බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (15 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 455 ක් ලබා සිටියේය. බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම කඩුලූ 4 ක් දැවී ලකුණු 527 ක් ලබා සිටියදී අත්හිටුවීය. බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම ඕවර 144 කදී කඩුලූ 4 ට 527 (ක‍්‍රිස් ගේල් 24, කිරාන් පවෙල් 117, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 203, දිනේෂ් රැම්ඞීන් නොදැවී 126, සොහග් ගෂී 145/3) බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 126 කදී කඩුලූ 6 ට 455 (තමීම් ඉක්බාල් 72, ශාරියාර් නෆීස් 31, නයීම් ස්ලාම් 108, ශකීබ් අල් හසන් 9, මුෂ්ෆිකූර් රහීම් 43, නසීර් හොසේන් නොදැවී 33, මහ්මුදුල්ලා නොදැවී 42, රවී රාම්පෝල් 101/3, ඩැරන් සැමි 83/2)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ගලාදේශය මෙච්චර උඩට ගියාද? (නි)
සුභ පැතුම්! ඊළග ඉනිමට මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)