කතරගම කිරි වෙහෙරේ නියෝජ්‍ය විහාරාධිපති ලෙස පෙනීසිටිමින් රැකියා ලබා දෙන බව කියමින් වංචා කිරීමත්, ජනපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස භාවිතා කිරීමත් සම්බන්ධයෙන් රත්මලානේ පාලිත නැමැති භික්ෂුවක් හා ඔහුට සහාය දුන් බව කියන ඩී එම් තරංග ද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් ලබන 21 දක්වා රිමාන් කරනු ලැබූහ. සැකකාර භික්ෂුව ප්‍රභූන් කිහිප දෙනෙකු ලෙස පෙනී සිටිමින් වංචනික ක්‍රියා රැසක් කර ඇතැයි ද, ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය දර්ශන 450 පමණ තිබූ බව ද වැලිඔය පොලීසිය අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ. නිදහස් වෙලා ආවාම ආයෙත් හොරකම්මයි කරන්නේ. මේ රටේ නීතිය පණ මදි කියන්නේ ඒකයි. (නි)
අනේ සාධු! අපේ සාධු! (නි)
සෝභිතගේ යාලුවෙක්ද? (නි)
දැන් අපේ රටේ මහණවෙලා ඉන්න භික්‍ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටින අය බුදුරජානන් වහන්සේ ඉගැන්වූ ධර්මයට පටහැනි ක‍්‍රියාවල් ගොඩක් කරනවා. චීවරධාරීන් ලෙස පෙනී සිටින මේ වංචාකාරීන් නිර්මල බුදුදහමටත් නිගා කරමින් ශාසනය කාබාසිනියා කරන වැඩ කරනවා. මෙය වහාම නැවැත්වීම කළයුතුයි. (නි)
ඔය වගේ චීවරධාරීන්ගෙන් සිද්ධ වෙන වංචා ගැන කියන්න වචන නැහැ. (නි)
පාලිත කියන්නේ ගිහි නමක්නේ? එයා කොහොමද සිවුරක් දාගෙන මගඩි වැඩ කරන්නේ? සංඝයා වහන්සේ විදියට පෙනීසිටිමින්, සංඝයා වහන්සේට අපහාස කරන මෙවැනි පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන්න. (නි)
ප්‍රභූන් ලෙසින් නේන්නම් වංචා කරන්නේ? (නි)
දැන් ලංකාව නියමයි. බය නැතුව සිවුරක් දාගෙන ඕනම ජරා වැඩක් කරන්න පුළුවන් , දඩුවම් ලිහිල් නිසා (ස)
අනේ සාධු... සාධු... සාධු...! කෝ අපේ බොදු බල සේනා? (නි)
පාලිත කියන්නේ ගිහි නමක් වගේම හාමුදුරුවරුත් පාවිච්චි කරන නමක්. බුදු දහමට මේක අපහාසයක් නොවෙයි. මේක පුද්ගලයෙක් කරපු දෙයක්. එහෙත් මේ වගේ දේවල් අද සමාජයේ ඉන්න හාමුදුරුවරුන්ගේ පැවැත්මට තියෙන තර්ජනයක්. (නි)
මොන ප්‍රතිපත්තියක් මතද දඩුවම් දුන්නේ.? රෝමානු නීතිය අනුවද නැතිනම් සිවිල් නීතිය අනුවද? එහෙමත් නැතිනම් සංඝාදිකරණයේද?(නු)
ලංකාව විනාශ මුකයට
ශාසනය විනාස කරනවාට දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)
කෝ ඔය බාදු බලෙසනාවෙන් බැයිද මේවත් නවත් නවත්වන්න දැන් ඉතින් කියයි මේවා අන්‍ය ආගමිකයන්ගේ වැඩක් කියලා (නු)
අයියෝ සල්ලි
මේක අන්‍යාගමික වැඩක් .(ස)
ඔන්න ඕවා නවත්තලා වඳ සෑත්කම් කරන දිහා ගිහින් යමක් කරලා එන්න. (නි)
කරන කැත වැඩ ඔක්කොම කරලා, දැන් මෙතන අනෙක් ආගම් වලට ගරහනවා. (නි)