ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ සේවය දීර්ඝ කිරීම හෝ නොකිරීම, මෙන්ම නව පුහුණුකරුවන් පත්කිරීම පිළිබඳ තීරණය ගනු ලබන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මීළග විධායක කමිටු රැුස්වීමේදී බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා ඊමේල් පණිවුඩයක් මගින් නිවේදනය කරයි.
ජාතික පාපන්දු පිල සඳහා මේ දක්වා නව පුහුණුකරුවන් පත්කර නොමැති බව ද ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා සිය ඊමේල් පණිවුඩයෙන් අවධාරණය කරයි.
‘ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් ගෙදර යවයි’ යනුවෙන් ඊයේ (28 වැනිදා) ලංකාදීප පුවත් පතේ පළවූ ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් කි‍්‍රෂාන්ත පෙරේරා මහතා මෙම ඊමේල් පණිවුඩය එවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයට නිසි ප්‍රතිපත්තියක් නැහැ. ජාතික කණ්ඩායමක් වැඩිම වාර ගනනක් විසුරුවා හැරීමට සිදු වුනේ නිසි ප්‍රතිපත්තියක් නොමැති නිසා. අවංකවම අද ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් කවුද කියලවත් හුගක් අය දන්නෙ නැහැ. හේතුව තමයි , තරගාවලියෙන් තරගාවලියට කණ්ඩායම විසුරුවා හැරීම...... (ස)