රට පුරාම පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්නපත්‍රයට පෙර ඔහුගේ පන්ති සිසුන් අතර බෙදා දුන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක් ම විභාග දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ ඒ ආකාරයෙන්ම වාගේ තිබීම ගැන ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා විභාග කොමසාරිස්ට හා ජනපති ලේකම්ට අද පැමිණිලි කළේය. සබැඳි පුවත්... විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා?
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න 18ක්ම සමානයි කියන්නේ ලොකු අවුලක් තමයි. (නි)
කොහොමද එහෙම උනේ (දී)
ඕක මොකක්ද? හිතන්නකෝ දෝෂාභියෝගය ගැන. ඔයාලටම තේරෙයි. (නි)
18යිද තිබුණේ? කාටද ආඩ්මබර? (නි)
මෙතන මොකාක් හෝ සිද්ද වී තියෙනවා (දී)
කිහිප වරක් මේක වුණා. ඒත් නඩුත් නැහැ. දඩුවමුත් නැහැ. ඉදිරියටත් වෙන එක පුදුමයකුත් නෙමෙයි. (නි)
ප්‍රශ්න පත්‍ර හදන අයට වැඩියෙන් ටියුෂන් ගුරුවරුන්ට අත්දැකීම් වැඩි බවකුයි මට නම් හැගෙන්නේ. (නි)
මේක ලොකු දෙයක් නෙමෙයි. පලපුරුද්ද අනුව අනුමාන කරන්න පුළුවන්. පසුගිය අවුරුදු 10ක ප්‍රශ්ණ පත්‍ර අරන් බලන්න. එතකොට කාට කාටත් අනුමාන කරන්න පුළුවන් මොනවගේ ප්‍රශ්ණද විභාගෙට එන්නේ කියලා. (නි)
අනුමාන ප්‍රශ්න පත්‍ර සැකසීම දක්ෂ ගුරුවරයෙකුට සුලු දෙයකි. (නි)
විභාගයට එන වගේ ප්‍රශ්න වෙනත් අයට හදන්න තහනම් නම් ඒ ප්‍රශ්න මෙන්න මේවායි කියලා කලින්ම කියන්න (ස)
සමහරු විද්‍යාව ඉගෙනගෙන නැති අය බව දාන අදහස් වලින් පේනවා. දක්ෂ ගුරුවරුන් අනුමාන ප්‍රශ්ණ ඉදිරිපත් කළත් රූප සටහන් මේ විදිහට එක සමාන විය නොහැක. හොදම උදාහරණය 3 හා 4 ඡායාරූපයේ ඇති ප්‍රස්ථාර (නි)
ගණන් ගන්න එපා බාහිර උපාධි ප්‍රශ්න පත්‍ර ගෙඩි පිටින්ම කලින් දෙනවා සමහර තැන්වල, උත්තරත් එක්කම. මේ ප්‍රශ්න 18 නම් මොකක්ද? (නි)
හොඳයි. ළමයි කොහොම හරි පාස් වෙන්න ඕන නේ (ස)
දක්ෂ ගුරුවරුන්ට අනුමාන කරන්න පුලුවන් විභාගයට එන ප්‍රශ්න.ඇයි ඒවා හදන්‍නේ එකම රාමුවක් තුළ.ඒකට කියන්‍නේ සිලබස් කියලා.යම් උගන්වන ගුරුවරයකුට නොහැකිනම් විභාගයට එන එක ප්‍රශ්නයක්වත් අනුමාන කරන්න ඒ ගුරුවරයාගෙන් ඇති වැඩේ මොකක්ද?(ස)