එක්සත් ජාතික පක්ෂයේ තවත් අවුරුදු හයක නායකත්වයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් හමුවේ කියා සිටියේ ඉදිරි මාස කිහිපයේ පාරට බැස රජය පෙරළීමේ වැඩපිළිවෙලට එක්වන ලෙසයි. ඒ සඳහා සූදානම් දැයි රැස්ව සිටි පිරිසගෙන් ප්‍රශ්න කළේය. ඔව් යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එහෙනම් ‘‘අපි පාරට බැස උද්ඝෝෂණය කරමු‘‘ යි වික්‍රමසිංහ මහතා කීවේය. මීළඟ ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායකයා එහි අපේක්ෂකයා විය යුතු බව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ නායකයා ඉදිරිපත් නොවුනහොත් තමා එම වගකීම බාර ගැනීමට සූදානම් බව ද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. වසර හයකින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 4978 ලැබිණි. 337 දෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, තලතා අතුකෝරළ සහ බුද්ධික පතිරණ යෝජනාවට විරුද්ධවූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරට බැහැල යමු දඩ බඩ ගගා සද්දෙ දාගෙන. (දී)
අපිට අමුතුවෙන් පාරට බහින්න ඕනේ නැහැ (දී)
නියමයි රනිල් මහත්තයා (දී)
යු. එන්. පී එකට නායකත්ව වෙනසක් අවශ්‍යයි (දී)
හිටපු පාලකයෝ අපිව පාරට දාල ඉවරයි. පාරේ යන ලැම්බෝගිනි දිහා බලල හුඋල්ලන්න තමයි අපිට වෙලා තියෙන්නේ (දී)
මහත්තයෝ අපි පාරේ තමයි ඉන්නේ(දී)
ඔබතුමා සමග අපි ඉන්නවා කවදත් (දී)
අයියෝ සල්ලි (දී)
ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ (දී)
අපි ඔබ සමග ඉන්නවා (දී)
ඇත්ත දැන් වෙන කරන්න දෙයක් නැත (දී)
පාරට බහින්න හඳන්නේ මොකද ?? .(ස)
අපි කවදත් ඔබතුමා සමග (දී)
දැන් පාරට බහින්න කාලයයි (දී)
හොඳයි (ස)
බහින්න දෙයක් නැහැ මහත්තයෝ අපි කොහොමාත් පාරට ව්වටිලා ඉන්නේ (දී)
අපි සදා පාරේ (දී)
ඕව දවල් හීන.පාරට බහින්නෙ මොකටද. (ස)
මිනිස්සු වෙනුවෙන් පාරට බහින්න සැවොම එකතු වෙන්න (දී)
අපිට පාරේ ඉදලා ඇති වෙලා තියෙන්න ඒ නිසා ඔබතුකාම කරන්න අපි බලන් ඉන්නම් (දී)
පාරට බැහැලා වළං එහෙම බිදින්න බැහැ හොදේ. (නි)
අන්න හොදයි. (නි)
සුරංගනා කතා අපි කවදා ඉදලද අහන්නේ? (නි)
රනිල් මහත්තයෝ ඔබට මම සුභ පතනවා (දී)
කොහොමත් පාරේ තමයි ඉන්න වෙන්නේ .(ස)
කි ගමනක් පාරට බැස්සාද අපි (දී)
හරි අපි එහෙම කරමු .(ස)
මෙතියෙන විදිහට අපිට පාරට බහින්නම වෙනවා (දී)
මේවට ඉතින් මොනවා කියන්නද ? (නි)
රනිල්ට අපි කවදත් සහාය දුන්නා අපි හෙටත් ඔබ සමගයි (දී)
ඔන්න එහෙනම් පෙන්නුවා වැඩ... (නි)
මින් ඉදිරියට යූ.එන්.පී.යත් එක්ක මගේ නම් කිසිම සම්බන්ධයක් නැහැ. (නි)
පාරට බහින ගමන් පොලුත් ගහන්න එතකොට තමා හොද?(නු)
අනේ ඔයයි මායි කරන උද්ඝෝශනේ... පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට ඕන විදියට තර්ක උස්සලා දීලා මෙතන එනවා අපිව පාරට ගෙන්නන්න! පහුගිය දවසක ශ්‍රේෂ්ඨාධිකරණය සාධාරණත්වය වෙනුවෙන් බොහෝ කලකට පසු ඉදිරිපත් වෙච්ච වෙලාවේ "කවුරු පෙත්සම් ගැහුවත් අපට නොතීසි එවන්න එපා" කියලා ආණ්ඩුව වෙනුවෙන් කෑ ගැහුවෙත් ඔය කටින්ම නේද?(නු)
අපි නම් පාරට වැටිලා ඉන්නේ (දී)
ඔබතුමා සමග අපි ඉන්නවා (දී)
පාරට බහිද්දිත් ඔය ආරක්ෂාවම දෙයිද (ස)
අපිට දැන් වෙලා තියෙන්නේ ඒක තමයි (දී)
මොනවාද මහත්තයෝ අපි ඉපදෙන්නෙත් මැරෙන්නෙත් පාරේ, අපි කවද්ද උඩක හිටියේ (දී)
ඔයා පාරට බහින්නෙනෑ. දන්නව පාරට බැස්සොත් ලැබෙන දේවල් .(ස)
නියමයි තව අවුරුදු හයක්ම ආණ්ඩුවට කරදරයක් නැතිව සැණසිල්ලෙ ඉන්න පුළුවං.. රනිල්ටත් තව අවුරුදු 6ක් සැණසිල්ලෙ ඉන්න පුළුවං.. (නු)
කවදා හරි හැමෝටම පාරට බහින්න තමයි වෙන්නේ (ස)
එකමුතු වෙන්න ජය නියතයි..!(නු)
රනිල් මහත්තයා ඔබට ජය..!(නු)
පොඩ්ඩක් ඉන්න මහත්තයෝ , මම සේරප්පු දෙක දාගෙන එන්නම් පාරට බහින්න. අපි ඉන්නේ ඔබතුමන්ලාව රජ කරන්නනේ. (නි)
කොහොම හරි කමක් නැහැ ජීවත් වෙන්න පුළුවන් රැක හදල දෙන්න (දී)
"මාවතේ අපි" (නි)
උදේට එකකුයි හවසට එකකුයි කියන ඔබතුමත් එක්ක මොන පාරට බැහිලිද? (නි)
ඔයා කරන්න අපි බලන් ඉන්නම් (දී)
කාලය නහස්ති නොකර ඡන්දෙ ගන්න වැඩ කරමු (දී)
ඔයා කරන්න අපි බලන් ඉන්නම් (දී)
හොදයි ... හොදයි..... ඔහොමයන් ඔහොමයන් (දී)
හොදයි ... හොදයි..... ඔහොමයන් ඔහොමයන් (දී)
පාරට බැහැලා වැඩකරන්න කියන්නේ අර කඩේ යන වැඩේද? (නි)
අනුර, පොල් ගැහුවට කමක් නැහැ, තමන්ගෙම ඔලුවේ. (නි)
කොහොමහරි අපිටත් ඕනෑ යූ.එන්.පී. රාජ්‍යයක්. (නි)
ඔබතුමා හරි අපිට දැන් ඒකතමයි වෙලා තියෙන්නේ (දී)
කොච්චර කොලත් වැඩක් නැහැ (දී)