මහමග වැටී තිබූ 8755ක මුදල් පසුම්බියක් අයිතිකරු සොයා බාර දුන් ගාල්ල වාරාය පොලීසියේ කොස්තාපල් කේ කේ ජීවන් මහතාගේ අවංක හා ආදර්ශවත් ක්‍රියාව අගය කරමින් ගාල්ල සහකාර පොලිස් අධිකාරී බන්දුර බෙරේරා මහතා ඔහු සේවය කරන ගාල්ල වරාය පොලීසියටම ගොස් ඔහුට ස්තුති කර බුදුපිළිම වහන්සේ නමක් ද තෑගි කළේය. තිරප්පනේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව අසල වැටී තිබූ රුපියල් 2500ක මුදල් පසුම්බියක් හැඳුණුම්පත ඇතුළු ලියවිලි සමග අහුලා ගත් සිවිල් ආරක්ෂක බළකා සෙබළ ඩබ්ලිව් ගුණරත්න එය අයිතිකරු වන තිරප්පනේ රංජිත් කරුණාරත්න දුන්නේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි....
8755ක් කොස් ඇටද? ඩොලර්ද? පවුම්ද? (ස)
පොලිස් කාරයො නෙමෙයි පොලිස් නිලධාරීන් කියලා කියන්න (ස)
මෙවැනි ක්‍රියාවක් දුටු තැන අද සමාජයට එය පුදුම දෙයක්. මන්දයත් අද සමාජයේ මෙවැනි යහපත් ක්‍රියාවන් විරළ බැවිනි. එදා තිබුණ දේ අද සමාජයෙන් තුරන් වෙමින් පවතී. (නි)
වරුණ, චානක මමත් එකඟයි (ස)
ඒ මනුස්සයාගේ වැටුප කීයකින් හරි වැඩි කළා නම් නේද හොද? (නි)
හොඳ වැඩ වල ප්‍රතිවිපාක ලෙස කර්මය අනුව හොඳ දේවල් ආපහු ලැබේ. ඇත්තටම ඇත්ත කතාවක් නම් මගේ ප්‍රණාමය! (නි)
මේ වගේ අය මතු සංසාරෙ මා ධනපතියො වෙලා ඉපදෙනවා - හොරු දුප්පත් වෙලා ඉපදෙනවා - මහජන දේපල සොරාගත් අය ආබාධිත හිඟන්නො වෙලා ඉපදෙනවා කියල බණපොතේ තියනවා...(නු)
මෙවන් අවංක මිනිසුන් අපේ රටේ තවම ඉන්න එක ගැන සතුටුයි. (නි)
අනේ හොඳයි (ස)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද .............(ස)
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් තවමත් ඉන්නවා. (නි)
හඳ පිරි ස්තූතිය පිළිගන්න. ඔබ දෙපල රටට ආදර්ශයක් (ස)
අපරාධ, මිනීමැරුම් ගැන හැමදාම අහන අපිට මෙහෙම දෙයක් ඉදලා හිටලා හරි අහන්න ලැබෙන එක හිතට සතුටක්. (නි)
ගාල්ලට ආඩම්බර විය හැකි දේවලුත් අහන්න ලැබෙනවා එහෙනම්! බොහොම සන්තෝෂයි, ඔබ දෙදෙනා ගැනම. (නි)
මොනවා වුණත් හිතහොද අවංක රාළහාමි කෙනෙක්. ඔබට ජය! (නි)