කළුබෝවිල හා පානදුර රෝහල්හි මෘත ශරීරාගාර ශීතාගාර අබලන් වීම නිසා මළ සිරුරු සඳහා ඉඩකඩ සීමා වී ඇත.
කළුබෝවිල ශීතකරණ ලාච්චු 36කි. ඉන් 24ක් පිරී ඇත. 12කැඩී ගොසිනි. එයින් සිරුරු 12ක් අඳුනාගෙන නැත. තැන්පත් කර ඇත්තේ අට මාසයකට කලිනි. එම සිරුරු ඉවත් නොකිරීම බලවත් ප්‍රශ්නයක් බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර අසේල ගුණවර්ධන කියයි.
පානදුරේ මිය ගිය ජෝඩුවගේ හා දරුවාගේ සිරුරු හරවා යැවූයේ ඉඩ නැතිවීම නිසා යැයි ද ඔහු කියයි.
පානදුර රෝහලේ තෙකලා විදුලිය සම්බන්ධ ශීතකරණය වසර දෙකක සිට කැඩී තිබේ. අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 11ක් ඉල්ලයි. එහෙත් අලුත් ශීතකරණයට මිල රුපියල් ලක්ෂ 17කි. එහි එකලා විදුලියෙන් ක්‍රියාත්මක ශීතකරණය දෙසතියකට පෙර කැඩී ගියේය. එය දැන් අලුත්වැඩියා කරන බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර පියල් සමරවීර පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික, අගේ ඇති අදහසක්නේ. කට චුට්ටක් අරින්න මසුරමක් දාන්න. (නි)
රානිටත් වෙන මොකක්හරි අසනීපයක් තියෙන හැඩයි මට පෙනෙන්නේ.... (නි)
ඉන්දික නිවැරදියි (නි)
මැරිච්ච මිනිස්සුන්ට අයිති කරුවන් නැතිනම් රෝහලෙනම මිහිදන් කරන්න (දී)
එච්.ඒ.ලාල් (H.A. Lal) කියලා නම ගහපු කෙනෙක් ඉන්නවා නම් වහාම මෘත දේහයෙන් නම ගළවන්න. හලාල් කියලා වැරදිලා උස්සගෙන යයි. (නි)
පිටිගල මිලානෝගේ අදහසත් නරකම නැහැ නේද?(නදී)
කෝ සේනාව (ස)
පුස් රාණි සේනාවම එන්න ඕනද එක්කෙනෙකුට බැරිවෙයිද (ස)
ළඟපාත කඩේකින් අධිශීතකරණයක ඉඩක් වත් කුලියට ගන්න කරන කුමන්ත්‍රණයක්වත්ද ? (ස)
රානි , රෑට නාලා එහෙම ඉන්න, සේනාව ගෙදරට ඒවි..!! (ස)
මැරිලාවත් ඉන්න බැහැනේද (දී)
අයියෝ සල්ලි (දී)
තාවකාලික විසදුමක් වශයෙන් වරායේ ශීතාගාරයවත් අපි භාවිතා කරමු. (නි)
රාණි නිකන් නසරාණි වගේ සේනාව සොයන්නේ ඒකටත් වැරදි සේනාවද ? (ස)
පිටිගල, කොහෙන්ද අනේ ඔයාට ඔය අදහස් එන්නේ, රාණිටත් සෙන භීසනේ හැදිලා වගේ, බලන්නකෝ ගොඩ වෙදකමක් වත් කරලා සනීප කරන්න පුළුවන්ද කියලා (ස)
ඉන්දික ඔබ හරි. දැන් මිනිස්සුන්ට මොනවා වුණත් ඕනෑ සේනාව. (නි)