
(ජේ ඒ එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්රී 6 44 ට යෙදුණු සුබ මොහොතින් වීථී සංචාරය කළේය.
වාසනා මංගල හස්තියා ,පෙරහර සධාතුක කරඬුව වැඩම කළේය. දැලේ හස්තීන් ලෙස පුලතිසි රාජා සහ සිංහරාජා සමග පෙරහරේ අභිමානවත් ලෙස ගමන් කළහ.
මහනුවර පළමු රන්දෝලි පෙරහර වීථී සංචාරය කිරීම දැක බලා ගැනීම සඳහා ,මහියංගන වැදි නායක උෑරූ වරිගේ වන්නිලැත්තන් ඇතුලු වැදි ජනතාවද මහනුවරට පැමිණ සිටියහ,
ඔවුනට දළදා මාළිගා මහ මළුවේ සිට පෙරහර නැරඹීමේ පහසුකම් ශ්රී දළදා මාළිගාවේ දියවඩ නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් ලබා දී තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd