ස්වාධින හා අපක්ෂපාත විනිශ්චය සභාවක් පත් කරන තුරු ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීම අත්හිටුවන්නැයි නීලකන්දන් නීතිඥ සමාගම චමල් රාජපක්ෂ කතානායකට අද ලිඛිතව දැනුම් දුන්නේය. අගවිනිසුරුවරියගේ නීතිඥවරුන් වශයෙන් මෙම ලිපිය ඉදිරිපත් කරන බවත් ඇය පාර්ලිමේන්තු තේරීම් කාරක සභවෙන් ඉවත් වූ බවත් ඊට හේතු ද දක්වා ඇති බවත් එම සමාගමේ ලිපියේ සඳහන් වේ. අග විනිසුරුවරියට එරෙහි චෝදනා පදනම් විරහිත බව ද පහසුවෙන් ම ඇයට තම නිර්දෝෂි බව ඔප්පු කළ හැකි බව ද නීතිඥ සමාගම කියයි. මෙම ප්‍රශ්නයේ බලපෑම අග විනිසුරුවරියට වඩා ශ්‍රී ලංකාවේ අධිකරණයට හා රටවැසියන්ට බලපාන්නේ යැයි ද එහි දැක්වෙයි. ඇයට එරෙහි චෝදනා සාධාරණ හා අපක්ෂපාත විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතියක් පර්මාධිපත්‍යය හිමි ජනතාවට ඇතැයි ද එහි සඳහන් වෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඒ ඉල්ලීම නම් පිලි ගන්නවා (දී)
ඇය නිර්භීත ගැහැණියක්. සියලු ලාංකිකයින් එක්විය යුතුයි. (නි)
ස්වාධීන කමිටුවක් පත් කරන්න බල කරමු.!
පෙරකදෝරු මහත්තයාලාටත් හිතට අමාරුයි වගේ.. අපිටත් ඕවගේ තමයි නඩු කල් යද්දි මේ වගේ තීරණ දෙද්දි..!(නු)
ලංකාවේ නීතියත් එකයි. අපිත් එකයි. දුප්පත් මිනිහෙකුට නඩුවක් වැටුන නම් මාධ්‍යවලත් නෑ නීතිවේදියොත් නෑ, දේශපාලකයොත් නෑ, අන්තිමට ඇපත් නෑ ... ඒ උනාට සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය නම් ගහක් ගලක් ගානේ ...(ස)
බුදු සරණයි ඔබ සියල්ලන්ටම (දී)
තව ඉදිරියට යමුකෝ (ස)
ජයවේවා
ජීව- අදාල දෙයක් කරන් පාඩුවේ හිටියනම් නේද හොඳ (ස)
කමිටුවක තියෙන්න ඕන පළවෙන් එක තමයි සාධාරණත්වය (දී)
මේකෙන් අධිකරණයටවත්,ජනතාවටවත්,කිසිම බලපෑමක් නැහැ. මේ අය හදන්නෙ ජනතාවට මේකෙන් අනිසි බලපෑමක් ඇතිකරන්න. විනිශ්‍ය සභාව පක්ෂ ද අපක්ෂපාත ද කියල දැනගන්න මේකට සහභාගි වෙලා ඉන්න ඕනෑ නේද? උසාවියෙන් අපට දෙන තීන්දුව වැරදියි කියලා අපට උසාවි නොගිහින් ඉන්න පුළුවන්ද? (නි)
ජීවා නීතිය දැනගෙන කතා කරන්න (ස)
ඒ ඉල්ලීමත් සාධාරණයි
අනේ හැමෝටම ඔය විදියට නඩු වලින් ඉවත් වෙන්න පුලුවන් නම්... (නි)
කවුරු කවුරුත් දැනගන්න ඕනෑ නඩු අහන එක නඩු කියන එක වගේ ලේසි නැහැ කියලා. (නි)
දැන් තරහ වුණාට ගොඩක් අය එකම මල්ලේ බළල්ලු බව අපි දන්නවා. (නි)
ඉස්සන් හාල්මැස්සන් වැනි තෙවැනි පිළේ ලොකු තල්මසුන් පැටළේවිද මාලු දැලේ... (නි)
හා... කොහොමද සාධාරණ අය හොයන්නේ ? (නි)
මමත් කියන්නේ ඒක තමයි සාධාරණ විසදුමක් දෙන්න (දී)
මමත් කියනවා ඒ කතාවනම්
රටට ගිය කලක්... (ස)
පාර්ලිමේන්තුවට පත්වු පමණින් මෙම සභා කමිටු සාමාජිකයිනට ඕනැම විදියට හැසිරෙන්නට බැහැ. ඔවුන් රටේ උගත් විශේෂයෙන් රටේ අග විනිසුරුතුමියට ගරුසරු කර මහත්මා ගති පැවැතුම් ඇති අයලෙස උගත් සභාවේ හැසිරිය යුතුයි. මේවා ශ්‍රී ලාංකිකයන්ට පොදුවේ බලපාන බව උගත් මැතිවරුන් දැනගත් යුතුයි. කරුණාකර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ටිවි චැනලයවත් මොවුනට පෙන්වන්න. ඔවුන් හැසිරෙන හැටි බලාගන්න. මා උගත් කථානායකතුමා ගෙන් මෙය ඉල්ලා සිටිනවා. මෙම කමිටු හැසිරීම ජාත්‍යන්තර ප්‍රජාව විමසිල්ලෙන් බලාසිටින බව හැම විටම මතක තබා ගත යුතුයි. (නි)
දැන් ඉන්න අයත් අපක්ෂපාතී හා සාධාරණ අය නේද ? (ස)
සාධාරණයි
නැතුව්ව මහන්සි වෙන්න ඕනේද යන්න ඕනේ (දී)
"ඇයට එරෙහි චෝදනා සාධාරණ හා අපක්ෂපාත විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතියක් පර්මාධිපත්‍යය හිමි ජනතාවට ඇතැයි ද එහි සඳහන් වෙයි" මේ රටේ දැනට නම් පරමාධිපත්‍යය හිමි ජනතාව ඉන්නේ මට හිතෙන හැටියට කැලණිය පැත්තේ විතරයි. මොළයක් තියෙන ජනතාව පරමාධිපත්‍යය ගැන ආසාව ටිකකට අත ඇරලයි දැන් ඉන්නේ. (නි)
ලේසි නෑ වගේ (ස)
නැතුව ....නැතුව .... (දී)
කාගේත් පොදු මතය එකම තමයි
මේ වතාවේ පාඩමක් උගන්වමු.......(ස)
ස්වාධීන කමිටුක් පත් කරන්න ආණ්ඩුවට බල කරමු (ස)
ජයවෙවා ඔබතුමියට (ස)
කතාව ඇත්ත
ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්න එපා. (ස)
අනේ මන්දා ඔය කමිටුව සාධාරණ වෙන්න නම් අඩුම තරමින් ආණ්ඩු පැත්තෙයි විපක්සෙයි ගාන සමාන වෙන්න එපැයි. නැතුව එක පැත්තක් හරි වැඩි වුණොත් මොන සක්කරයා කිව්වත් තීන්දුව යන්නෙ ඒ පැත්තට. ඔන්න ඔතනයි පොයින්ට් එක තියෙන්නෙ. ඕක තේරුම් ගන්න ඔය නීති සාස්තරේ දැනගන ඉන්න ඕනෑ නැහැ. (නි)
කතාව ඇත්ත
කුමබලා මාළු කෑවනම් විදවපන් බළලෝ (ස)