(ටී.කේ.ජී.කපිල )

පරිගණක මූල්‍ය අපරාධ ( Cyber Crimes ) සිදු කිරීම සදහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙක් සමග , රුපියල් දෙදෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද  සමග කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යමින් සිටිය දී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

ඔවුන් සිය සිරුරෙහි සහ ඇදුම් තුළ සෙලෝටේප් යොදා , පාවිච්චි කළ ජංගම දුරකථන 383 ක් , ටැබ් පරිගණක 101 ක් සහ වයිෆයි රවුටර් 06 ක් සගවා ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරිහු මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .