‘බංග්ලාදේශ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. ඩකා නුවරදී පැවැති මෙම තරගාවලියට රටවල් 14 කින් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවුහ. 17 හැවිරිදි ජාතික බැඞ්මින්ටන් ශූරී අචිනි රත්නසිරි විවෘත කාන්තා කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුවාය. අචිනි කාන්තා යුගල ඉසව්වේදී උපුලි සමන්තිකා සමග එක්ව එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුහ. අචිනි අවසන් මහා තරගයේදී වියට්නාම් ක‍්‍රීඩිකා තු හුයැන් ලී පරදවා තරග වට 2-1 ක ජයක් ලබා ගත්තාය. එහිදී ලකුණු තත්ත්වය 21/11, 11/21 සහ 21/16 ක් ලෙස සටහන්විය. අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා ප‍්‍රවීණ ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා තරග වට 2-0 කින් පරදවා අචිනි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ. අචිනි 21/15, 21/17 ක් ලෙස තරගය ජය ගත්තාය. කාන්තා යුගල ඉසව්වේ අවසන් මහා තරගයේදී බංග්ලාදේශයේ රිහානා පර්වින් සහ නිගාර් සුල්තානා පරදවා අචිනි සහ උපුලි (21/7, 21/11) රන් පදක්කම දිනා ගත්හ. අචිනි සහ උපුලි යුගල ඉසව්වේ ජාතික ශූරියෝ වෙති. හසිත චානක සහ තිළිණි ජයසිංහ මිශ‍්‍ර යුගල ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර ඔවුහු එහිදී වියට්නාමය හමුවේ පරාජයට පත්වුහ. විවෘත පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දුනීසියානු කී‍්‍රඩක 20 හැවිරිදි දර්මා අල්රි සමත්විය. අවසන් මහා තරගයේදී ඉතාලියේ රොසාරියෝ මද්දලෝනි පරදවා අල්රි තරග වට 2-0 ක ජයක් ලැබීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd