බණ්ඩාරගම ජාතික පාසලෙන් නුවර එළියේ විනෝද චාරිකාවක ගිය ළමයින් 80 දෙනකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ යළි නොපැමිණීම නිසා කලබලයට පත්වූ මව්පියෝ අද පාසලඑ ආහ. ළමයිනට බඩේ අමාරුවක් සෑදී දියතලාව රෝහලට ඇතුළු කිරීම නිසා ආපසු ඒම පමාවිය. ළමයින් රැගත් බසය ආපසු එමින් සිටින බවත් පාසල අසළ පොලිස් ආරක්ෂාව ද යොදා ඇති බවත් බණ්ඩාරගම පොලීසිය කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය විනෝද චාරිකාවක් නොව අධ්‍යාපන චාරිකාවක් ලෙස සංශෝදනය විය යුතු අතර,චාරිකාවට පසුව චාරිකාවට අදාලව රචනා හා චිත්‍ර තරගයක්ද පවත්විමටටද පාසල සංවිධානය කර තිබුණි. (දී)
පාසල් ළමයින්ටත් වසංගතයක් බෝවේගන එනවද කොහෙද ?? (ස)
මම හිතුවේ අලි ප්‍රහාරයකට ලක්වෙලාය කියලා (ස)
ඒ දෙමව් පියන්ගේ කලබලය 100% සාධාරනයි
මොකද්ද ඉතින් අලි කලබලය (දී)
එක්කෙනෙක්ට බඩේ අමාරුවක් හැදෙන්න ඇති. ඊට පස්සේ හැමෝටම බෝ වෙන්න ඇති (ස)
මේ කිසි කෙනෙක් ගාව ජංගම දුරකථනයක් තිබිලා නැද්ද ? (ස)
පමාවට හේතුව දුරකතනයෙන් වත් කියන්න තිබුන නේ (ස)
මිනිස්සු බය වෙනවා (දී)
ඔය කියන විදිහේ අලි කලබලයක් වෙන්න හේතුවක් එතන සිද්ධ උනේ නෑ.දියතලාවේ හොස්පිටල් ගිය වෙලාවේ ඉදලම දෙමව්පියන්ව දැනුවත් කලා එන්න ප්‍රමාද වන බවත් දරුවන්ට ප්‍රතිකාර ලබාදෙන බවත්.නමුත් මොලයක් නැති නුගත් දෙමුපියෝ කීපදෙනෙකුගේ මෝඩ හැසිරීම නිසා තමයි කලබලයක් ඇති වුනේ.අඩුම ගානේ ඒ ළමයින්ව එක්කගෙන එන වාහනවල රියදුරු මහතුන්ට, ගමන පුරාවටම වමනේ ඇදපු දෙමවුපියන්ට පවා ගහපු බැනපු කීපදෙනෙක් දෙමවුපියෝ නිසා මේ තත්වය ඇති වූ අතර,බහුතරක් දෙමාපියන් හා සමස්ත ගුරුභවතුන් මෙම තත්වය ඉතාම පිළිකුලෙන හෙළ දකිනවා. (ස)
ඒ දෙමවුපියන් සාධාරණයි ඒ තමන්ගේ ළමයි (දී)