IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැරිස් පුවත්පතක් බොරු කියලා

පැරිසියේ කොටි නායකයා වූ නඩරාජා මතින්දරන් හෙවත් බාරතී හෙවත් රේගන් ඝාතනයට ශ්‍රී ලංකාව හවුල් යැයි ප්‍රංශයේ පැරිසියන් පුවත්පතේ පසුගිය 13 වැනිදා පළ වූ වාර්තාව අසත්‍ය බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක ප්‍රංශ පුවත්පත්වලට ප්‍රකාශ කලේය. එම පුවත්පත කියා ඇත්තේ පැරිස් කොටි නායකයා මරා දැමියහොත් යුරෝ 50000ක් හෙවත් රුපියල් 86 ලක්ෂයක් සමග ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍රයක් සපයන බව ප්‍රහයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග හිතවත්කම් පවත්වන කෙනෙකු යෝජනා කළ බව එම පුවත්පතේ පළ කැර තිබිණි. මෙම වාර්තාව සැපැයූ ස්ටෙෆන් සෙලාමි මාධයවේදියා හමුවීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව ද ආචාර්ය දයාන් කියයි. කොටි සංවිධානයට සම්බන්ධ ආයතනයක් වන දෙමළ සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රධානියා වූ බාරතී වෙඩි තබා මරා දැමුණේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් යැයි ප්‍රංශ පොලිසිය ඒ දිනවල ප්‍රකාශ කළේය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින දෙමළ තරුණයන් දෙදෙනා හ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ප්‍රශ පොලීසියට එවැනි ප්‍රකාශයක් කර නැති බව ද ආචාර්ය ජයතිලක කියයි.



අදහස් (0)

පැරිස් පුවත්පතක් බොරු කියලා

අසේල Sunday, 18 November 2012 06:52 PM

ඉතිං දැන් මොකක්ද වෙන්න ඕනෑ? (නි)

:       0       0

අසේල Sunday, 18 November 2012 07:10 PM

දැන් මොනවද තියෙන ප්‍රශ්න? (නි)

:       0       0

කැටවල Monday, 19 November 2012 12:59 AM

අපේ රට ගැන මෙහෙම කියන එක ලොකු වැරැද්දක්. (නි)

:       0       0

අජිත් Monday, 19 November 2012 07:17 AM

කොටින්ට උඩගෙඩි දෙන එක තවම නවත්තලා නෑ වගේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 19 November 2012 08:32 AM

ඒ කතාව බොරු නම් ඔප්පු කරලා නඩු දාන්න අවශ්‍යයි නේද? (නි)

:       0       0

කුමාර Monday, 19 November 2012 03:10 PM

මේවා ඔයතරම් වටින්නේ නෑ නේද (ස)

:       0       0

රානි Sunday, 18 November 2012 04:14 PM

අයියෝ සල්ලි

:       0       0

ලලිත් Sunday, 18 November 2012 04:57 PM

මේ මරණය ඔහුට සැප වැඩියි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site