රජරට කවුඩුල්ල හා පාදුරු ඔය හැර රජරට බොහෝ වැව් අමුණු පිටාර ගලයි. දින කිහිපයක් පැවති මහ වැසි සමග අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කයන්හි වැව් 150කට වැඩි ප්‍රමාණයක් පිටාර ගලයි.
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් විවෘත කිරීමත් සමග පොලොන්නරු මනම්පිටි පාරේ ගල්ලෑල්ලේ ජල මට්ටම අද සවස් වන විට අඩි පහ දක්වා වැඩි වී තිබිණි. එය තව අඩි හතරක් ඉහළ ගියහොත් කදුරුවෙල-මඩකලපුව දුම්රිය මාර්ගය ද යට වනු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජවරු වැව් ටිකවත් හදලා නොතිබුණානම් වතුරවත් නැතුව මැරෙන්න වෙන්නේ. හරියට හදල දුන්නු වැව් ටිකවත් නඩත්තු කරගන්න අපිට බැරිවෙලා තියෙනවා. හැමදාම වැව් වාන්දාන ලස්සන බලනවා මාසයක් පැව්වහම වතුර නැහැකියල කෑගහනවා (ස)
මෙම වැව් වලටත් දේශපාලකයන්ගේ නම් දැම්මා නම් හරි. (නි)
බුදු දහමට අනුව අපි වැඩ නොකරන නිසා සිදුවූ දේව කෝපයක්ද මේ? (නි)
මේ රටේ වෙන දේවල් වලට සොබා දහම කෝප වෙලා.. විපතට පත්වෙන්නේ අහිංසකයෝ..!(නු)
අර අලුත් හෝටලේ? ඒක යටවුණේ නැද්ද? (නි)
දැන් ලංකාවට වහින වැස්සෙනුත් ප්‍රයෝජන ගන්න බැහැ... මේවට වැවි හදලත් වැඩක් වෙන්නේ නැහැ... මොකද. වැස්සොත් එක්කෝ රතු වැස්සක්, කහ වැස්සක්, මාළු වැස්සක් හෝ කිඹුල් වැස්සක්.... (ස)
කදුරුවෙල මඩකලපුව දුම්රිය මාර්ගය යටවුනොත් ඒ සදහා වහාම බෝටිටු සේවාවක් ඇරඹීමට වගකිව යුත්තන් කටයුතු කරන්නේ් නම් ජනතාවට ඒය ලොකු සේවයක් වනු ඇත. (ස)
කාලගුණයත් අපේ රටටමනේ බලපාන්නේ (ස)
මුහුදට ඈදෙන මහ ගංගා කුඹූරට යළි හරවා පැරකුම් යුගයේ මහ වැව හැදුවයි ලස්සන අද පැතිරේ... (නි)
මාතෘකාව ලස්සන උනාට වැඩක් නැහැ ඒකෙන් වෙන වැඩේ දරුණුයි (දී)
ලස්සන මාතෘකාවක් (දී)
ගිය පාර පොළොන්නරුවෙ ගොවියන්ට නියගයෙන් වගා නැති වුණා .මෙවර වැස්සෙන් ... දැන් දැන් වෙන දේවල් අහස පොළොව වත් නුහුලන අපරාධ නිසා තමයි මෙ වගේ දේවල් වෙන්නේ. (ස)
ප්‍රයෝජනටක් නොගෙන වැඩි වතුර මුහුදට ගලා යනකොට දුක හිතෙනවා....!(නු)
පරාක්‍රම බාහු රජතුමා කිව්වේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට යන්න දෙන්න එපා කියලනේ ....දැන් මොකද වෙන්නේ (ස)
පැරකුම් නිරිදුනි මේ ගලන්නේ ඔබ විසින් ගොඩනැගූ හෙළයේ අභිමානයයි..... (ස)
නොගැලපෙන දේ වෙනුවෙන් විදෙස් කුමන්ත්‍රණයක්යැයි කීම සරදමකි (ස)