කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ‘84 වන සුලෝහිත සංග‍්‍රාමයේ පළමු දිනය වන අද (02 -සෙනසුරාදා) තරගය නතර කරන විට, නාලන්දා විදුහල සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 298 ක් රැස්කර තිබිණ.
නාලන්දාව වෙනුවෙන් වමත් පිතිකරු ප‍්‍රමුත් හෙට්ටියාවත්ත (නොදැවී 102) සහ දකුණත් පිතිකරු අවිෂ්ක ද සිල්වා (නොදැවී 77) පන්දු 196කදී ලකුණු 167ක අගනා සබඳතාවයක් ගොඩනගමින් තේ පානයෙන් පසුව එකම කඩුල්ලක් හෝ දවාගැනීමේ අවස්ථාව ආනන්ද පන්දු යවන්නන්ට නොදුන්හ.
තේ පානය සඳහා තරගය නතර කරද්දී ලකුණු 45ක් රැස්කර සිටි ප‍්‍රමුත් හෙට්ටියාවත්ත තේ පානයෙන් අනතුරුව වේගයෙන් සිය ශතකය කරා යමින් පන්දු 87කට මුහුණ දී හතරේ පහර 12ක් ද සහිතව සිය ශතකය සම්පූර්ණ කළේය. අවිෂ්ක ද සිල්වා පන්දු 173 කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් එල්ලකරමින් නොදැවී 77ක් රැස්කළේය.
නාලන්දා විදුහල පළමු ඉනිමේදී කඩුලූ 5කට ලකුණු 298 (පන්දු ඕවර 81)
(ප‍්‍රමුත් හෙට්ටියවත්ත නොදැවී 102, අවිෂ්ක ද සිල්වා 77, මාලිංග අමරසිංහ 60, වොෂාන්ත සිල්වා 37, සම්මු අශාන් 73/3)
ආනන්ද විදුහල පළමු ඉනිමේදී කිසිවෙකු නොදැවී ලකුණු 14 (පන්දු ඕවර 05)
*02
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ආනන්දේ පරිප්පු මරියකඩේ සෙරෙප්පු" කියලා තමයි කොල්ලෝ කෑගහන්නේ. (නි)
මැච් එක බලන්න යන්න බැරි වෙන එක ගැන දුකයි. ජය වේවා දෙපිලටම! (නි)
නාලන්දාවට ජය....!!!(ස)
ආනන්දේ දිනන්න ඕනෑ. (නි)
ප්‍රදීප්, සෙරෙප්පුයි පරිප්පුයි දෙකම අපිට ජීවිතයේ අවශ්‍ය වෙනවා. (නි)
මේ පාර නාලන්දා ටීම් එක හොඳයි... (ස)
ආනන්දයට ජය! (ස)
ආනන්දයට ජය පතනවා. ඒත් මේ පාර නාලන්ද කණ්ඩායමත් හොදයි. (නි)
අපි ඔය පාසල් දෙකටම එක වගේ ආදරෙයි. කවුරු දිනුවත් අපිත් දිනුම්! (නි)
ආනන්ද නාලන්ද අපි ඔක්කොම යාලුවෝ. (නි)
කණ්ඩායම් දෙකේම හොද ක්‍රීඩකයෝ අපට ඉන්නවා (අ)
නාලන්දා මාතාව දෙවැනි වන්නේ වැදූ මවට පමණයි. (නි)