තෙල්මිල වැඩිවීමට විරෝධය පළ කරමින් හලාවත ධිවරයන් පසුගිය 15 වැනි දා පැවැත් වූ විරෝධයේ දී පොලිස් වෙඩි පහරින් මැරුම් කෑ අන්ටනී ප්‍රනාන්දු දෙදරු පියාගේ අවසන් කටයුතු ඉතා සාමකාමි පරිසරයක් මැද හලාවත කල්ලක්කුලියේ දී අද (18) මළ හිරු බැසයන්ට මද වේලාවකට කලින් සිදුවිය. පොලිසියේ හෝ හමුදාවේ කිසිවකුත් සුසාන භූමිය පෙනෙන තෙක් මානයේ දක්නට නොවිය. පීටර් චාල්ස් ප්‍රනාන්දු හා ක්ලෝඩ් ප්‍රනාන්දු පියතුමෝ මියගිය ප්‍රනාන්දු මහතාගේ අත්මය වෙනුවෙන් දේව මෙහෙය පැවැත්වූහ.
ධීවර ප්‍රජාව දහස් ගණනින් ඔහුට අවසන් ගෞවරය දැක්වීමට පැමිණ සිටියහ.
පිට පළාත්වලින් පැමිණි බස් රථ 25ක් පමණ සුසානය අසල නවතා තිබිණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනඥයො ඒකත් අතකොලුවක් කරගන්න හැදුවා. එත් බැරි විණා..
ධීවර ජනතාවනි නැවත ඡන්දය දෙනවාද?
ඔබට නිවන් සුව පතමු..
රොහාන් රණතුංග
ඔබට අජරාමර නිවන් සුව...
ආදරනීය සොහොයුර ඔබට මොක්සුව අද දිනය අප නිවසටද දරාගත නොහැකි ශෝක දිනයකි..
මෙව්වා නම් මහා සහ ගහන අපරාද……. තමන්ගේ ජීවිකාව කරගන්න තියෙන අමාරු කමට පාරට බැස්ස මිසක් රට පෙරලන්න නොවෙයි…
ඔබ වගේ තබ වීරයො බිහිවේවා...
රට වෙනුවෙන් දිවි පිදු ඔබට අපගේ ප්‍රනාමය පුද කරමු..
ජනතාව සන්සුන් කිරීම පිළිබඳව පියතුමන්ලාට ජනතා ආචාරය.. ධීවර උද්ඝෝෂණයේ අවසාන ප්‍රතිඵලය ෆ්‍රනාන්දු පවුල අසරණ වීම පමණයි.
මෙහෙම ගියොත් මුලු රටම පාළු වේවි...
සහෝදරයා ඔබට මොක් සුවය පතමි.. දෙව් මව් තුරුලේ සැතපේවා...
අපේ උත්තමාචාරය, රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ ඔබට..