උතුරු එංගලන්තයේ බෙඩ්ෆර්ඩ් නගරාධිපති ඩේව් හොග්ඩ්සන් මහතා, එම නගරයේ ජීවත්වන බෞද්ධ බැතිමතුනට විශේෂ තේපැන් සංග්‍රහයක් පවත් වීය.
මෙම ප්‍රාන්තයේ සංවර්ධනය සඳහා බෞද්ධ ප්‍රජාව ඉටුකරන සේවය අගැයීමක් වශයෙන් මෙම හමුව පත්වනු ලබන බව ඔවුන් පිළිගනිමින් හොග්ඩ්සන් මහතා කීවේය.
බෙඩ්ෆ්ර්ඩ් නගරයේ ශ්‍රී ලාංකික,ඉන්දියා,බුරුම,චීන, තායිලන්ත, වියට්නාම සහ යුරෝපීය බෞද්ධයෝ විශාල පිරිසක් ජීවත්වෙති.
අකුරල සමිත හිමියන්ගේ මුලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ලේච්වර්ත් ධම්ම නිකේතනය මූලිකත්වය ගනී.
බෙඩ්ෆර්ඩ් අන්තර් ආගමික සහයෝගිතා සහ අධ්‍යාපන උපදේශක මඩුල්ලේ සභාපති පදවියද සමිත හිමියන් දරන්නේය.
බුදුන්වහන්සේගේ ධර්මය තුලින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හැඩගැසී ඇති අන්දම විස්තර කරමින් සමිත හිමියෝ එහිදී දේශනයක් පැවැත්වූහ.
උත්සවය අවසානයේ ධම්ම නිකේතනය මගින් පලකරඇති පොත්පත් සියල්ලගේම පිටපත් නගරාධිපතිවරයා වෙත පරිත්‍යාග කළ අතර ඒවා නගරසභා පුස්තකාලයේ තැන්පත් කරන බවට නගරාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නිර්මල බුදු දහම ලොව වැජඹේවා (ස)
බුද්ධාගම බුද්ධිමතුන් සඳහාය කියන්නේ ඕකනේ . ලංකාවට ඕවා හරියනෑ . මොකද බහුතරය බෞද්ධයෝ වෙලා තියෙන්නේ උපතින් මිසක් ධර්මය ගැන අවබෝධයකින් නෙමෙයි.ඒ නිසා බොහෝ දෙනෙක්ට ධර්මය පිළිපදින්න බැහැ (ස)
ශ්රී ලංකාවේ ග්‍රාමීය අහිංසක බෞද්ධයො විඳින් දුක අසාධාරණයට විරුද්ධව හඩක් නගන්න. මෙහේ නීති දෙකක් තියෙන්නේ දුප්පතාට එකක් පොහොසතාට එකක්.ගම්බද දරුවෙකුට හොඳ රැකියාවක් වත් ගන්න බැරිවෙන තැනටයි වැඩේ හැදෙන්නේ. මෙව ගැනත් ඔය රටවල ලාංකිකයො හොයන්න. හඩක් නගන්න (ස)
උතුම් වැඩ (දී)
අපිට එයාලගේ ඒවා බලන්න ඕනෑ නැහැ. (නි)
සෙනෙවිරත්න, පිටරටවල ඉන්න ලාංකිකයෝ ඔයවගේ නොකෙරෙන වැඩවලට අත දෙන්නෙ නැත්තේ මොකද එයාලා දන්නවා.. මැතිවරුන්ට වරප්‍රසාද තියෙන බව..!(නු)
හාමුදුරුවෝ අතට ඇත දෙනවා? යසයි වැඩේ (දී)
එහෙම තමයි. රෝමෙට ගියහම රෝමයේ විදියටයි ඉන්න ඕනෑ. (නි)
අරුණසිරි, ඒක දැන් සංඝායනා වලින් නවීකරණය කරලාලු තියෙන්නේ. (නි)