(අංජුල මහික වීරරත්න)
රජයේ පාසල්වල ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට හුරු වීම සහ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති වීම ක්‍රීඩා කටයුතු සඳහා පාසල් සිසුන්ගේ සහභාගීත්වය සතුටුදායක නොවන මට්ටමක පැවතීමට බලපා ඇති අතර, එම තත්ත්වය ඔවුන්ගේ ශාරීරික, සාමාජීය හා මානසික යහපැවැත්ම ප්‍රවර්ධනයේ දී ගැටලු නිර්මාණය කරන බව නිරීක්ෂණය කර ඇත. එසේම එම තත්ත්වය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්විය හැකි විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනා ගැනීමට ද බලපෑම් ඇති කරයි.
රට තුළ පවත්නා රජයේ පාසල් 10,096 ක් අතරින් 5%ක තරම් අඩු පාසල් ප්‍රමාණයක පමණක් සම්මත ප්‍රමාණයේ ක්‍රීඩා පිටි පවතින බව තහවුරු වී ඇති බැවින්, ක්‍රීඩාව සඳහා සිසුන්ට සමාන අවස්ථාවන් සලසා දීම සහතික කිරීම පිණිස සෑම අධ්‍යාපන කලාපයක් තුළම මීටර 400 ධාවන පථයක් සහිත සම්මත ප්‍රමාණයේ එක් ක්‍රීඩා පිටියක් හෝ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd