වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 29 වැනි ඩියුලක්ස් වෙළෙඳසේවා අන්තර් සමාගම් කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව නේෂන් ට‍්‍රස්ට් බැංකුව දිනා ගත්තේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා නිමා වු මෙම තරගාවලියේදී හැටන් නැෂනල් බැංකුව අනුශූරතාව දිනාගත් අතර සෙලාන් බැංකුවට තෙවැනි ස්ථානය හිමිවිය.
ඒ, බී, සී, ඞී, ඊ, එෆ්, ජී, සහ එච්. යන කාණ්ඩ යටතේ පිරිමි කණ්ඩායම් තරග පැවැති අතර ඒ, බී, සී, ඞී සහ ඊ කාණ්ඩ යටතේ කාන්තා තරග පැවැත්විණ.
‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරය දිනාගත් අතර එහිදී දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සම්මාන ලැබීය. සම්පත් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව එම කාණ්ඩයේ පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබීය.
හැටන් නැෂනල් බැංකු ඒ පිල කාන්තා ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේය. හැටන් නැෂනල් බැංකු පිලේ මධුෂා දිසානායක ඒ කාණ්ඩයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව වුවාය. සම්පත් බැංකුව අනුශූරතාව ද, සෙලාන් බැංකුව තෙවැනි ස්ථානය ද හිමිකර ගත්තේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැඩ්මින්ටන් ශූරතාව නේෂන් ට‍්‍රස්ට් බැංකුවට