
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම තිල්අඩියේ දී අද දහවල් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිලර් රථයක්ද අනතුරට ලක්කරමින් ගොඩනැගිල්ලක ගැටි සිදුවු අණතුරකින් තුවාල ලැබු පස් දෙනකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අනුරාධපුර වන්දනාවේ ගොස් ආපසු මිගමුව බලා ගමන් කරමින් තිබු වෑන් රථයක් බව කියයි.
මෙම වෑන් රථය අනුරාධපුර සිට මිගමුව දක්වා ගමන් කරමින් සිටියදී පුත්තලම තිල්අඩිය ප්‍රදේශයෙදී නොසිතු ලෙස මෝටර් රථයක් මාර්ගය හරහා අනෙක් දිශාවට ධාවනය කර ඇති බවත් එහිදි වෑන් රථය පැදවු කාන්තාවට තම වෑන් රථය එයින් බේරා ගැනිමට කටයුතු කිරීමේදි පාලවිය දෙසින් පැමිනි ත්‍රිවිලර් රථයක් ද අනතුරට ලක්කරමින් මාර්ගයේ ප්‍රති විරුද්ධ දිශාවේ ගොඩනැගිල්ලක ගැටි නැවති ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි හය දෙනෙකුගේ ජීවිත යාන්තමින් බේරා ගෙන බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd