උතුරුමැද පළාත් සභාවේ සියළු මන්ත්‍රීවරුනට පොලිස් ආරක්ෂාව සපයන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලන යෝජනාවක් ලබන 14 (බදාදා) න්‍යාය පත්‍රයට අතුළුකැර තිබේ. මේ යෝජනාව ගෙන එන මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතා කියනුයේ සියළු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව අවශ්‍ය බවයි. දැනට මහා ඇමතිට ආරක්ෂාව සැපයෙන නමුත් මන්ත්‍රීවරුනට කිසිම ආරක්ෂාවක් නැතැයි ඔහු කියයි. එක්සත් ජාතික පක්ෂයේ චන්දිම මහින්දසෝම මහතා පවසනුයේ පක්ෂ කණ්ඩායමේ සාකච්ඡාවකින් පසු තීරණයක් ගන්නා බවයි. ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා මෙම යෝජනාවට තරයේ විරෝධය පලකරයි. ආරක්ෂාව කුමකටද ? ආරක්ෂා විය යුත්තේ කාගෙන්ද ? මේ යෝජනාව මහජන මුදල් කා දැමීමක් බවත් යෝජනාව සම්මත වුව ද ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බව ද සමරසිංහ මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එච්චර තමයි අඩු. (නි)
අනේ තව මොකට ආරක්ෂා කරන්නද ?? (ස)
මොකටද ආරක්ෂාවක් ????? (ස)
මේ විදියට ගියොත් අපි පාරේ ගිහින් ඉවරයි.. මේ සේනාවට යන්න ඉඩ දෙන්න එපැයි (ස)
පළාත් සභාව අහෝසි කරන්න අවශ්‍යයයි කියන එකට තවත් උදාහරණයක් මේක .. මහජන මුදල් නාස්ති කරන්න දෙන්න එපා (ස)
මෙයාල ආරක්ෂාව ඉල්ලන එක සාධාරණයි. හේතුව ඉටුකරන්න බැරිතරම් බොරු පොරොන්දු දීලා.. ජන්දෙන් දිනුවාට, ඒවා ඉටුකරන්න බැහැ කියලා මෙයාල දන්නවනේ. ඉතින් ජනතාවගෙන් ගුටිකන්න වෙයි කියල බයට තමයි ඔය ආරක්ෂාව ඉල්ලන්නේ...(ස)
මෙයාලට හොඳටම පිස්සු (ස)
රටේ ඉන්න හැම මන්ත්‍රී කෙනෙකුටම පොලිස් නිලධාරීන් දෙන්නා ගානේ ගියොත් ලංකාවෙ පොලිසි වලින් භාගයක්ම ඒකට වෙන් කරන්න වෙනවා. එතකොට රටේ අනෙක් මිනිස්සුන්ගෙ ආරක්ෂාවට මොක ද වෙන්නෙ? ඒගොල්ලො වැදගත් නැද්ද? ලස්සනම වැඩේ පක්ෂ විපක්ෂ කියෙන් කියද මේකට කටක් ඇරලා විරුද්ධ වෙලා තියෙන්නෙ කියන එකයි. (ස)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
ඔයතරමට ජීවිත තර්ජන තියේනම් ඉල්ලා අස්වුණා නම් ඉවරයිනේ. (නි)
මේ වගේ යෝජනා ගෙනෙන එකෙන්ම පේනවා මේ අය කොයි වගේ මහජන නියෝජිතයෝද කියල. මහා ඇමතිට නොවෙයි කිසිම දේශපාලකයෙකුට ඔය කියන තරමේ ජීවිතයට තර්ජනයක් ඇත්තේ නැහැ. හමුදා රථ පොලිස් රථ පිරිවරාගෙන පාරේ යන අයට කරදර කරමින් කොහෙද මේ අය යන්නේ? බොහෝ වෙලාවට මොකක් හරි විවෘත්ත කරන්න තමයි. ඇයි මේ නාස්තිය? ලෝකේ ඉන්න ප්‍රධාන පෙලේ නායකයෝ වත් මෙහෙම ආරක්ෂාවක් ගන්නේ නැහැ. (ස)
දැන් දොස්තර මහත්වරුන්ටත් බොඩි ගාර්ඩ්ල ඉන්නවද? (ස)
ඇයි ඔච්චර බය? (ස)
ගිනි පෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරි එළියටත් බයයිලුනේ. (නි)
මෙයාලට ස්ටයිල් එකට පාරේ යන්නයි මේ සේනාව ඉල්ලන්නේ (ස)
වැරදි වැඩ කරන අය තමයි ජීවිතය ගැන බයෙන් ඉන්නේ. (නි)
උතුරුමැද පළාත් සභාවේ විපක්ෂයේ අයටත් ඕනෑද ආරක්ෂාව? (නි)
මොනවටද දන්නෙ නැහැ ආරක්ෂාව ඉල්ලන්නේ? (නි)
අශෝක, මෙයාල මෙච්චර බය කරන හොද වැඩ නිසා නේ, නේද? එයාලව බලයට පත් කරලා අපි එයාලට ආරක්ෂාවලුත් දෙන්නේ අපේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්, අනේ මගේ කට! (නි)
ඇත්ත එක්කෙනෙක්වත් දෙන්න
හරි ෂෝයි. ඒ අයටත් ආරක්ෂාව දෙන්න. තව භාණ්ඩ දෙක තුනක බදු මහජනයා පිටින් පටවන්න. වැරැද්දක් නොකරන/නඩු නැති පිරිසිදු කෙනෙකුට නම් ආරක්ෂාවක් අනවශ්‍යයි. ඇයි මේ අයට විතරක් ආරක්ෂාව. අදත් කහවත්තෙ දෙන්නෙක් මරලලු නේද..කෝ අහිංසක ජනතාවට ආරක්ෂාවක්...? (නි)
ස්ත්‍රී දූෂණ කරගෙන යන්නද ???
රටකට ගිය කලක්
අයියෝ සල්ලි
අම්මපා හැබෑව. ආරක්ෂාවට සුරයක් හරි බදිමු. (නි)
මොන එහෙකටද මෙයාලට සේනාව (ස)
නියමෙට තියෙයි
අයියෝ ඒ මොකටද (දී)
රටේ මැරයින්ව බෝකරන පළාත් සභා, ප්‍රාදේශීය සභා නැත්තටම නැතිකර දැමිය යුතුයි. (නි)
ඇයි මෙයාලට මේ තර්ජන? (නි)
කවුරුත් නිහඞ මොකද? (නි)
මට හිතෙන විදියට පොලිස් ආරක්ෂාව ඉල්ලන්නේ මොනවහරි වැඩක් කරන්න වෙන්න ඇති. (නි)
අපරාධයක් නොකළ කෙනා හට කිසිවෙකුගේ ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. (නි)
මහජනතාව මෙයාලගෙන් තමයි ආරක්ෂා කරගන්න ඕනෑ. (නි)
මහජනයා මන්ත්‍රිවරුන්ගෙන් ආරක්ෂා කිරීම පොලිසියේද යුතුකමයි. (නි)
බය නම් ඕවට එන්න ඕනිද ?? (ස)
කරන වැඩ වලට මහජනතාවගෙන් සැලකුම් ලැබෙයි කියලා බය ඇති. (නි)
මම නම් හිතන්නෑ ආරක්ෂාකල යුතු දුලබ පිරිසක් කියලා (ස)