කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ‘84 වන සුලෝහිත සංග‍්‍රාමයේ පළමු දිනය වන අද (02 -සෙනසුරාදා) තරගය නතර කරන විට, නාලන්දා විදුහල සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 298 ක් රැස්කර තිබිණ.
නාලන්දාව වෙනුවෙන් වමත් පිතිකරු ප‍්‍රමුත් හෙට්ටියාවත්ත (නොදැවී 102) සහ දකුණත් පිතිකරු අවිෂ්ක ද සිල්වා (නොදැවී 77) පන්දු 196කදී ලකුණු 167ක අගනා සබඳතාවයක් ගොඩනගමින් තේ පානයෙන් පසුව එකම කඩුල්ලක් හෝ දවාගැනීමේ අවස්ථාව ආනන්ද පන්දු යවන්නන්ට නොදුන්හ.
තේ පානය සඳහා තරගය නතර කරද්දී ලකුණු 45ක් රැස්කර සිටි ප‍්‍රමුත් හෙට්ටියාවත්ත තේ පානයෙන් අනතුරුව වේගයෙන් සිය ශතකය කරා යමින් පන්දු 87කට මුහුණ දී හතරේ පහර 12ක් ද සහිතව සිය ශතකය සම්පූර්ණ කළේය. අවිෂ්ක ද සිල්වා පන්දු 173 කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් එල්ලකරමින් නොදැවී 77ක් රැස්කළේය.
නාලන්දා විදුහල පළමු ඉනිමේදී කඩුලූ 5කට ලකුණු 298 (පන්දු ඕවර 81)
(ප‍්‍රමුත් හෙට්ටියවත්ත නොදැවී 102, අවිෂ්ක ද සිල්වා 77, මාලිංග අමරසිංහ 60, වොෂාන්ත සිල්වා 37, සම්මු අශාන් 73/3)
ආනන්ද විදුහල පළමු ඉනිමේදී කිසිවෙකු නොදැවී ලකුණු 14 (පන්දු ඕවර 05)
*02
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප‍්‍රමුත් - අවිශ්ක සබඳතාවෙන් නාලන්දාව කඩුලූ 5 ට 298
ප්‍රදීප් Sunday, 03 March 2013 12:18 AM
"ආනන්දේ පරිප්පු මරියකඩේ සෙරෙප්පු" කියලා තමයි කොල්ලෝ කෑගහන්නේ. (නි)
රවිඳුමල් Sunday, 03 March 2013 09:28 AM
මැච් එක බලන්න යන්න බැරි වෙන එක ගැන දුකයි. ජය වේවා දෙපිලටම! (නි)
දිල්ශාන් Saturday, 02 March 2013 01:52 PM
නාලන්දාවට ජය....!!!(ස)
දිසා Sunday, 03 March 2013 09:55 AM
ආනන්දේ දිනන්න ඕනෑ. (නි)
මොහාන් Sunday, 03 March 2013 11:41 AM
ප්‍රදීප්, සෙරෙප්පුයි පරිප්පුයි දෙකම අපිට ජීවිතයේ අවශ්‍ය වෙනවා. (නි)
අජන්ත Saturday, 02 March 2013 04:04 PM
මේ පාර නාලන්දා ටීම් එක හොඳයි... (ස)
නිලංග Saturday, 02 March 2013 04:18 PM
ආනන්දයට ජය! (ස)
තත්සරණි Saturday, 02 March 2013 05:08 PM
ආනන්දයට ජය පතනවා. ඒත් මේ පාර නාලන්ද කණ්ඩායමත් හොදයි. (නි)
දිල්ෂාන් Saturday, 02 March 2013 05:09 PM
අපි ඔය පාසල් දෙකටම එක වගේ ආදරෙයි. කවුරු දිනුවත් අපිත් දිනුම්! (නි)
මොහාන් Saturday, 02 March 2013 06:40 PM
ආනන්ද නාලන්ද අපි ඔක්කොම යාලුවෝ. (නි)
නිශාන්ත Saturday, 02 March 2013 07:29 PM
කණ්ඩායම් දෙකේම හොද ක්‍රීඩකයෝ අපට ඉන්නවා (අ)
මාධව Saturday, 02 March 2013 10:35 PM
නාලන්දා මාතාව දෙවැනි වන්නේ වැදූ මවට පමණයි. (නි)