වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 29 වැනි ඩියුලක්ස් වෙළෙඳසේවා අන්තර් සමාගම් කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව නේෂන් ට‍්‍රස්ට් බැංකුව දිනා ගත්තේය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා නිමා වු මෙම තරගාවලියේදී හැටන් නැෂනල් බැංකුව අනුශූරතාව දිනාගත් අතර සෙලාන් බැංකුවට තෙවැනි ස්ථානය හිමිවිය.
ඒ, බී, සී, ඞී, ඊ, එෆ්, ජී, සහ එච්. යන කාණ්ඩ යටතේ පිරිමි කණ්ඩායම් තරග පැවැති අතර ඒ, බී, සී, ඞී සහ ඊ කාණ්ඩ යටතේ කාන්තා තරග පැවැත්විණ.
‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරය දිනාගත් අතර එහිදී දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සම්මාන ලැබීය. සම්පත් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව එම කාණ්ඩයේ පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබීය.
හැටන් නැෂනල් බැංකු ඒ පිල කාන්තා ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේය. හැටන් නැෂනල් බැංකු පිලේ මධුෂා දිසානායක ඒ කාණ්ඩයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව වුවාය. සම්පත් බැංකුව අනුශූරතාව ද, සෙලාන් බැංකුව තෙවැනි ස්ථානය ද හිමිකර ගත්තේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd