ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් ලැබී නැතැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම තත්ත්වය යටතේ අදාළ පරීක්‍ෂණ එතෙකින් නිමා වනු ඇත. ශී‍්‍ර ලංකා පිතිකරුවන් පළමු ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටියදී ඕස්ටේ‍්‍රලියානු පිලේ පීටර් සිඞ්ල් පන්දුව පළුදු කළේ යයි ශී‍්‍ර ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් කරුණු දක්වනු ලැබ තිබිණ. එසේ වුවත් තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා පවසා සිටියේ අදාළ සිදුවීමට සම්බන්ධ සියලූම රූපවාහිනී වීඩියෝ පට නැරඹූ නමුත් පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් හමු නොවූ බවයි. ”තරගය පවතිද්දී විනිසුරුවරුන් නිරන්තරයෙන්ම පන්දුව පිළිබඳව පරීක්‍ෂාවෙන් පසුවුණා. ඒ වගේම වීඩියෝ පට පරීක්‍ෂාවෙන් පසුවත් ඔවුන් පන්දුව ගැන පරීක්‍ෂාවන් පසුවුණා” ”පන්දුවේ තත්ත්වය වෙනස් කළ බවට කිසිදු සළකුණත් තිබුණා කියා ඔවුන් ප‍්‍රකාශ කළේ නෑ” යයිද බ්‍රෝඞ් මහතා පැවසීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදිලා බොරුත් කියනවාද මන්දා? (නි)
නටන්න බැරි වුණේ පොළව ඇද නිසා නොවේ (ස)
බොරු කියනවා මෙතන (දී)
ඊයේ හෙරල්ඩ් සන් පත්තරේ සිඩ්ල් සහ එඩ් කොවර් පන්දුව පලුදු කරන ඡායාරූප දාලා තිබුණා නේද? (නි)