රුපියල් ලක්ෂ 50ක පමණ රට මත්පැන් බෝතල් 905ක් දෙමටගොඩින් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

නීති විරෝධී මත්පැන් වැටලීම සඳහා පිහිටවුණු මෙම ඒකකය මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

මිල අධික රට මත්පැන් ළඟ තබාගත් බව කියන සැකකරුවකු ද උසාවියට ඉදිරිපත් කිරීමට යයි.