ගවයන් තිදෙනෙකුවත් ඉඩ නැති කුඩා ලොරියක එළදෙනුන් 11 දෙනෙකු අට්ටි ගසා රැගෙන යමින් සිටියදී දඹුල්ල පොලීසියට රුපියල් 30000ක පගාවක් දී බේරී යාමට ජා-ඇල හා පොළොන්නරුවේ තිදෙනෙකුට නොහැකි විය. පොලීසිය එම අල්ලස ප්‍රතික්ෂේප කොට ඔවුන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට යයි. දිඹුලාගල සහ මින්නේරිය කැලේ නිදැල්ලේ ගැවසෙන ගවයන් අල්ලා ගලේවෙලට ගෙනයමින් සිටියදී පොලීසියට අසුවිය. එක් එළදෙනක මියගොස් සිටි අතර තවත් එළදෙනුන් හතර දෙනෙකු පණ අදමින් සිටි බව පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර්ලභ සිද්ධියක්. හැමදාම මෙහෙම වෙනවා නම් ගොඩක් වටිනවා. (නි)
පොලිසියට නොගැහුවොත් ලබන ආත්මෙවත් හෑදෙන්නෙ නැහැ. (නි)
මේක හොද වැඩක්( රොමේෂ් වගේ අය ඉන්නකම් හොද නරකටමයි පෙනෙන්නේ) (නි)
පුදුමයි ඒත් ඇත්තයි. (නි)
කරුණාකර මේ අමානුෂික පුද්ගලයින්ගේ නම් සදහන් කරන්න බැරිද? (නි)
එහෙම තමයි හොද නිලධාරීන්
අවංකව සේවය කල දඹුල්ල පොලීසියේ මහත්වරුන්ට අපගේ ප්‍රණාමය. ඔබලාට ගොඩාක් පින්! (නි)
පොලිසියට ගල් ගහන, බණින අය ඒ අයගේ වැටුප ගැන දන්නෙ නැහැ නේද? (නි)
දේශපාලනය සම්බන්ධ නැත්නම් අපේ පොලිසිය ගොඩක් හොදයි. (නි)
අපිට දැනගන්න ආසයි මේ එළදෙනුන් ආයේ ඇතිකරන්නද, නැතිකරන්නද කියලා. (ස)
හොද වැඩක්
එක්කෙනෙක් දෙන්නෙක් පොලිසියේ නම කතා කලාට සමස්ත පොලිසිය හොදයි
අන්න වැඩ
ගල් ගහන්නේ ලබන වැටුප දිහා බලලා නෙමෙයි, කරන වැඩ දිහා බලලා. (නි)
අන්න පොලීසියේ කොල්ලෝ .(ස)
පොලිසිය පගාවයි පුතික්ෂේප කරලා තියේන්නේ. සල්ලී පුතික්ෂේප කරලා නෑ. (ස)
දඩ මුදලින් කොටසක් පොලීසියට නීත්‍යානුකූලව ලැබිය යුතුයි .(ස)
පොලිසිය හොද වෙලා
අස්චර්යය
මොනවා කරන්නද ? සල්ලි තිබ්බේ එච්චරයි .(ස)
ලංකාවේ පොලීසිය මෙහෙම ඉන්නවා නම් ආශ්චර්‍යය අත ලඟයි .(ස)
ජයවේවා
හොද නිලධාරින් ඉන්නවා
සන්තෝසයි
මේ තුන්දෙනාවත් ඒ තෙරපෙන ගවයින් අතරට දමලා දවස් දෙක තුනක් ලොරිය ඇතුලෙම තිබ්බනම් හරි..!(නු)
නියම පොලීසිය....(ස)
ගොඩක් හොඳයි .(ස)
බුදු අම්මෝ මේක උනේ ලංකාවෙද ? .(ස)
විශිෂ්ටයි. ක්‍රියාව අගය කරනවා .(ස)
ඔන්න බලන්න . ඔහොමයි අපේ පොලීසිවල වැඩ .(ස)
පොලීසිය අති විශිෂ්ඨයි .(ස)
ගාණ මදියිද .(ස)
දියුණු මිනිසුන් සිටින රටවල පොලිසිය පාගව ගැනීම විශාල ප්‍රවෘර්තියකි . ලංකාවේ පොලිසිය පාගව නොගැනීම විශාල ප්‍රවෘර්තියකි .(ස)
අහන්නත් සතුටුයි .(ස)
දැං හරිනේ.. ඉල්ලපු ගාන දුන්නනම් ඔහොම වෙන්නෙ නැහැනේ.. (නු)
රටේ හැම තැනම ඔහොම වෙනවනම් .(ස)
මුදටල යට නොවී වැඩ කරන පොලිස් නිලධාරිත් එහෙනම් අපේ මේ දීපයේ ඉන්නවා..!(නු)
පව් අනේ මිය ගිය එළදෙන - හරක් හොරු ඇප පිට නිදහස් කෙරුවහම ආයෙමත් කරන්නෙ මේ වැඬේම තමා - හරක් අල්ලන් බැරි කරලා සමාජගත කරන්න ඕනෙ (ස)
අනේ සාධු සාධු ඉදලා හිටලා හරි මේ වගේ ප්‍රතිපත්තියක් අහන්න ලැබීම ගැන සතුටුයි..! පොලිසිය නරකයි කියා සිතා හිටියට ඒ තරම්ම නරක නැහැ බලනකොට නේද? ඔහොම යං.. ඔහොම යං..!(නු)
ඒ අයවත් ගෙනියන්න ඕන හොදට පැක් උන වාහනයක හොදට වහලා..!(නු)
මම හිතන්නේ දුන්නු ගාන මදි වෙලා වෙන්න ඇති..!(නු)