ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට තර්ජනය කළැයි පිරිස පැමිණි බව කියන වාහනයක් ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතාට දැනුම් දුන්නේය.
පසුගිය 17 වැනි දා තමා අධිකරණයේ සිට නිවසට එද්දී අවියක් පෙන්වා තර්ජනය කළැයි වන්නිනායක මහතා පොලීසියට පැමිණිලි කැර තිබිණි.
පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියෙන් දින දෙකකට පසු ඔහුට ලැබුණු නිර්නාමික දුරකතන පණිවුඩයකින් වාහන අංකයක් දී ඇති බවත්, එම වාහනය ගැන විමර්ශන කටයුතු සිදු කැරෙන බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න. දැන් පාරේවත් බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වුණානේ. (නි)
මංජුල තිලකරත්නට පහරදුන් අය මෙතෙක් ඇල්ලුවේ නැහැ නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කන්ගැට්ටාගේ එකක්ද දන්නෙ නැහැ වාහනේ? (නි)
පස්සෙන්ම තමයි ඉතින්. කවදාවත් ඉස්සර කරන්නවත්, අල්ලගන්නවත් බැරිවේවිද? (නි)
මට මේ ලිපිය කියෙවුවට පස්සෙ නිකන් පිස්සු වගෙයි. (නි)
අල්ලන්න යද්දී පෙට්‍රල් ඉවරවුණාද දන්නෙ නැහැ. (නි)
අල්ල ගත්ත දවසට කියන්නකෝ. (නි)
හෙට වෙද්දි තත්ත්වය වෙනස් වේවි. (නි)