බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ලැබීමට බංග්ලාදේශ පිල සමත් විය. පළමු තරග දෙකම ජය ලැබූ බංග්ලාදේශ පිල මීර්පූර්හිදී පෙරේදා (08) පැවැති පස්වැනි සහ අවසන් තරගයේදී කඩුලූ 2 ක ජය ලබමින් තරගාවලියේ ජය ද හිමිකර ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 48 කදී සියලූ දෙනා දැවී 217 (ඩැරන් බ‍්‍රාවෝ 51, කිරාන් පොලාඞ් 85, ඞ්වේන් තෝමස් 25, ශෆියුල් ඉස්ලාම් 31/3, මහ්මුදුල්ලා 38/2, මොමිමුල් හක් 14/2) බංග්ලාදේශ පිල  ඕවර 44 කදී කඩුලූ 8 ට 221 (මුෂ්ෆිකූර් රහීම් 44, මහ්මුදුල්ලා 48, නසීර් හොසේන්  39, මොමිනුල් හක් 25, සොහග් ගෂි 19, කීමර් රෝච් 56/5, සුනිල් නරේන් 38/3)