
(සුජිත් හේවාජුලිගේ)
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතද ලබන 18 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට, අධිකරණ පද්ධතියේ නඩු කටයුතු කඩිනම් කිරීමට සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට ගෙන එන ලද සංශෝධන පනතකි.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර, එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි දින 14ක කාලසීමාවක් හිමිවේ.
එම පෙත්සම විභාග කර දින 3ත් - 21ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd