ශ්‍රී ලංකාවේ පොල් වගාව විනාශ කිරිමට බලපා දරුණුතම තර්ජනය වන්නේ ඉතා වේගවත් ලෙස පැතිර යන ‘ශාඛ ප්ලස්මා’ නැමැති ජිවියා බවට ප්‍රථම වතාට විද්‍යාත්මකව තහවුරු කරගැනීමට කොළඹ විශ්ව විද්‍යාලය සමත්වු බව එහි සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රිති උඩගම මහත්මිය පැවසුවාය.
මෙම ‘ශාඛ ප්ලාස්මාවට’ සියයට අනුනවයක්ම සමාන ජිවියකු දේශිය පුවක් වගාවද අනතුරට පත් කිරිමේ අවධානමක් සිදු කරගෙන යන බව අනාවරණය කරගත් බවත් මහාචාර්ය ප්‍රිති උඩගම සදහන් කළාය.
අණුක විද්‍යාවේ සහ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයෙන් ( ස්කෑනින් ඉලෙක්ට්‍රොන් මයික්‍රස්කොප් ) සිදුකළ සංකිර්ණ පරික්ෂණයකින් පසු මෙය සොයා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්හිද විද්‍යා විශේෂ උපාධිධාරිනියක් සේම කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශනවේදි උපාධියක් හදාරන චාමිණි කනටිවල ද සිල්වා මහත්මියයි.
දේශිය පොල් වගාව විනාශමුඛයට පත්වීගෙන යන බැවින් ඊට හේතුව සොයාගෙන රෝග නිර්ණක කට්ටලයක් නිර්මාණය කර දෙන ලෙසට පොල් පර්යේෂණ ආයතනය මහාචාර්යවරිය ඇතුළු කිහිප දෙනෙකුගෙන් කළ ඉල්ලිමක ප්‍රතිළුලය ලෙස සිදු කළ පරික්ෂණයක් ලෙස මෙය හැදින්වෙයි.
මෙම ‘ශාඛ ප්ලාස්මා’ ජිවියා ශ්‍රී ලංකාවට ආවේණික බවය. හරි හැටි හේතුවක් සොයා ගතගෙන නොහැකිවිමෙන් පොල් වගාව උරදුන් අර්බුදය හේතුවෙන් පාඩුවේ පොල් ගස් දෙලක්ෂ හැත්තෑ දහසකට අධික ප්‍රමාණයක් මේවන විට විනාශ කර තිබෙන බවත් අනාවරණය වෙයි.
නිශ්චිත හේතුව විද්‍යාත්මකව නිසැකවම තහවුරු කර ගැනිමට සමත් වු නිසා පොල් ත්‍රිකෝණය ඇතුළුව සමස්ත පොල්වගාවට බේරාගැනිමට හැකි වෙතැයි මහාචාර්යවරිය කියයි.
මෙම සාර්ථක සොයා ගැනිම වෙනුවෙන් එංගලන්තයේ නොටිංගැම් විශ්ව විද්‍යාලය චාමිණි ද සිල්වා මහත්මියට ශිෂ්‍යත්වයක් මත විශේෂ විද්‍යාත්මක ක්‍රමවේද පිළිබදව අධ්‍යයනයක් ද ලබා දෙන ලදි.
මහාචාර්ය ප්‍රිති උඩගම මහත්මියගේ උපදෙස් සහ අධික්ෂණය යටතේ නොටිංහැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැතිව් ඩිකින්සර් මහතාගේ මග පෙන්වීම යටතේ ආචාර්ය රෝහණ විජේසේකර මහතාගේ සහයෙන් චාමිණි කනටිවල ද සිල්වා මහත්මිය මෙම විද්‍යාත්මක තහවුරු කිරිම සිදු කළාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ට සොයාගැනීමක් (නි)
ඔබගේ සියලුම අදහස්වලට සහ දිරිගැන්වීම් වලට ස්තුතියි. සෙව්වන්දි මෝදරගේ, ඔබගේ අදහස අගයමි. ශාක රෝග කාරකයකු නිගමනය කළ යුතු නිවැරදිම ආකාරය Kosch’s Postulate වේ. එහෙත් මෙය ශාඛ ප්ලස්මාවන් (phytoplasma) සඳහා භාවිතා කීරීමට අපහසුය. ඒනිසා සුදුසුම වන්නේ Scanning Electron Microscopy මගින් ජීවියා හදුනා ගැනීමයි. මෙමගින් මුල්ම වතාවට ජීවියා හදුනා ගැනීමට අපට හැකිවිය. එමෙන්ම ආසාදිත පුවක් වලද මෙම ජීවියා හදුනා ගැනීමට හැකිවිය. තවදුරටත් මෙම රෝග කාරකයන් එම ඛාණ්ඩයට පමණක් ආවේණික විශේෂිත ජානයක් වර්දනය කිරීම මගින් සනාථ කරඇත. මෙය ඔබ සඳහන් කළ පරීක්ෂණයේ භාවිතා කළ ඒක සෛලික ජීවීන්ගේ එකිනෙකට ඉතා සමාන පොදු ජාන වර්ධනය කිරීමට වඩා විශේෂිතවේ.
මීට කලින් (2012 දී) එල් පෙරේරා ඇතුළු පිරිසක් ප්ලැනට් පැතලොජි ජර්නල් එකේ ලියල තිබුන මේ රෝගය ගැන. එහෙනම් මේ ලස්සන නෝනලා එ්ක දැන් හොයා ගත්ත කියන්නේ මොනවද? මේ නෝනලා ඒ ජර්නල් එක බලල නැද්ද? නැත්තම් කියවන්න Journal of Plant Pathology (2012) Vol . 94 (1). (බ)
ඉක්මනින් මෙයට විසඳුම් දිය යුතුයි මෙය ජාතික ප්‍රශ්නයක් (දිල්)
මෙයට ප්‍රතිකාරයකුත් ප්‍රසිද්ධ කලොත් හොඳ නේද? (ම)
ඉතා අනර්ගයි. ඔය ගමන්ම බෙහෙතත් සොයා ගන්න . නැතිනම් ඉන්දියාවටයි ඒ වාසියත් යන්නේ.(හේ)
අනර්ග ක්‍රියාදාමයක්. තවතවත් දිරි ලැබේවා! සොයා ගැනීම් වලට අපේ ආචාරය මේ ලස්සන නෝනලා දෙන්නට! (බ)
ඔබතුමයට සුබපැතුම් (ම)