(නිමල කොඩිතුවක්කු)
බදු වැඩිකිරීම හැර ආදායම් ලබා ගැනීම සඳහා වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් මෙවර අයවැයෙන් ද බදු ආදායම වැඩිකර ගැනීම වත්මන් රජයේ අරමුණ වි ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී අද (10) පැවසීය.
මහින්ද රාජපක්ෂ රජය සමයේ පැවති රුපියල් බිලියන දහසේ බදු ආදායම වත්මන් රජය යටතේ රුපියල් බිලියන දෙදහස දක්වා සියයට සියයකින් වැඩිවී ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධණ මහතා මෙසේද කීය.
‘‘2019 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා . එහි දක්වා ඇති ආකාරයට 2019 වර්ෂය සඳහා රුපියල් බිලියන 2232ක මුදලක් සම්මත කරගැනිම සදහා එම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙනවා.
එම මුදල් ලබා ගැනිම සඳහා බදු හා බදු නොවන ආකාරයට රජය ආදායම් රැස්කරගත යුතුයි. අයවැය දෙවන වර කියවන මාර්තු 5 වැනි දා තමයි මුදල් අමාත්‍යවරයා විසින් අදායම් උපදවන යෝජනාවල් ඉදිරිපත් කරනු ලබන්නේ.
2015 වසරේ සිට මේ රජයේ වියදම දැරිම සඳහා ආදායම ලබා ගැනීමට පාවිච්චි කරන්නේ ඉතාම පහසු හා ජනනතාවට රිදෙන මූල්‍ය වන මහජනතාව මත පනවන සෘජු හා වක්‍ර බදු දිගින් දිගටම ඉහළ නැංවීමයි.
බදු ඉහළ නැංවිම සම්බන්ධයෙන් මේ රජයට තියෙන්නේ ලංකා ඉතිහාසයේ වෙනත් කිසිදු රජයකට නොතිබුණ වාර්තාවක්. බි්රතාන්යය යටත් විජිත යුගයේ වගේ ඉතා පහසුවෙන් හිතෙන හිතෙන විදියට වියදම පියවා ගැනිම සඳහා මහජනතාව නොමරා මැරෙන විදියට බදු පවරමින් ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රු 2500 කින් පවුලකට මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියපු මෙයාගේ ආර්ථික දැනුම.
අනේ අාපහු ඇවිල්ලා 2500කින් මාසයක් ජීවත්වෙන්න පුළුවන් ආර්ථිකයන් හදනු මැනවි..
කොහෙද හිටියේ? අැහැරිලා වගේ.. අන්න ඩොලර් එක බැහැලා.. හැමදේම විවේචනය නොකර, විකල්ප ආදායම් මාර්ග ආණ්ඩුවට පෙන්නන්නකෝ. අැයි හැම තිස්සෙම අපි බලේට ආවම කියලා කියන්නේ...? විපක්ෂයක් තියෙන්නේ රටේ අභිවෘද්ධිය තකානේ.. නැතුව වෙන දේවල්වලට නෙමෙයිනේ..
ඔබත් ඇමතිවරයෙක් වෙලා හිටපු රාජපක්ෂ පාලන කාලයේ හැම හන්දියක් ගානේම බොඩ්ලැලි එල්ලා ගැනීම සඳහාත්, රටට අනවශ්‍ය මෙන්ම රටට දරාගත නොහැකි, ඔබලාගේ "සංවර්ධනය" සඳහා ගත් විදේශ ණය කන්දරාව ගෙවන්නත් ඕන නේද මහත්තයෝ ? එය මෙසේ තිබෙද්දිත් 2018 ඔක්තෝබර් 26දා සිදුකල රාජ්‍ය කුමන්ත්‍රණය නිසාත් රටට අහිමිවූ මුල්‍ය සම්පත් ගැන ඔබලා මුනිවත රැකගෙන මොට්ටපාලලා මෙන් රජයට මඩ ගසන්නේ කුමන යටි අදහස් මුල්කරගෙනද යන්න දන්නෝ දනිති! අපේ ඡන්දදායකයන් දැන් පරිණතයි, සත්‍යය වටහාගැනීමට තේරුමක් ඇත. නැව් නොඑන වරායන්, ගුවන්යානා නැති ගුවන්තොටුපොළවල්, රැස්වීම් නොපවත්වන සම්මන්ත්රණශාලා, ක්‍රිකට් බෝල දැක නැති ජ්‍යත්තන්තර තලයේ ක්‍රිකට් පිටි ගැන ඡන්දදායකයන්ට පින්තුර පෙන්වා කියා දීමට අවශ්‍ය නැත. මේවා ඔවුන් දිනපතා දකින අතර ඒවාට ඔවුන් ආපසු ගෙවන ණය මුදල් ගැන නිතර දෙවේලේ හිතනවා, සුසුම් හෙලනවා ! ඉතින් බන්දුල මහත්තයෝ, ඔය වැදිබණ අසන කෙනෙක් මෙරටේ දැන් නැත.
