සභා රැස්වීම තාවකාලිකව තහනම් කැරුණු චමින්ද සම්පත් දිසානායක මහතා මිහින්තලේ ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කිරීමට නොහැකි වූ නිසා දින නියමයක් නැතිව සභාව කල් තැබීමට මූලාසනයේ සිට සභාපති යූ.බී. සිරිසේන මහතාට සිදුවිය. රැස්වීම යළි ආරම්භ වූ පසු දිසානායක මහතා රැස්වීමෙන් ඉවත් නොවූ හෙයින් සභාපති පොලිසිය කැඳැවීය. එහෙත් පොලිසිය සභා ගැබට නොපැමිණියේය. මන්ත්‍රීවරයා ඉවත් කරන්නැයි ඉන්පසු ලේකම් එස්.එම්.බී. අනුර කුමාර මහතාට නියෝග කෙළේය. ඔහුට ද මන්ත්‍රීවරයා ඉවත් කිරීමට නොහැකි විය. අනතුරුව සභාපති අද (31) පස්වරු 12.30ට සභාවරැස්වීම කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා. ඕක විසදෙයි. (නි)
ලබන අවුරුද්දෙ තමයි ආයි මොකක්හරි බලන්න වෙන්නේ. (නි)