(දයාරත්න ඇඹෝගම)
ඝාතනයකොට පුළුස්සා දමන ලදැයි සැක නාදුනන කාන්තාවකගේ මළ සිරුරක් රනෝරාව ප්‍රදේශයේ තිබියදි සොයාගත් බව නොච්චියාගම පොලිසිය කියයි.
රනෝරාව ප්‍රදේශයේ ජන ශුන්‍ය ප්‍රදේශයක කැලෑවක් ආසන්නයේ මිනිස් සිරැරක් ගිනි ගොඩක දැවෙන බවට ප්‍රදේශවාසියෙකු විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට මෙම නාදුනන කාන්තා මළ සිරැර පොලිස් නිලධාරින් විසින් සොයා ගෙන තිබුණි.
හදුනාගත නොහැකි තරමටම කාන්තා මළ සිරැර දැවි ගොස් තිබු බවත් පිට පළාතකදි මෙම කාන්තාව ඝාතනය කොට මෙම ස්ථානයේදි මළ සිරැර පුළුස්සා දමන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කැලෑ වලට AI රොබෝ බල්ලෝ දාන්න කාලේ හරි වගේ :