කතාව නම් ඇත්ත, නමුත් ඔබ තුමාලා අදායම් නොඋපදවන ව්‍යාපෘති විදේශ ණය වලින් කරපු නිසා තමයි දැන් මේ අයට කොරගන්න දෙයක් නැතිව දඟලන්නේ. ඔබ තුමාලා හිටිය නම් මොකද්ද කරන්නේ කිව්වා නම් හොඳයි .
මේ ලස්සන මුහුණත් සිත පිනායන මිහිරි හඬින් යුතුවූ අපබ්‍රංස වචන සෙට් එකත් නොදැක නොඇසී සිටියේ හරිම අමාරුවෙන්. මේ රෑපය සහ මුධුර හඬින් ගෙනෙන්නේ පුදුම වාසනාවක්. හික් - හික් - හික් -
මේ රටට දරාගන්න බැරි අනවශ්‍ය සුදුඅලි හැමතැනම හදලා අත හැරලා ගිය ඔහෙලා නිසා තමයි අපිට මෙහෙම අසාධාරණ බදු ගෙවන්න වෙලා තියෙන්නේ... එ්කටම හරියන්න ආපු අයත් බැංකු මංකොල්ලකරුවන්.., මේ රටට නායකයින්, විදේශයකින් ගෙන්වන්න ඕනෑ... අප්‍රිකාවෙන් හරි කමක් නැහැ. එ්ක අපට ඉවසන්න පුළුවන්... තමන්ගේම වර්ගයේ අය කරන අසාධාරණ වලට වඩා...
2500 ට කරන්න පුලුවන් කිව්ව මනුස්සයා දන්න ආර්ථිකේ...
කන්දෙකට යනකන්, පුපුරපු කටක් තිබුණාට.. කිව්වොත් කියන්නේ කිසිදෙයකට ප්‍රයෝජනයක් නැති කතාවක්.. ඔය කියපු කතාවෙන්, අතීතයටවත්.. වර්තමානයට හෝ අනාගතයට ඵලක් තියනවද..? ඔයාට ඔය මහාචාර්යකම දීපු කෙනා තමයි මේකට වැරදිකාරයා .!
බදු නොපනවා රජයකට ඉපැයිය හැකි මේ ඔස්තාර් මුදල් ඇමති වෙලා ඉන්නකොට කරපු කියපු දේවල් අපට අමතක නැහැ. හතර දෙනෙක් ඉන්න පවුලක මාසික වියදමට රුපියල් 2500ක් ප්‍රමාණවත් කියලා බයිලා ගහපු මුදල් ඇමති සක්කරයගේ පුතා ගැනත් කතා කරපුවා මතකයි. නිකන් විහිළුවක් නොවී ඉන්නවා හලෝ. ඔබතුමා ආර්ථික විද්‍යාව දන්නේ නැහැ.
ඔබ බලයේ සිටින විට ගෙන ආ, රජයට අාදායමක් ලැබෙන (ලාභ ලබන) එක ව්‍යාපාරයක් කියන්න බබෝ...
දැන් කොමිස් ව්‍යාපෘති නැතුව පිස්සු වගේ... අපි ඉතින් ගහපු ඒවාට තවම ගෙවනවා. දැනුත් උත්සාහ කරන්නේ අසරණ ජනතාව මුලා කරන්න.
