ශී‍්‍ර ලංකාවේදී පළමු වැනි වරට පැවැති කඩු සටන් ජාතික ශූරතාවලියේ සැහැල්ලූ අසිපත් (කේවල) ඉසව්වේ ශූරයා වීමට ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ ප‍්‍රදීප් දුනුකියනගේ සමත් විය. සිලූටා කඩු සරඹ සමාජයේ ගයාන් බණ්ඩාර බර අසිපත් (කේවල) කේවල ශූරතාවද, යුනිචෙලා කඩු සරඹ පිල නියෝජනය කළ කාංචනා මධුභාෂිණි දෙපිට මුවහත් (කේවල) ඉසව්වේ ශූරතාද දිනාගත්හ. මෙම කඩු සටන් තරගාවලිය පානදුර යුනිචෙලා කම්හල් පරිශ‍්‍රයේදී බ‍්‍රහස්පතින්දා (ඊයේ) ආරම්භ වූ අතර අද (21 වැනිදා) තරගාවලියේ අවසන් දිනයයි. කඩු සටන් කී‍්‍රඩාව ශී‍්‍ර ලංකාවට හදුන්වා දෙන ලද්දේ මීට වසර 4 කට පෙරදීය. තරග ප‍්‍රතිඵල සැහැල්ලූ අසිපත් (පිරිමි) ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ ප‍්‍රදීප් දුණුකියනගේ විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ දිලාන් ඉරේෂ් පරාජය කරන ලදි. (15/9) දෙපිට මුවහත් අසිපත් (කාන්තා) යුනිචෙලා කඩු සරඹ සමාජයේ කාංචනා මධුභාෂිණි විසින් තුරුලිය කඩු සරඹ සමාජයේ නදීෂා කරුණාරත්න පරාජය කරන ලදි. (15/9) බර අසිපත් (පිරිමි) සිලූටා කඩු සරඹ සමාජයේ ගයාන් බණ්ඩාර විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ චාමර නුවන් පරාජය කරන ලදි. (15/7)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd