ජපානයේ චිබා නුවර පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගමාලාවේ කේවළ තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පළමු වටයෙන්ම පරාජය ලැබුහ. තරගමාලාවේ මිශ‍්‍ර කණ්ඩායම් තරගාවලියේද චීනය සහ එංගලන්තය හමුවේ ලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට මුලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය. ඕස්ටි‍්‍රයාව, වියට්නාමය, ජපානය, තුර්කිය, පිලිපීනය, ඉන්දුනීසියාව, චීනය, සිංගප්පුරුව, ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව සහ ඩෙන්මාර්කය යන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පරාජය වුහ. කේවළ, යුගල සහ මිශ‍්‍ර යුගල (පිරිමි/කාන්තා) යන ඉසව් තරගාවලියට ඇතුළත් වුහ. මේ මස 3 වැනිදා දක්වා පැවැත්වෙන කේවළ තරගාවලියට රටවල් 30 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවී සිටිති. ශ්‍රී ලංකාවෙන් සහභාගි වු වයස 17 න් පහළ පිලට ක‍්‍රීඩකයන් අට දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ අට දෙනෙක් ඇතුළත්වුහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ දිනුව්ත ලංකාවටමනෙ එන්න වෙන්නෙ..(නු)