බන්දුල මහතා, එජාපයෝ බලාගෙන ඉන්නේ අයවැයෙන් සහන දෙනකම්. ඒ ලැබුණාම ඔවුන්ට හොඳටම ඇති. ඊට පසු පොල්පිති න්‍යායෙන් තමයි ඡන්දය දෙන්නේ. ආයෝජකයින් එන්නේ නැතිනම් මෙහෙ ආයෝජකයෝත් බංගලිදේශය, මාලදිවයින වගේ රටවල් සොයාගෙන යනවා නම් මෙහෙ ගුරුකම හැරෙන්නට වෙන රැකියාවල් නැත. පිටරට සිට එවන මුදලටත් බදු ගහනවා නම් රටසල්ලි එන්නේ නැත. රවී ගොයියා කියන විදිහට රට බංකොලොත්...
බන්දුල මහතාණෙනි, ඔබ සහභාගිවෙන 360, ඉන්සයිට් වැනි වැඩසටහන් නරඹන්නේ යම්කිසි දෙයක් ඉගෙන ගැනීම සඳහාය. ඒ කරුණු කාරනා මෝස්තරකාරයින්ට හෝ විදේශීය අමාත්‍යංශයට ලොතරැයි මණ්ඩලය ඉල්ලන හාල්පාරුවන්ට, ජනතාවට කියාදීමට නොහැක. පුද්ගලික පාසල් වලින් පෙන්වන දක්ෂතා රජයේ පාසල්වල සිසුන්ගේ දක්ෂතා සමකරන්න එපා කීමට ඔබ වටිනා හේතු ගණනාවක් පෙන්විය. නමුත් ගොබ්බයින් ඔබේ කතාවල තේරුම ගන්නේ අනික් පැත්තටය. ඒ ඔවුන්ගේ ගොබ්බකමේ හැටිය...
මෙයා මහබොරු කයිවාරුකාරයා. මොකද පහුගිය දවස් වල මාස දෙකේ සෙල්ලන් ආණ්ඩු හදනකොට මෙයා කිව්වා ඩොලර් එක අපි අවොත් බස්සනවා කියලා. අන්තිමට සෙල්ලන් ආණ්ඩු හදල මෙයා කියනවා සක්කරයාගේ වයිමා ආවත් ඩොලර් එක බස්සන්න බැහැ කියලා. නොම්බර එකේ බොරු කාරයෙක්. බලය ගන්න ඕන බොරුවක් කියයි.
බදු ගෙවනවාට වැඩිය අමාරුයි මේ මුණ පේන එක.
බමුණුආරච්චිගේ ගොබ්බකම මොනවට පැහැදිලි වෙනවා. ඔබ සංවර්ධනය යන්නෙන් ආදහස් කරන්නේ කුමක්ද? රටේ අනාගතය සුරක්ෂිත නැති සංවර්ධනයෙන් ඔබට පලක් ඇතත් අපිට පලක් නැත..
බලයට එන්න තියෙන දැඩි ආසාව නිසා මොනවා හරි වැරදි ටිකක් කියනවා. බලය ගත්තට පස්සේ කියයි මේක අතින් අල්ලලා නවත්තනද කියන්නේ කියල.
බදු වලින් ජීවත් වෙන ආණ්ඩුවක මොකටද ඔය හැටි මැති ඇමතිවරු. ජනතාව හැටියට අපි වීදි බහින්න ඕනේ බදු මුදල් තව තව නාස්ති නොකර ගෙදරටම එලවන්න .
එක හරි. තිබ්බ ඒවා වික්ක නේ. ඒ විකුණන එකට ජනතාවත් කැමති උනානේ. දැන් ඒවගේ විපාක ජනතාව විඳින්න ඕනේ .මේ ඔක්කොම ජනතාව බොහොම කැමැත්තෙන් පිළිගත්තා ඒවා . බොරුනම් ඉතිහාසයේ ඡන්ද ප්‍රතිපල බලන්න .
තියෙන පහසුකම් අඩු කරන්න... එතකොට හරි
ඔය අල්ලන කුඩු ටික වික්කානම් මෙලහකට ණය වලින් භාගයක්ම ගේන්න සල්ලි... අල්ලන කුඩුවලට මොකද කරන්නේ? ඒවා නැවත විකුණුවා නම් හොඳයි නේද? බෙහෙත් එහෙම හදන්න....