ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන ප‍්‍රධානතම සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය හෙට (09) ආරම්භ වේ. ක‍්‍රීඩා සමාජ 20 ක් සහභාගි වන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජනවාරි මස 5 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර (2012/2013) අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය නව සැලැස්මකට අනුව පැවැත්වෙන නිසා බොහෝ පිට පළාත් ක‍්‍රීඩා සමාජ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසක් සමගින් මෙවර තරගාවලියට පිවිසීමට සූදානමින් සිටියි. මෙවර තරගාවලියේදී කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් හයක් පහත දැමීමට නියමිතය. කොළඹ ප‍්‍රධාන ක‍්‍රීඩා සමාජවල වසර ගණනාවක් ක‍්‍රීඩා කළ චාමර සිල්වා, ප‍්‍රසන්න ජයවර්ධන, ඩිල්රුවන් පෙරේරා සහ සුජීව සිල්වා ඇතුළු ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසක් පානදුර ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ. රාගම ක‍්‍රිකට් සමාජයට වසර ගණනාවක් ක‍්‍රීඩා කළ ඉන්දික ද සේරම්, මුවර්ස් ක‍්‍රීඩා සමාජයට ද, හලාවත මේරියන්ස් පිලේ නිත්‍ය සාමාජිකයන්ව සිටි ගයාන් විජේකෝන් සහ දිනුක් හෙට්ටිආරච්චි, සී.සී.සී. පිලට ද ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති. තරගාවලියට සහභාගි වන කණ්ඩායම්: ‘ඒ’ කාණ්ඩය: එන්.සී.සී., කෝල්ට්ස්, ද්‍රවිඩ සංගම්, මුවර්ස්, බදුරලිය, වරාය අධිකාරිය, සැරසන්ස්, සී.සී.සී., පානදුර සහ කුරුණෑගල තරුණ ‘බී’ කාණ්ඩය: එස්.එස්.සී., හලාවත මේරියන්ස්, බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, රාගම, නාවික හමුදා, යුද හමුදා, ගුවන් හමුදා, බී.ආර්.සී. සහ ගාල්ල හෙට (09) පැවැත්වෙන තරග
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