IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පිලිප් හියුස් ලකුණු යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙයි

ශී‍්‍ර ලංකාවට එරෙහිව ලබන සිකුරාදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී තමන්ගේ සුපුරුදු ලකුණු යන්ත‍්‍රය නැවතත් කි‍්‍රයාත්මක කළ හැකි වෙතැයි  ඕස්ටේ‍්‍රලියානු පිතිකරු පිලිප් හියුස් පවසයි. හරියටම වසරකට පොරතුව, හොබාර්ට්හි බෙලරිව්  ඕවල් පිටියේදී සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූ පිලිප් හියුස් එහිදී නවසීලන්තයට එරෙහිව ඉනිම දෙකේදීම ලබාගත්තේ ලකුණු 24 ක් පමණි. ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පළමු ටෙස්ට් තරගය ලබන සිකුරාදා ආරම්භ වන්නේද මෙම කී‍්‍රඩාංගණයේදීමය. ”මාස 12 කට පස්සේ, මා හොඳ තත්ත්වයක සිටිනවා කියා මා හිතනවා” යයි නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවීමක් ලද පිලිප් හියුස් පැවසීය. හියුස්ගේ නැවත කැඳවීමට ප‍්‍රධාන හේතුවක් වූයේ  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිංගේ සමුගැනීමයි. ”කණ්ඩායමේ ස්ථානය අහිමි වූවායින් පසුව මට කැපකිරීම් විශාල ප‍්‍රමාණයක් කරන්නට සිදුවුණා. විශාලතම එකක් වුණේ විස්සයි/20 කඳවුරෙන් ඉවත් වෙලා මගේ පිතිකරු තාක්‍ෂණය වඩාත් හොඳ තත්ත්වයට පත්කර ගැනීමයි” යයි තවමත් ටෙස්ට් තරග 17 කට පමණක් සහභාගි වී සිටින පිලිප් හියුස් ඊයේ (11 වැනිදා) සිඞ්නි නුවරදී පැවසිය. ටෙස්ට් තරගයේදී පිලිප් අංක 3 පිතිකරුවා ලෙසින් කී‍්‍රඩා කිරිමට නියමිතය.



අදහස් (0)

පිලිප් හියුස් ලකුණු යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙයි

චන්ද්‍රසිරි Tuesday, 11 December 2012 10:25 PM

අනේ නිකන් යන්න අනේ යන්න. (නි)

:       0       0

ශානිකා Tuesday, 11 December 2012 10:52 PM

ඒවා කොහෙද අපි ඉන්නකල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site