මාතර පොලිස් අධිකාරී කාර්යාලයට අද අමුත්තෙක් පැමිණියේය. කූරූ විහිදා ගෙන ආ මෙම අමුත්තා ගෙන් එහි සිටි කාටවත් හිරිහැරයක් නොවීය.
ගෙදරක ඇති කරන්නට ඇතැයි සැකකෙරෙන මෙම ඉත්තෑවාට පොලීසියෙන් කෑම බීමද ලැබුණි.
කාගේත් සුරතලා බවට පත් වු මේ ඉත්තෑවා වන ජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉත්තෑවා මොකද මේ මල් පාත්තියේ? (නි)
විදපන් පුතේ කට්ටියටම මුත්‍රා යන්න... (නි)
ඔව් ඉතින් ගොඩක් අය ට පොලිසියෙන් කැ ම හම්බවෙනවනේ බඩ කට පිරෙන්න. (නදී)
මට හිතෙන්නේ ඉත්තෑව පැමිණිල්ලක් දාන්න එන්න ඇති.. උගේ කූරු ටිකට කවුද විදලා කියලා... (ස)
ඔතනට ආවට පස්සෙ කුරුනෑති වෙද දන්නෙ නෑ. ඔතනත් ඉන්නව කූරු නෑති ඉත්තෑවො.......... (ස)
“කූරු ටික නිසා බේරුනා කියලා හිතා ගනින්... “(පින්තූරය සඳහා දෙබස් කණ්ඩයක් ) (ස)
තිරිසනා වුනත් දන්නවා මග වැරදුනාම යන්න ඔන තැන.(නදී)
මාතර ඉත්තෑවෝ ලේසියෙන් අහුවෙන්නේ නෑ (ස)
තිසල්, කවුද ඉත්තෑවා...? (නි)
අසාධාරණයක් වෙලා ආවද දන්නේ නැහැ (දී)
මේ ඉත්තෑවා තැඹිලි බොනවද? එහෙමනම් නොහොමද බොන්නේ. හිල් කරගෙනද?(නදී)
පොලිසියට ගිය හන්දා බේරුනා. පොලිස් මුලස්ථානය පැත්තේ ගියා නම් බඩුම කමයි.(නදී)
මේ ලොකුවට පේන්න ඉන්නේ ඉත්තෑවාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඌටත් හලාල් ළකුණ ඇලෙවුවා නම් හරි. (නි)
කරුණාවන්ත පොලිස් නිලධාරියෙක්.(නදී)
ඉත්තෑවා කවුද කියලා හොයාගන්න මට ටිකක් විතර වෙලා ගියා. (නි)
ඉත්තෑවාගේ වෙලාවෙ හොදකමටයි මෙහෙම ගිහින් තියෙන්නේ (නි)
කෙසේ හෝ සතාගේ ජිවිතය රැකුණානේ. එච්චරයි. (නි)
එයාට වෙන්නේ කබලෙන් ලිපට වැටෙන කයි.. (නු)
හලාල් ලේබලයක් එහෙම එල්ලලා තියනවද?(නදී)
කූරු තිබුණු නිසා ඔය බේරුණා. (නි)
පොලිසියට එන සතුන්ට විතරක් නෙමෛයි මනුස්සයින්ටත් හොදින් සැලකිය යුතුයි.(නදී)
ඉත්තෑවා යාන්තමට පොටෝ එකේ හිටියට පොටෝ එක අරන් තියෙන්නේ වෙන කෙනෙක් පේන්න.(නදී)
අපි සතුන් ආරක්ෂා කළ යුතුයි.(නදී)