පැරිසියේ කොටි නායකයා වූ නඩරාජා මතින්දරන් හෙවත් බාරතී හෙවත් රේගන් ඝාතනයට ශ්‍රී ලංකාව හවුල් යැයි ප්‍රංශයේ පැරිසියන් පුවත්පතේ පසුගිය 13 වැනිදා පළ වූ වාර්තාව අසත්‍ය බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක ප්‍රංශ පුවත්පත්වලට ප්‍රකාශ කලේය.
එම පුවත්පත කියා ඇත්තේ පැරිස් කොටි නායකයා මරා දැමියහොත් යුරෝ 50000ක් හෙවත් රුපියල් 86 ලක්ෂයක් සමග ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍රයක් සපයන බව ප්‍රහයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග හිතවත්කම් පවත්වන කෙනෙකු යෝජනා කළ බව එම පුවත්පතේ පළ කැර තිබිණි.
මෙම වාර්තාව සැපැයූ ස්ටෙෆන් සෙලාමි මාධයවේදියා හමුවීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව ද ආචාර්ය දයාන් කියයි.
කොටි සංවිධානයට සම්බන්ධ ආයතනයක් වන දෙමළ සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රධානියා වූ බාරතී වෙඩි තබා මරා දැමුණේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් යැයි ප්‍රංශ පොලිසිය ඒ දිනවල ප්‍රකාශ කළේය.
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින දෙමළ තරුණයන් දෙදෙනා හ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ප්‍රශ පොලීසියට එවැනි ප්‍රකාශයක් කර නැති බව ද ආචාර්ය ජයතිලක කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං දැන් මොකක්ද වෙන්න ඕනෑ? (නි)
දැන් මොනවද තියෙන ප්‍රශ්න? (නි)
අපේ රට ගැන මෙහෙම කියන එක ලොකු වැරැද්දක්. (නි)
කොටින්ට උඩගෙඩි දෙන එක තවම නවත්තලා නෑ වගේ (ස)
ඒ කතාව බොරු නම් ඔප්පු කරලා නඩු දාන්න අවශ්‍යයි නේද? (නි)
මේවා ඔයතරම් වටින්නේ නෑ නේද (ස)
අයියෝ සල්ලි
මේ මරණය ඔහුට සැප වැඩියි (ස)