උඩුගම සිට ගල්ල දක්වා ධාවනය වූ ලංගම බසයක ගමන්ගත් 26 හැවිරිදි තරුණියකට නාඳුනන තරුණයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය කරාපිටිය රෝහලෙන් කොළඹ ජාතික රෝහලට එවා ඇත. මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඇය අසල සිටි කොන්දොස්තරවරයා ද තවත් කාන්තාවේ තිදෙනෙක් ද තුවාල ලදහ. ප්‍රේම සම්බන්ධයක් මේ ප්‍රහාරයට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි. ඇසිඩ් ගැසූ පුද්ගලයා පැනගොස් ඇතැයි පොලිසිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ නැති කෙනෙක් කළ වරදට ගැහැණු ළමයා පළි නැහැ.. රවින්ද්‍ර මහත්තයෝ.. කොහොම උනත් මේ තරම් දියුණු යුගයක මේ වගේ පහත් වැඩ කොහෙත්ම හොද නැහැ.. දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)
ආලය අන්දයි නංගියේ (ස)
වැරැද්ද තියෙන්නේ කෙල්ලගෙවත් කොල්ලගෙවත් නෙවෙයි. පොඩි කාලෙම මොලේ පෑදුවේ නැති අයගේ (ස)
මේ නිසා තමයි අපේ පැරැන්නේ අවාහා විවාහ වලදි ජාතිය ජම්මේ ගැන හෙව්වේ. එහෙම සුදුසු කෙනෙක් තොරාගත යුතුයි.පව් අවට හිටපු අසරණ මිනිස්සු (ස)
විජිත් ගාල්ලෙන් හොදට ඇතිවෙන්න ගුටි කාලා වගේ.. ගාල්ල එක්ක මේ තරම් තරහින් කතා කරන්නේ.. එතකොට අබන්පොලටත් ඇසිල් ගහැව්වෙ ගාල්ලෙන් ගිහිල්ලද?(නු)
කොන්ද පණ නැති වැඩක්. (නි)
පව්කාර තිරිසන් සත්තු (ස)
කොල්ලන්ට බොරු ආදරය පෙන්වීමේ විපාක , පනින්න පෙර සිතා බලන්න කියන්නේ ඒකනේ (ස)
ටෙලි ඩ්‍රාම සහ ගීත වීඩියෝ වල මේ වගේ දර්ශන පෙන්නන එක නවත්තන්න ඕනේ (ස)
ගෑහැණිය වනාහි මිනී මරණ ආයුධයකි (ස)
ඇයි අසිඩි ගහපු කෙනාව බස් එකේ හිටපු අයට අල්ලගන්න බැරි වුනාද? (ස)
මෙහෙමත් මිනිස්සු
කෙනෙක්ට ප්‍රශ්නයක් උනහම අපේ මිනිස්සු එකතු වෙන්නේ හරි අඩුවෙන් , නැත්නම් ඇසිඩ ගහපු කෙනා අල්ලන්න තිබුණා (ස)
මේක බොහෝම සාමාන්‍ය දෙයක්නේ.....ඇයි දවස් කිපයකට පෙර මහ දවාලේ ,මහ ටවුමක් මැද්දේ මිනිහෙක්ව කපලා කොටලා දාලා ගියේ.. රටක් උනහම රටේ නීතිය වල් වැදුනොත් මේ වගේ දේවල් සුලභයි. දැන් ලංකාවේ ඒක වෙලා තියෙන්නේ. එල්ලුම් ගහ ගෙනාවනම් රැයින් දෙකින් වැඩේ ඉවරයි.(ස)
ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමේදී මිනිසුන්ට ආරක්ෂාවක් නැහැ. (නි)
මිනිස්සු පිරිහිලා පව් කාරයෝ..(නු)
අයියෝ සල්ලි
මනුසතා ලෝකේ ඉපදී - හරියි කියා කලේ වැරදි (ස)
ඔන්න දැන් ලස්සන නාට්‍යයක් යනවා . ඔක්කොම පෙන්නන්නේ මේවගේ වැඩ තමා. (ස)
ආශාවන් හරස් වෙලා ජීවිත ගිනි අරන් (ස)
දැන් දැන් දකුණු පළාතෙන් ඇහෙන්නෙම මෙහෙම දේවල් තමයි. (නි)
පැරදීලා පළාගියේ නෑ.... (නි)
විධායක බලය යොදා අපරාදවලට දැඩි දඩුම් දීමෙන් මේවා නවත්තමු.. මරණීය දඩුවම් නැවත ක්‍රියාත්මක කරමු..!(නු)
නීති හරියට ක්‍රියාත්මක නොකිරීම නිසා මේවගේ දේවල් සිද්ද වෙනවා ජනාදිපති තුමනි ඔබවත් මේවට මැදිහත් වෙලා නීතිය හරියට ක්‍රියාත්මන්තියනිසි මගකට ගන්ට
සුනඛයෙක්ගේ බැඩක්.........(ස)
රටකරවන ඇත්තෝ නීතිය හරිහැටි ක්‍රියත්මක නොකරවන විට මෙවන් දේවල් තව තවත් අසන්නට ලැබේවි????? (ස)
මේ ඇසිඩ් ගහපු පුද්ගලයා හොයලා ප්‍රසිද්ධ ස්ථෘනයකට ගෙනත් මිනිසුන්ට ඇසිඩ් ගහන්න දෙන්න ඕන.. ආයෙත් කවුරුවත් කරන්නෙ නැති වෙන්න. රජකාලෙ දඩුවම් දෙන්න ඕන..!(නු)
මේවා දැන් සාමාන්‍ය දේවල් . දුක් වෙන්න එපා .රටක නිතීය දුර්වල වෙනකොට මෙහෙම වෙනවා (ස)
හික්මීමක් සංවර කමක් නැති අසංවර ජීවිත.. අම්මා තාත්තා ගෙදරදි කියලා දෙන්න ඕන ලෝකයේ වටිනාම සම්පත මිනිස් ජීවිත කියන පාඩම.. ආශාව තන්හාව වෛරය විනා ආදරය කරුණාව දයාව හදුනන්නේ නැහැ..!(නු)
ගාල්ලේ ඉන්නේ ඔය වැනි අය තමයි(ස)
සෑම් මහතාගේ කතාව සම්පූර්ණ සත්‍යයකි. පාලකයන්ට හදිසි වෙන්නේ අනවශ්‍ය දේවල්..!(නු)
නීතිය රජකරවන හිරු කවදද පායන්නේ (ස)
රටක නීතිය හරියට ක්‍රියාත්ම නොවෙනකොට නීතිවේදීන් මුදලට ගිජුව නිවරදිකරු වරද කරදකරුවන් කරන්නත් වැරදිකරුවන් නිවැරදි කරුවන් කරන්නත් නීතිය මෙහෙයවීම නිසා දැං රට අගාදයටම වැටිලා...!(නු)
ලොකු ලොකු ඇත්තෝ ගහගන්න ඇසිඩ් වරුසාවල හැටියට මේ ඇසිඩ් ගැසීම පොඩි වැස්සක් වගේ කියලා මටනම් හිතෙන්නේ (ස)
ගෑනු ළමයත් දැනගන්න ඕනි මොලයක් තියෙන කෙනෙක් එක්ක යාළු වෙන්න. (ස)