ශී‍්‍ර ලංකාවට එරෙහිව ලබන සිකුරාදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී තමන්ගේ සුපුරුදු ලකුණු යන්ත‍්‍රය නැවතත් කි‍්‍රයාත්මක කළ හැකි වෙතැයි ඕස්ටේ‍්‍රලියානු පිතිකරු පිලිප් හියුස් පවසයි. හරියටම වසරකට පොරතුව, හොබාර්ට්හි බෙලරිව් ඕවල් පිටියේදී සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූ පිලිප් හියුස් එහිදී නවසීලන්තයට එරෙහිව ඉනිම දෙකේදීම ලබාගත්තේ ලකුණු 24 ක් පමණි. ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පළමු ටෙස්ට් තරගය ලබන සිකුරාදා ආරම්භ වන්නේද මෙම කී‍්‍රඩාංගණයේදීමය. ”මාස 12 කට පස්සේ, මා හොඳ තත්ත්වයක සිටිනවා කියා මා හිතනවා” යයි නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවීමක් ලද පිලිප් හියුස් පැවසීය. හියුස්ගේ නැවත කැඳවීමට ප‍්‍රධාන හේතුවක් වූයේ ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිංගේ සමුගැනීමයි. ”කණ්ඩායමේ ස්ථානය අහිමි වූවායින් පසුව මට කැපකිරීම් විශාල ප‍්‍රමාණයක් කරන්නට සිදුවුණා. විශාලතම එකක් වුණේ විස්සයි/20 කඳවුරෙන් ඉවත් වෙලා මගේ පිතිකරු තාක්‍ෂණය වඩාත් හොඳ තත්ත්වයට පත්කර ගැනීමයි” යයි තවමත් ටෙස්ට් තරග 17 කට පමණක් සහභාගි වී සිටින පිලිප් හියුස් ඊයේ (11 වැනිදා) සිඞ්නි නුවරදී පැවසිය. ටෙස්ට් තරගයේදී පිලිප් අංක 3 පිතිකරුවා ලෙසින් කී‍්‍රඩා කිරිමට නියමිතය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් යන්න අනේ යන්න. (නි)
ඒවා කොහෙද අපි ඉන්නකල්. (නි)