අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ තරග ලෙස අද (11) පැවැති තරගවලදී පානදුර ක‍්‍රීඩා සමාජය කඩුලූ 7 කින් කොළඹ ප‍්‍රධානතම කී‍්‍රඩා සමාජයක් වන ද්‍රවිඩ සංගම් පිල පරාජය කිරීමට සමත් විය. මුවර්ස් පිලේ සුජිත් නිකේතන (105), වරාය අධිකාරියේ ගයාන් මනීෂාන් (නොදැවී 102), එන්.සී.සී. පිලේ ෆර්විස් මහරුෆ් (නොදැවී 101) සහ පානදුර පිලේ ලසිත් ප‍්‍රනාන්දු (101) දෙවැනි දිනයේ ශතක ලාභිහු බවට පත්වූහ. පිට දඟ පන්දු යවන කෞෂල්‍ය ගජසිංහ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 6 කට කඩුලූ 5 ක් දවාගනිමින් ගාල්ල ක‍්‍රිකට් සමාජය නොසිතූ ජයග‍්‍රහණයක් දක්වා රැගෙන ඒමට සමත් විය. ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (ගාල්ල පිලට ලකුණු 44 ක ජයක්) ගාල්ල පිල ඕවර 36.1 කදී 125(අනිල් රිදීගම්මනගෙදර 27, ඉරෝෂ් සමරසූරිය 25, යොහාන් කුමාර 33/2, ධනංජය මෙන්ඩිස් 16/5, බුද්ධික ද අල්විස් 26/2) නාවික හමුදා පිල ඕවර 37.4 කදී 81 (අවිෂ්ක පීරිස් 15, යොහාන් කුමාර 31, උමේග චතුරංග 14/2, කෞෂල්‍ය ගජසිංහ 6/5, රජිත් ප‍්‍රියාන් 17/2) පී. සරා ක‍්‍රීඩාංගණයේදී (පානදුර පිලට කඩුලූ 7 ක ජයක්) ද්‍රවිඩ සංගම් පිල ඕවර 49.4 කදී 219 (මහේල උඩවත්ත 19, සචිත‍්‍ර සේරසිංහ 63, දෙනුවන් රාජකරුණා 33, පුලින තරංග 27, තිළිණ තුෂාර 43, විරාජ් පුෂ්පකුමාර නොදැවී 15, දනුජ නන්දන 45/2, ලසිත් ප‍්‍රනාන්දු 9/3, ගයාන් සිරිසෝම 50/2, අමිල පෙරේරා 38/2) පානදුර ක‍්‍රීඩා සමාජය ඕවර 47.4 කදී කඩුලූ 3 ට 223 (ලසිත් ප‍්‍රනාන්දු 101, ඉෂාන් මුතාලිප් 59, චානක විජේසිංහ නොදැවී 15, චාමර සිල්වා නොදැවී 28, තිලකරත්න සම්පත් 41/3) එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී (එස්.එස්.සී. පිලට කඩුලූ 9 ක ජයක්) ලන්කන් පිල ඕවර 32.3 කදී 100 (දේශාන් ඩයස් 21, ඕෂද ප‍්‍රනාන්දු 16, අමිල් ප‍්‍රසාද් 22/2, සචිත‍්‍ර සේනානායක 20/3, කසුන් මධුසංඛ 15/3) එස්.එස්.සී. පිල ඕවර 14.3 කදී කඩුලූ 1 ට 102 (ධනුෂ්ක ගුණතිලක 18, කෞෂාල් සිල්වා නොදැවී 66) බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බී.ආර්.සී. පිලට කඩුලූ 4 ක ජයක්) බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 48.2 කදී 153 (සමන් ජයන්ත 59, සංජය ගංගොඩවිල 49, මලිත් කුරේ 22/2, එරංග ගංගොඩ 22/2) බී.ආර්.සී. පිල ඕවර 35.5 කදී කඩුලූ 6 ට 154 (හෂාන් ගුණතිලක 31, ඇන්ඩි සොලමන්ස් 54, මලිත් කුරේ 19, එරංග ගංගොඩ නොදැවී 18, චතුර රන්දුණු 28/2) කොළඹ රාජකීය විදුහල් ක‍්‍රීඩාංගණයේදී (සී.සී.සී. පිලට කඩුලූ 9 ක ජයක්) සැරසන්ස් පිල ඕවර 26.1 කදී 112 (අමිල මෙන්ඩිස් 23, විකුම් බණ්ඩාර නොදැවී 32, අරෝෂ් ජනෝද 19/2, හසන්ත ප‍්‍රනාන්දු 34/3, චින්තක පෙරේරා 31/4) සී.සී.සී. පිල ඕවර 21.5 කදී කඩුලූ 1 ට 113 (සමීන් කදනාරච්චි නොදැවී 74, ළහිරු වේරගල 25) පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට කඩුලූ 6 ක ජයක්) ගුවන් හමුදා පිල ඕවර 36 කදී 144 (සජිත් කැළුම්ප‍්‍රිය 37, රජිත රත්නායක 25, රාජු ගයාෂාන් 25, ශානක ශමින්ද නොදැවී 20, නුවන් ලියනපතිරණ 24/3, අජන්ත මෙන්ඩිස් 44/4, රවින්ද්‍ර පල්ලියගුරු 17/2) යුද හමුදා පිල ඕවර 34.2 කදී කඩුලූ 4 ට 147 (මංජුල ද සොයිසා නොදැවී 53, සීකුගේ ප‍්‍රසන්න නොදැවී 57) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට ලකුණු 101 ජයක්) රාගම පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 280 (මයිකල් වැන්ඩොට් 38, ඉයන් ඩැනියල් 64, උදාර ජයසුන්දර 29, ළහිරු තිරිමාන්න 19, ශාලික කරුණානායක 39, කෞෂල්‍යවීරරත්න නොදැවී 75, අකිල ජයසුන්දර 18/2) මේරියන්ස් පිල ඕවර 43.4 කදී 179 (ප‍්‍රජීව් ජෑන්ස් 20, ගීත් කුමාර 24, උමේෂ් කරුණාරත්න 56, හේෂාන් වන්නිආරච්චි 21, අකිල ජයසුන්දර 23, නිලංක පේ‍්‍රමරත්න 34/2, මිලින්ද සිරිවර්ධන 34/2, රුෂාන් ජලීල් 20/3, මාලිංග බණ්ඩාර 40/2) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට කඩුලූ 8 ක ජයක්) බදුරලිය පිල ඕවර 41.2 කදී 135 (සුබ‍්‍රමනී සිවා 31, සහන් විජේරත්න 32, රුවින්ද ශාමෙන් 22, ඉෂාන් ජයරත්න 34/3, අකිල ධනංජය 31/4) කෝල්ට්ස් පිල ඕවර 28.2 කදී කඩුලූ 2 ට 141 (ෂෙහාන් ප‍්‍රනාන්දු 55, හර්ෂ විතාන නොදැවී 60) වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී (වරාය අධිකාරියට කඩුලූ 8 ක ජයක්) කුරුණෑගල තරුණ පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 255 (මනෝජ් සරත්චන්ද්‍ර 51, භාතිය රත්නායක 37, ධනුෂ්ක ප‍්‍රදීප් 16, සිසිර කුමාර 43, චරිත් තිසේරා 39, නන්දික අබේසිංහ නොදැවී 30, ඉසුරු උදාන 47/2, චාමිකර බණ්ඩාර 30/2) වරාය අධිකාරි පිල ඕවර 45.3 කදී කඩුලූ 2 ට 256 (ගයාන් මනීෂාන් නොදැවී 102, යොහාන් ද සිල්වා 42, අෂාන් ප‍්‍රියංජන් 60, ඉසුරු උදාන නොදැවී 34) එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී (එන්.සී.සී. පිලට කඩුලූ 7 ක ජයක්) මුවර්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 257 (හර්ෂ කුරේ 21, සුජිත් නිකේතන 105, ඉන්දික ද සේරම් 59, ජනක ගුණරත්න 31, අකලංක ගනේගම 50/3, චමින්ද විදානපතිරණ 46/2, ජෙහාන් මුබාරක් 34/2) එන්.සී.සී. පිල ඕවර 44 කදී කඩුලූ 3 ට 258 (නිරෝෂන් දික්වැල්ල 48, ෆර්විස් මහරුෆ් නොදැවී 101, චාමර කපුගෙදර නොදැවී 84)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd