව හරි. කියන්න දේවල් ගොඩක් තියනවා. වැදී බනකියලා වැඩක් නැහැ.කව්රු මොනා කිව්වත් තේරුම් ගන්න බුද්ධියක් තියෙන්න ඕනෑ. (නි)
කල් යනවා තේරෙන්න
බුදු සමිදුන්ගේ සිවුමෙලි රත්තරන් සිත වැදලා දිගාවී පිරිසිදු කර ගන්න සිත... අපි පුද දෙන මල් මිටි මිටි ගානෙ - සමිදුගේ ඉදිරියේ පරවෙනවානේ සමිදුගේ මුහුණේ ලස්සන වගේ - ලස්සන කිසි මලකත් නැහැනේ දයාබර හිතවත, විවේචනයට වඩා ආදර්ශය උතුම්. මේ බෞද්ධකම ලෝකවාසී ජනතාව සමග බෙදා හදා ගැනීමට පුළුවන් නම් මුළු ලෝකයම සාමයෙන් පිරි සමාජයක් බිහි වේ යැයි මගේ හැගිමයි. (නි)
නිහාල් ගේ සාහිත්‍ය, සිංහල රචනය ගැන වඩා සතුටු වන අතරම නැණ මනසින් ලොව බැලීම වඩා වැදගත් (නි)
මම ජීවත් වෙන්නේ අමෙරිකාවෙ නිව්යෝර්ක් වල. මම කීප අවස්ථාවක් වොෂින්ටන් පන්සලට ගිහින් තියෙනවා. වැඩිපුර පන්සලට එන්නේ ඇමරිකන් ජාතිකයන්. දිනපතා මෙම පන්සලේ භාවනා වැඩසටහන් පවත්වනවා.ශ්‍රී ලාංකිකයන් සහ ඇමරිකානු ජාතිකයන් මෙන්ම ඇමෙරිකාවේ පදිංචි ලා-ඕස්, වියට්නාම්, කාම්බෝජ, තායිලන්ත, බංගලාදේශ ඉන්දුනීසියා ආදී විවිධ රටවල් වල බෞද්ධ පිරිස් මෙම පන්සලට එනවා. ධම්මසිරි නායක හාමුදුරුවන් වහන්සේ කරන්නේ ලොකු සේවාවක්. මන්ඩාවල පඤ්ඤාවංස හාමුදුරුවෝත් මන්ත්‍රීතැන්නේ සද්ධාලෝක හාමුදුරුවෝත් නායක හාමුදුරුවන් එක්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරණවා. අපට ලොකු ගෞරවයක්. අනන්ත බුදු ගුණ බලෙන් ලෝ වැසි සැමට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි! (නි)
අජිත්, ඔයා ප්‍රංශය යැයි කියා හිතා ඉන්නේ පැරිස් ද? බලන්නකෝ වටපිටාවට ගිහින්. ටිබෙට් පන්සල් හැම නගරයකම වගේ. (නි)
මා දකිනා විදිහට ශ්‍රී ලාංකික බෞද්ඩයෝ තරුණ කාලයේ හැගීම් වලට වහල්වී බොහෝ අකුසල් රැස්කර ගන්නවා .ඔවුන් වයසින් මුහුකුරා ගිය පසු මීලග ආත්මය ගැන බියවී ආධ්‍යාත්මය දියුණු කරගැනීමට උත්සාහ කරනවා. රාජකාරි පිළිබද මනා දැනුමින් පිරිපුන් ඔවුන් රටේ සංවර්ධනයට දායක කරගැනීම ඉතා උචිතය. බටහිර රටවල උගතුන් මියයන තුරුම රටට සේවය කරනවා. එනිසා ඒ රටවල් ඉතා දියුණුයි. උපන්දා සිට ආගමානුකුලව ජීවත් වෙනවා නම් වයසට ගියාම සුදුරෙදි පෙරවාගන්න අවැසි නැත (නි)
මමත් සුප්රාගේ අදහස අනුමත කරනවා. ඇමෙරිකාවේ තියෙනවා අපි අදහන බුදු දහමට වඩා වෙනස් විදියට අදහන බුදු දහමක්. ඇමෙරිකන් මින්ස්සු ජීවත් වෙන්නේ අසහනකාරී ජීවිත වලාවක (නි)
සත්‍ය ජය ගන්නවා
අපේ සමහරු ළිං මැඩියෝ වගේ කියන එක ඇත්ත. මේ සමහරු ලියා තියෙන ඒවා දැක්කහම එ්ක තේරෙනවා.
චාමර, දකින්න මනසින්. හොඳ බෞද්ධයන් මෙලොව සදාකාලික සුවය ලබති. (නි)
ඡායාරුප බලපුවාම භාවනාවට ඉන්නේ වැඩිපුර තරුණ ලස්සන ගෑණු දරුවෝ. ශීලය බිඳගන්න එපා. මුළු ලෝකයටම ආදර්ශයක් දෙන්න පුළුවන් තරම් හොදින් ඉන්න. (නි)
මල්කැකුලියො ටිකක් වගෙයි කුඩා දැරිවියන් ටික (නි)
දිලන්ක,ගම මීගමුව පැත්තේ වෙන්න ඇති. සෝම හාමුදුරුවෝ කිව්වා කවදා හරි සිංහල ජාතිය,බුද්ධාගම ලංකාවෙන් නැති කරන්නේ සිංහල මෝඩයෝ තමයි කියලා. ඔයාල වගේ අය තමයි හොඳම උදාහරණ (නි)
ෂා නියමයිනේ
ලජකාවෙ මේ වගේ වැඩක් වුණා නම් පල්ලි කීයක් කඩයිද? (නි)
ඕක පුදුමයක් නොවෙයි. මොකද ඇමෙරිකවේ ඉන්න සමහර කට්ටිය හින්දු ආශ්‍රම වලටත් යනවා බාවනා කරන්න. අනික ඒය ගොල්ලත් වෙජිටේරියන් නෙමෙයි (නි)
බෞද්ධයන් බොහෝදෙනා මහා ආත්මාර්තකාමී සෙනගක්. බටහිර රටවලට පෙන්නන්නේ හරිම සාමකාමී අහිංසක සෙනගක් කියලා. මෙහෙ බලසේනා හදාගෙන අනන්‍ය භක්තිකයෝ කන්න හදනවා. (නි)
අනේ වාසනාවන්..!! බොදු කරුණා දහරින් සකල ලෝවැසියන් තෙමි සැනසේවා..!(ස)
මිනිස් ආත්මභාවයක් ලබා ගැනීම දුෂ්කරය.එසේම එසේ ලබාගත් මිනිස් ආත්මභාවය රැකගැනීමද දුෂ්කරය.කල්ප කෝටි ගණනකින් සදහම් දෙසන්නෙකු සොයාගත නොහැකි බැවින් සදහම් ඇසීමද දුෂ්කරය.බුදුවරුන් කප් කෙල සුවහස් ගනනකිදුත් ලොව පහල නොවන නිසා බුදුවරුන්ගේ ඉපදීමද දුෂ්කරය. (නි)
මේ ලස්සන ළමයින්ට කිසිදු කරදරයකට මුහුණ පාන්න නොලැබේවා ! (නි)
සුගත හිමි නාමය වී ලොව කුසුම් දාමය දුරුව බලකාමය උදාවේවා ලෝක සාමය... (නි)
අපේ නිර්මල බුදු දහම ලෝකෙයම පිළිගන්නා කාලය හරිම ළඟයි. සාදු සාදු සාදු වසනාවට මේ බුදු පියාණන්ගේ මාසයේ මේ වගේ දේවල් අහන්න ලැබීමත් සතුටුයි. (ස)
ලෝකෙටම අගය දැනුනත් ලංකාවේ මෝඩයන්ටනම් දැනෙන එකක් නැහැ.(ස)
පින්හාමි දන්නා දේවල්? අනේ මගේ කට (නි)
අපේ රටේ ඉන්න මෝඩයන්ට මේ ටික නොතේරෙන එක තමා වරද (නි)
අමිල, උඩ බලාගෙන කෙල ගහන්න එපා. ඔයාගේ මුනටමයි වැටෙන්නේ (නි)
ඇමෙරිකාව කියන්නේ 90%ක් ම දෙවියන් විශ්වාස කරන රටක්. මේ වගේ සුද්දෝ (ඇත්තටම හරි පොඩි ප්‍රතිශතයක්) බුදු දහමට කැමතියි කියලා කියන කතා වලින් පෙන්නන්නේ වෙන මුකුත් නෙමෙයි, මේ රටේ බෞද්ධයින්ගේ තියෙන හීන මානය සහ හිස් බව. ඒ කියන්නේ සුද්දෝ බුද්ධාගම ගැන ඇහුවත් ඒක මහා ලොකු දෙයක්. හැබැයි අර ඉන්දියාවේ අඩු කුලේ මිනිස්සු දස දහස් ගානක් කුල ප්‍රශ්නෙන් මිදෙන්ඩ බුදු දහම වැලදගත්ත එක කවුරුත් කතා කරන්නේ නැහැ. (නි)
එහෙ 10ක් 15ක් පන්සලකට අවොත් ඒක මැජික් වගේ. ලංකාවේ කිහිපදෙනෙක් එකතුවෙලා වෙන ආගමක් කෙරුවොත් ගුටි අඇනලා උද්ඝෝෂණත් කරලා එලවලා දානවා. අනේ මන්දා! (නි)
ඇමරිකාව වගේ රටක් බුදු දහම වැලද ගන්නවා කියන්නේ ලෝකේ තියෙන ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා කියන එක. (නි)
සම්මා සම්බුදුරදුන්ගේ ශ්‍රී සද්ධර්මය සකල ලෝකවාසීන්ගේම හිත සුව පිණිසමයි.සසර ගමනේදී කුසල් හෝ පින් සම්භාරයක් කරගන්නා ඇත්තෝ ඒ උත්තරීතර දහම් රසය විඳ සසර කෙලවර අමා මහා නිවනින් සැනසෙනවා.සාදු! සාදු!! සාදු!!! (නි)
වෙලාවට ඇමෙරිකාවේ මෙහෙ වගේ සේනාවක් හිටියේ නැත්තේ. හිටියනම් නංගිලා ටිකට යන්න වෙන්නේ රෙදි නැතුව (නි)
ඇමෙරිකානුවන් හින්දු සහ බෞද්ධ බාවනා ක්‍රම ගැන සොයනවා. බුදුදහමේ එන ආර්ය භාවනා වඩා මාර්ග පල ලබන්න පුළුවන් (නි)
ඇමෙරිකාවේ තියන ආගමික නිදහස ලංකාවෙත් තියෙනවද ? ක්‍රිස්තියානි වැඩමුළුවක් ලංකාවේ බෞද්ධයන් වැඩිපුර ඉන්න පැත්තක තිබ්බොත් රටේ නැති සංවිධාන එලියට පනීවි (නි)
බුද්දධාස මහත්තයාගේ කතාවට මම සම්පුර්ණයෙන් එකග වෙනවා. අනිත් ආගම් විවේචනය කර කර නොඉද ලක්ෂ ගණන් ඉන්න හාමුදුරුවරුන් එලියට බැහැලා මිනිස්සුන්ගේ හිත්වල තියන අපිරිසිදුකම නැති කරන්න හරි අඩු කරන්න හරි ක්‍රියාකාරී වෙන්න අවශ්‍යයි. ඉස්සර බුද්ධ ධම්ම සඟ හැමෝම බොහොම දුක් විදලා බුදු දහම ගොඩ නැගුවේ. (නි)
රුවන්, ලාංකික බෞද්ධයන්ට නොපෙනෙන නිසා තමයි එක එක කට්ටිය ලැහැස්ති ධර්මයේ නම විනාශ කරන්නේ. ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් අප දිහා බලා හිනා වෙන තත්වයට පත් වෙලා. (නි)
ගාමිණී එම්.ජයලත් සහෝදරයා, බුදුදහමේ ඇති විද්‍යාත්මක සත්‍යයක් නැහැ. මුල පටන්ගත්තේ ගරාවැටුන හින්දු ආගමෙන්, හින්දු ආගම ආවේ, වේධ වලින්, වේධ වල මුල දෙවියන් වහන්සේගේ මුල් පොත්. අද විද්වතුන් අතරමං වෙලා ඩාවින්ගේ මනකල්ල්පිත පැවැත්මේ වාදය සමග. බයිබලය 100% ම විද්‍යාත්මකයි කියලා ඔප්පුකරන්න පුළුවන් (නි)
මොවුන් භාවනා කරන්නේ ආනාපාන භාවනාව. බුදු දහාමට අනුව නම් කළ යුත්තේ ආනා පාන සති භාවනව.(නදී)
ඇමරිකාවේ වගේම එංගලන්තේ අයත් බුද්ධාගම ගැන හොඳ පැහැදීමක් තියෙනවා.ප්‍රසිද්ධ වෙන්න බයක් තියෙන්නේ. මැරුණහම මිනිය ගන්න අවසර නොදේවී කියලා. (නි)
ඇමරිකාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම නැහැනේ. ලංකාවේ අන් ආගමිකයන්ට කට්ටියක් බුද්ධාගම එපා කරලා තියෙන්නේ. (නි)
ලංකාවේ බුදුදහම හමුවේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමා හමුදුරුගොල්ලෝ ටික බුද්ධාගමට සම්බන්ධ කොරගන්න එක. එතකොට ප්‍රශ්න ඉවරයි (නි)
ඇමරිකාවේ ජනගහනයෙන් 90% ක් දෙවියන් අදහන බව පැවසීම නිවැරදි නොවේ. සැලකිය යුතු පිරිසක් කිසිම ආගමක් අදහන්නේ නොමැත. ආගමක් ඇදහුවත් නැතත් ඔවුන් නීතිගරුක පුරවසියන් බවනම් කිවහැක. වොෂින්ටන් සහ ඒ අවට ඇති ජනපදවල වෙනත් රටවලට අයත් බෞද්ධ විහාර/පන්සල් එමට ඇත. ලංකාවට සම්බන්ධ බෞද්ධ ආගමික ස්ථානවලට පැමිණෙන ඇති බහුතරය ඇමරිකාවේ වෙසෙන ලාංකිකයන්ය. ඇමරිකානුවන් මේ සියලුම පන්සල්වල පවත්වන භාවනා සහ වෙනත් ආගමික වැඩසටහන් වලට සහභාගිවේ. බුද්ධ ධර්මය ගැන උනන්දුවකින් කරුණු සෙවීම සහ බුද්ධාගම වැළඳ ගැනීම අතර ලොකු වෙනසක් ඇත. (නි)
කොහොම වුණත් මම එකදෙයක් කියන්න ඕනෑ. යුරෝපයේ මිනිසුන්ගේ ( ඇමෙරිකාව ඇතුළුව ) ආසියාවේ මිනිසුන්ට වඩා , පරිත්‍යාගශීලිත්වය, ඊරිසියා නොකිරීම , කලාපයේ රටවල් අතර සහයෝගිතාවය , අලුත් දෙවල් සොයා යාම , සොයා ගන්නා අලුත් දේ මුළු ලෝකයටම දීම වගේ ගුණාංග තියනවා. ඒ නිසා ආසියා අපිට වඩා උතුම් වූ බුදු දහමින් ඔවුන් වැඩක් ගන්නවා නියතයි (නි)
ඇමෙරිකාවේ 90% නොවේ 95% ඉන්නේ ක්‍රිතියානියෝ.හැබැයි නිදහස් රටක්. මම මෙහෙ ජීවත්වෙන නිසා දන්නවා. ඊර්ෂ්‍යායාව නැති කෙලින් වැඩකරන දෙවියන්ත ගරු කරන රටක්.හොඳින් මොලේ බාවිතා කලොත් ඇමෙරිකාවේ ජීවිතය ජය ගත හැකියි. ජීවිතයේ හීනයක් ඇමෙරිකාවේ ජීවත්වීම.හැබැහි මොලේ තියෙන්න ඕනෑ.ඉන්දියානුවන් මෙහෙ ජය අරන් ඉවරටි. අපේ ලාංකිකයෝ ලිං මැඩියෝ වගේ බහුබූත කියනවා.හැබැහි යටි හිතෙන් දරුවන්ව ඇමෙරිකාවට එවන්න හීන දකිනවා.මගේ රටට මං ආදරෙයි. මං උපන් රට. හැබැයි මහත්තයෝ අපි තවම ලිංමැඩියෝ.. (නි)
සමන්ත මහත්තයෝ, ඕක තමා කියන්නේ ලංකාවේ බෞද්ධයෝ වැඩි පිරිසක් නුඹ වගේ කුහකයෝ වුණොත් බුදු සරණයි. විහිළුකාරයෙක් වෙන්න එපා.අන් අයෙගේ ආගම වලට ගරු කරන්න.ඔබ හිතනවට වැඩිය ඇමෙරිකාව වෙනස්. එහෙම උනේ බෞද්ධ නිසා නොවේ.ඒකයි මම කියන්නේ ලංකාව දුපතතක් නිසා වැඩි පරිසක් සමන්ත වගේ ලින් මැඩි ගණයට වැටෙනවා කියලා.ඇස් කන් හැර ලෝකේ දිහා බලන්න.මෙහෙ තියන පන්සල් මොනවද කියලා මම දන්නවා. සිංහලයෝ ටික නැත්නම් කපෝතියි. (නි)
එතොකට මේක ආගම හැරවීමක් නොවේද? ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නොවේද?මේ ඇමරිකාව ලංකාවට වැඩිය ගොඩක් නිදහස් රටක් ඇත්තම කිවුවොත්. ඇමරිකානුවන් බෞද්ධ වෙන එක නම් හොදයි. ඇමෙරිකානුවෝ නම් කෙලින් මිනිස්සු. කිවුවොත් කිව්වා දෙකට නැමෙන්නේ නැහැ (නි)
සුවාසු දහසක් ධම්මස්කන්දයේ පහස ලබන්නට සියලු මානව සංහතියටම හේතු වාසනා වේවා! (නි)
ලංකාවේ අපරාධ වැඩි පළාත් වල මේ භාවනා ප්‍රචලිත කරලා දේශපාලකයන්ට කඩේ යන අයට ආගම දහම උගන්වනවා නම් ලෝකෙට උගන්වනවට වැඩිය වැදගත්. පිටරවල් වල ප්‍රචාරක කටයුතු නතර කරන්න එපා. (නි)
හුඟක් අබෞද්ධයන් භාවනා වලට කැමති වෙන්නේ බුදු දහම ගැන අවබෝධයක් නිසා නෙවෙයි, භාවනාවෙන් සිත සන්සුන් වෙන නිසයි. මෙවැනි අයට භාවනාවෙන් සම්මා සමාධියක් වැඩෙයි දැයි සැකයි. භාවනාව යනු බුදුදහමට පමණක් අයිති දෙයක් නෙවෙයි. බුදු දහමේ හරය සම්මා සමාධියකට ගමන් කරන භාවනාවයි. ඔවුන් එහි අගය දකින ගමන් ශ්‍රද්ධාව වඩාගන්නේ නම් වාසනාවන්! සාධු! සාධු! සාධු! (නි)
ඇතැම් පන්සල් කඩ වලින් බාවනා වැඩසටහන් වලට ටිකට් ගහනවා (නි)
මෙහෙම පන්සලට එකපාරක් ආව ගමන්ම බුදු දහම වලද ගත්ො කියන්න බැහැ. එහෙනම් අපේ අය රටකට ගිය ගමන්ම රැකියාවක් ලැබෙන්න කියා පල්ලි වලට යන්නේ. (නි)
මේ ගැන ඉතින් පුරාජේරු ගහන්න ඕනෑ නැහැ.ථෙරවාද, මහායාන, පන්සල්,ශීය මුස්ලිම් පල්ලි,සුන්නි මුස්ලිම් පල්ලි.යුදෙවු.ජයිනා, රස්තෆාරියන්, ජෝහොව,රෙපරමාදු,ආගමක් නැති කොටස 42%පමණ. එක්සත් ජනපදය කියන්නේ ඒකයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ හාමුදුරුවොත් ගෘහසථ වීසා වලින් ආපු කෙනෙක්ද? (නි)
ඇමෙරිකා ජනගහනය වන කෝටි තිස් එක හමාරකින් කී දෙනෙක් විතරද ඇවිල්ලා ඉන්නේ? (නි)
මෙන්න ලංකාවේ කට්ටියට සතුටින් පිනායන්න පුළුවන් ප්‍රවෘත්තියක්. මෙන්න මෙහෙ පල්ලි වහන්න කියා ජල්ලි අල්ලන අයට කනේ පහරක්. (නි)
අයියෝ සල්ලි
බුද්දහගමේ කාන්තා හාමුදුරුවෝ නැත්තේ පුරුෂාධිපත්‍යය නිසාද? ලංකාවේ ඉන්න මහන වුණ කාන්තාවන්ට සම තැන නොදෙන්නේ ඇයි? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක අවසානේ ආධාරත් එකතු කලාද? මොකෝ එහෙම තමා මේ වගේ වැඩ බොහොමයක් වෙන්නේ.ලංකාවේ ඉදන් සාදු සාදු කියන අය ඒවා දන්නේ නැහැ. (නි)
රාවනාගේ කතව හරි , ලංකාව් ඉන්න බෞද්ධන්ගේ බෞද්ධකම සීමා වෙලා තියෙන්නේ උප්පැන්න සහතිකයට විතරයි (නි)
බලන්න කීදෙනාද ඉන්නේ කියලා.ඇමරිකාව කියන්නේ ලෝකේ තුන් වෙනි ජනගහනේ. (නි)
ඇමරිකාව ලොව තුන්වන ජනගහණයයි. (නි)
මිනිසුනේ, මම ඉන්නේ ඊශ්‍රායල් වල.මෙහෙ අපේ අය සෑහෙන පිරිසක් යුදෙවු ආගම වැලදගෙන.බලෙන් හරවන්නේ නම් නැහැ.නමුත් පුරවැසිබාවේ ගන්න කියලා යුදෙවු ආගමට හැරිලා.පුරවැසිභාවේ ගන්න ආගම මාරු කරන්න ඕනෑ නැහැ.අයදුම් පත ප්‍රතික්ෂේප නොවීමට අමතර සුදුසුකමක් ලෙස සහ වැඩි හොදට මෙසේ කරනවා. (නි)
මෙය තමයි සත්‍යය (නි)
පින්හාමිලා අප්පුහාමිලා කුලප්පු වෙලා (නි)
ඔබාමාටත් කියල දෙන්න පුලුවන් නම් ..... (නි)
කව්රුත් නොදන්නා, කාටවත් නොපෙනෙන, තමන්ට සලකන අයට පමණක් සලකන අය අදහනවට වඩා මේක කොච්චර හොඳද? (නි)
දිලංක ද සිල්වා මහත්තයෝ, සියට 90 කවුද කිව්වේ ? මේ රටේ බොහෝ අය අද අසරණ වෙලා. ක්ලින්ටෝන් මහත්තයෝ, දිනපතා භාවනා කරනවා පමණක් නොවෙයි වෙජිටේරියන් වෙලා. නමුත් එය බලෙන් කරන එකක් නොවෙයි, ලංකාවේ කරනවා වගේ. මේ රටේ බුදුදහම ඉගැන්වීම ගැන පුදුම උනන්දුවක් තියෙන්නේ. (නි)
තව ටික දවසකින් මුළු ඇමරිකාවම බුද්ධාගම පිළිගනී නේද?(ස)
ඇත්ත වැටහෙනවා
දැන් ඉතින් අඩුම ගානේ අනික් ආගමිකයන්ට පාඩුවේ ඉන්න දෙන්න. "ඇමෙරිකාවේ මෙහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ" (නි)
කපන්න බැරි නිසාද කොහෙද ඉබින්නේ
මුළු ලෝකය පුරාම ඇතිවී තියෙන මේ ප්‍රවණතාවය වැලක්විය නොහැක. මන්ද බුදුදහමේ ඇති විද්‍යාත්මක තත්ත්වය පහසුවෙන් වැටහේ. දියුණු සංස්කෘතීන් තුල මෙය සිදුවෙන වේගය වැඩිය. 2050 වනවිට,මැවීම පිළිබඳව ඇති විශ්වාශය තුරන්වී බුදුදහම වැළඳ ගැනීමේ ඉඩ කඩ බොහෝ බව අප අවබෝද කර ගත යුතුය.(ස)
සුප්රා, ඔබ සියට සියක් හරි. ඒ අය දවසින් දවස අලුත් දෙයක් හොයාගන්නවා. මොකද්ද ඒකට ප්‍රධාන සාදකය? මනස දියුණුකම. බුදු දහමත් එක්ක බැදුනොත් මිට වඩා යමක් හොයගනී. ආසියාතික රටවල ගොඩක් අයට හිතන්න මනසේ ඉඩක් නැහැ. මොකද? තන්හාව ඉර්සියාව වෛරයෙන් මනසවල් පුරවාගෙන (නි)
අපේ රටේ ඉන්න බහුතරය බුදුදහමට මුවා වෙලාතමයි කිරි දරුවෝ කෙලසන්නේ. බුදුදහම රැකගන්න නම් නුසුදුස්සන් ටික එල්ලුම් ගහ ක්‍රියාත්මක කරලා එල්ලලා මරන්න ඕනෑ. (නි)
ඇමරිකාවේ ළමුන්ට අනිත් ආගම් පිළිබද කියාදෙන්න සියලුම ආගමික සිද්ධස්ථාන වලට එක්කගෙන යනවා. (නි)